වෙන දේ හිතා ගන්න බෑ. හිතන දේ වෙන් නෑ. ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මේ දවස්වල ක්‍රිකට් ගැන ඇහුවම දෙන උත්තරේ. ඇත්තටම ඕක කියන්න ඇමතියෙක් ඕන නෑ නේද ?
ඇමතිතුමා අපේ tv එකේ ක්‍රීඩා වැඩසටහනක් තියෙනව. එන්න පුලුවන්ද ? මොනව ගැනද ඒකේ ඔයාල කතා කරන්නේ. ක්‍රිකට් ගැන වගෙම ක්‍රීඩාව ගැනත් කතා කරනව ඇමතිතුමා. අනේ. මේ වෙලාවේ මට ක්‍රිකට් ගැන නෙමෙයි ක්‍රීඩාව ගැනත් මාධ්‍යට මොකුත් කියන්න බෑ.
ඇමතිතුමා අර ගිය මාසේ තිබ්බ මාධ්‍ය හමුවේ වගේ කතා ටිකක් කිව්ව නම් ඇති. ඒක මේ සිරස අය ලෑස්ති කළ එකක්නේ. ජනාධිපතිතුමා කිව්ව කියල මාත් කළා. ඒකට ඇමතිතුමා ඇයි අපිට එන්න කිව්වේ නැත්තේ. අපේ ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයවත් මේ ගැන දන් නෑ. එයාල දැන ගත්තෙත් tv එකේ යනකොට. සිරස අර නිව්ස් කියන මල්ලි තමයි වැඩේ ලෑස්ති කරල තිබ්බේ.
අනේ අපොයි. ක්‍රීඩා ඇමතිකම ළමෙක්ට දුන්න නම් ඉවරයි. බලේට එන්න කලින් අනුර කුමාර දිසානායක ක්‍රිකට් එක පතුරු ගැහුවා. සුනිල් හදුන්නෙත්ති ඇමතිමා ඒ කාලේ ක්‍රිකට් එකේ හොරකම් එලිකළේ විගණකාධිපති වාර්තා එක්ක. හදුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුවෙදි දීපු විගණකාධිපති වාර්තා හෙට අනිද්දට එලියට දානව. තාම ඒක කළේ නැත්තේ රෙද්දක් ඇදන් අනුර අයියයි හදුන් අයියයි පාරේ බැහැල යන්නේ කොහොමද කියල හිතල.
නාමල් රාජපක්ෂ තමයි වත්මන් ක්‍රිකට් සභාපති ශම්මිගේ පිටිපස්සේ ඉන්නේ. ඔව්. ශම්මි විගණන වාර්තා දුන් නැති උනාම බැක්ඩේට් කරල ගැසට් එකක් ගහල ශම්මිව රැක්කේ ලක්ෂ 500ක ඩීල් එකක් වෙනුවෙන් කියල නාමල් ගැන ඒ දවස්වල බොහෝ දෙනෙක් කිව්වා.
සජිත් ප්‍රේමදාස කියන්නේ ශම්මිට එරෙහිව එක වචනයක් අඩුම පාර්ලිමේන්තුවේ වත් හරියකට කියපු හාදයෙක් නෙමෙයි. ඉතින් ඒ කවටයා ගැන වැඩිය ලියන්න ඕන නෑ.
රනිල් කියන්නෙත් හරීන් ප්‍රනාන්දු හරහා පසුගිය මැතිවරණ වෙනුවෙන් ශම්මිගෙන් සල්ලි ගත්ත පොරක්.
රොටියා නැත්නම් දිලිත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට රට යන්න, ටිකට් විකුණන එකේ ඉදන් වීසා ගැනීම ඇතුලු වැඩ ගොඩක් ශම්මි එක්ක හවුල් ව්‍යාපාරයක් විදිහට කරනව. ඌ සුදු ඇදන් ඉන්න කම්බ හොරෙක්. අන්න ඒක තමයි මචං. ක්‍රිකට් ශම්මිගෙන් සල්ලි ගත්ත නැති එකෙක් නෑ.
ඔව් ඔව්. ඒකනේ මුලින්ම මම කිව්වේ. මේ හොරු රැල වත්මන් ආණ්ඩුවටත් කකුල් මාට්ටු දාල කියල. ඉතින් ක්‍රිකට් භාර අරන් ලෝකේ හොල්ලන ක්‍රිකට් කණ්ඩායමක් හදන්න රොෂාන් මහානාම ඉදිරිපත් උනත් වැඩක් නැති වෙලා. මහානාම ඇදුම් මහන් බලන් ඉන්නව කියල ශම්මි ක්‍රිකට් එක ඇතුලේ හැම තැනම විහිලු කර කර හෑල්ලු කරනව කියල ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයෙක් කිව්ව.
ක්‍රිකට් වලට ආදරේ කරන රට දිනනව දකින්න කැමති ඔයා මොකද හිතන්නේ. මේ යන විදිහට කටුස්සෝ වගේ පාට මාරු කරන ආණ්ඩුව ශම්මිව මට්ටු කරයිද ? නැත්නම් අනුර ඇතුලු ආණ්ඩුව මට්ටු වෙයිද ?
හසිත අකලංක දෙයාලගේ

