ගමට පත්විම නොදුන් නිසා පහළ නිළධාරින්ගේන් පළිගන්නා මාතලේ SSP

මාතලේ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ක්‍රියා කළාපය නිසා එහි සේවය කරන නිළධාරින් දැඩි පිඩාවට ලක්ව ඇති බව වාර්ථාවෙි.

මෙම ජේෂ්ඨ පොලිස් අධීකාරිවරයාද මාස හයක පමණ කාලයක දී   විශ්‍රාම යාමට නියමිතව සිටියදී පොලිස් පති චක්‍රලේඛණවත් නොසලකා විශ්‍රාම යාමට ආසන්න විශාල නිළධාරින් ප්‍රමාණයක් ස්ථාන මාරු කර යැවිමට කටයුතු කර ඇත.

විශ්‍රාම යාමට නියමිත නිළධාරින් ස්ථාන මාරුවිම් නොකරන ලෙසට පොලිස්පතිවරයා චක්‍රලේඛණයක් මගින් දන්වා තිබියදී වයස 55 වැඩි නිලදාරින් අනුපහකට වැඩි පිරිසක් ස්ථාන මාරුවිමිල කර ඇති අතර ඉන් හතලිහකට වැඩි පිරිසක් තවත් වසර දෙක තුනකින් විශ්‍රාම යාමට නියමිත බවට වාර්ථාවෙි.ඊට අමතරව   මාස තුන , මාස හය, අවසරට අඩු කාලයකින් විශ්‍රාම යන නිළධාරින් විස්සකට වැඩි පිරිසක් සිටින බවද සදහන් වේ.මෙම නිළධාරින්ට සිදුවු අසාධාරණය ගැන ජේසඨ පොලිස් අධිකාරිවරයා හමුවී කතා කිරිමටවත් ඉඩක් ලබා නොදෙන්නේ මුලික මිනිස් අයිතිවාසිකම්ද කඩ කරමිණි. මෙම පලිගැනිම සිදු කිරිමට හේතුවී ඇත්තේ ඔහුට සිය ගම වන කැගල්ලට ස්ථානමාරුවිම් නොදිම නිසා බව සදහන්වේ.

මේ අතර මෙම නිළධාරියා යන යකා කොරහත් බිදගෙන යන නියායේ සිට විශ්‍රාම යාමට ප්‍රථම අතට කියක් හෝ හොයා ගැනිමට පටන් ගෙන ඇත. ඒ අනුව මාතලේ පොලිස් කොඨඨාශයේ ඇති පොලිස් ස්ථානවල ගොඩනැගිලි ඉදිකරමින් අනවශ්‍ය මිලදි ගැනිම් කර එමගින් අතයට මුදල් ලබා ගන්නා බව වාර්ථාවෙි.ඒ සදහා එහි ගණකාධිකාරිවරයාද සහය දක්වන බව කියැවේ.

ඊට අමතරව තමන්ට හිතවත් නිලදාරින් එහි පොලිස් ස්ථානවල හා එකකවල ස්ථානවල ස්ථාධිපතිවරුන් ලෙස පත් කර සවසට සප්පායම්විමට අවශ්‍ය රහමෙර හා කටගැස්ම සොයා ගැනිමට කටයුතු කරයි.ඒ අනුව කැබිතිගොල්ලැව හිටපු පොලිස් පරික්ෂක හරිස්චන්ද්‍ර මාතලේ දිස්ත්‍රික් දුසණ මර්ධන ස්ථානාධිපති ලෙසත්,මාතලේ අපරාධ මර්ධන ස්ථානාධිපති ලෙසඋප පොලිස් පරික්ෂක ප්‍රේමසිරි,මාවතගම සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් ජයරත්න මාතලේ හයිවේ ට්‍රැෆික් ස්ථානාධිපති ලෙසත් පත්කර ගෙන ඇත.මොවුන් මෙම නිලදාරියාගේ අවහ්‍ය ඕනෑ එපා කම් දිනපතා සපුරන අතර මහවෙල ඕඅයිසී පාලිත ජයරත්න සමග සතියකට කිහිපවතාවක් විල්ගමුව ආදි ප්‍රදේශවල මැණික් ව්‍යපාරිකයින්ගෙන් මත්පැන් බිමට යන බව වාර්ථාවෙි.මොහුගේ හොදම ගොලයා වී ඇත්තේ දිස්ත්‍රික්කය පුරා වයින් ස්ටොර්ස් දහයකට වැඩි ප්‍රමාණයක් ඇති මැණික් ව්‍යපාරික සංජිව නැමැති අය වන අතර ඔහු සමග එම ප්‍රදේශයට ගොස් සතිපතා පාර්ටි දමන බව වාර්ථාවෙි.

මොහුගේ ඕනෑ එපාකම් ඉටු නොකරන නිලදාරින්ට දිගින් දිගටම හිරිහැර කරමින් කටයුතු කරන බවද වාර්ථාවෙි.සිගිරිය පොලිසිට තම ගෝලයෙකුවන හුරිගස්වැව පොලිසියේ තිලක් කුමාරව පත් කර ගැනිමට නොහැකිවු  තැන එම ස්ථානයට පත්ව ආ ස්ථානාධිපති ප්‍රදිප් නැමැති නිළදාරියාට දිගින් දිගටම හිරි හැර කරනුයේ ඔහුගේ අවශ්‍යතා සැපයිමට නොහැකි විම නිසා බව වාර්තාවෙි.

මෙම නිළදාරිළධාරියා සමග කොඨඨාශයේ ඇති පොලිසිවල ස්ථානාධිපතිවරුන් තිදෙනා බැගින් දින දෙකෙන් දෙකට මත් පැන් පානය කිරිමට පැමිණිය යුතු අතර එසේ සාද නොවත්වන නිළධාරින්ට දිගින් දිගටම ප්‍රශ්න පතු කරන බව වාර්ථාවෙි.එවැනි තත්වයන් මත බොහො නිලදාරින් ස්ථාන මාරුවිම් ලබා ගෙන ගොස් ඇති අතර තවත් නිළධාරින් විශ්‍රාම යාමට සිය ලිපි ගොනු භාරදී ඇති බව සදහන්වේ.
ඒ ආකාරයටකන්දේ නුවර ස්ථානාධිපතිවරයා ස්ථානමාරුවිම ලබා ගෙන ගොස් ඇති අතර මාතලේ දිස්ත්‍රික් 1 කොඨඨාශයේ සහකාර පොලිස් අධිකාරිවරයාද ස්ථා මාරුවිමි ලබා ගෙන ගොස් ඇත.මිට අමතරව යටවත්ත පොලිසියේ ස්ථානාධිපති මංජුල අබේකොන් තව වසර දහයකට වඩා සේවය කිරිමට තිබියදී විශ්‍රාම ගෙන තිබෙි.එසේම රත්තොට පොලිසියේ ස්ථාධිපති ශ්‍රිලාල් හෙට්ට්ආරච්ච් ද විශ්‍රාම යාමට අවශ්‍ය ලිපිගොනු භාර දී ඇති බව වාර්ථාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *