සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් දාහතර දෙනකුට ඉතිහාසයේ වැඩිම දඩ මුදල ගංගොඩවිල මහේශ්‍රාත් අධිකරණය නියම කර තිබෙි.
නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනියගේ නියෝග මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්ය අංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් සී සපුගොඩ විසින් පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වෙනි දින මහරගම නගර මධ්‍යයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය වටලා කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු 14 දෙනකු අත්ඩංගුවට ගත්තේය.
පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරිය රුපියල් දස ලක්ෂ පනස් දහස් නමසීයක මුදලක දඩයක් ගෙවීමට නියෝග කළා.මෙයට අමතරව කාන්තාවන් නම දෙනාට වසර තිහක අත්හිටවූ සිර දඩුවමක් සහ කළමනාකාරවරුන් දෙදෙනාට සහ මධ්‍යස්ථානයේ හිමිකරුට මෙන්ම ගොඩනැගිලි හිමිකරුටද වසර විස්සක අත් හිටවූ සිරදඬුවමක් නියම කළේය.පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ වැටලීම සිදුවූ කළ දිනට පෙර දින නවයකදී ගණිකා මධ්‍යස්ථානයේ ආදායම ක් රුපියල් 60 92500 ක් බවයි. ගණිකා මධ්‍යස්ථානයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසකට ලබා දුන් වැඩිම දඩ මුදල සහ දඬුවම ඉතිහාසයේ පලමු වරට බවද වාර්තා වෙනවා.

