ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ශම්මි සිල්වාගේ පරිපාලනය වෙනස්වීමට යාමත් සමග ක්‍රීඩා සමාජ බොහෝමයක නිලධාරීන් පසුගියදා පුංචි බොරැල්ලට රැස්වී තිබෙනවා. රහසිගත රැස්වීමක් ලෙස පැවති එහිදී ක්‍රීඩා සමාජ නිලධාරීන් බොහෝමයක් තිලංග සුමතිපාලගෙන් ඉල්ලා ඇත්තේ ක්‍රිකට් පාලනය වෙනස් කිරීමට මැදිහත්වන ලෙසයි.
එහිදී තිලංග සුමතිපාල පවසා ඇත්තේ ශම්මි සිල්වාව පාලනයට ගෙන එමින් සිදුකළ වරද නිවැරදි කිරීමට තමන් අවශ්‍ය සහය ලබා දෙන බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලවරණයේ සියයට 64ක ස්ථාවර ඡන්ද සංඛ්‍යාවක් තිලංග සුමතිපාල සතු වනවා. නාමික ක්‍රීඩා සමාජ හා පාලන ක්‍රීඩා සමාජ ලෙස තිලංග මෙම ක්‍රීඩා සමාජ ඡන්ද පවත්වාගෙන යනවා. මේ හේතුවෙනුයි ක්‍රිකට් නිලවරණයකදී කවුරු ඡන්දය ඉල්ලුවත් තිලංග සුමතිපාල සහය දක්වන පාර්ශ්වය ජයග්‍රහණය කරන්නේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක, දිනෙන් දින ක්‍රිකට් පරිපාලනයට ජනතාවගෙන් හා මාධ්‍ය මගින් එල්ලවන දෝෂාරෝපණය වෙනුවෙන් ක්‍රියාත්මකවීම ආරම්භ කර තිබෙනවා. පසුගිය සතියේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් හා විශ්‍රාමික ක්‍රිකට් පාලකයන් කිහිප දෙනෙක් ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණා. ඒ වත්මන් ක්‍රිකට් හොරු රැල වන ශම්මි සිල්වා ප්‍රමුඛ නඩය එලවා දැමීමට ක්‍රිකට් ඇතුලාන්තය පිලිබඳ තොරතුරු ලබා ගැනීමටයි.
පවතින තත්ත්වය සමග ශම්මි සිල්වාගේ දෑත් ශක්තිමත් කරමින් කොමිස් ලබා ගත් ක්‍රීඩා සමාජ නිලධාරීන් තිලංග සමග එක්ව තවත් රූකඩයක් බලයට ගෙන ඒම සදහා පිබුරුපත් සකසමින් තිබෙනවා.
ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස පවතින දූෂණ හා අක්‍රමිකතා රට හමුවේ අනාවරණය කරමින් ඉල්ලා අස්වීමක් නුදුරු දිනකම සිදු කිරීමට සැලසුම් කරමින් ඇත්තේ මේ යටතේයි. අනතුරුව රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සමගින් යලිත් ජයන්තට ජාත්‍යන්තර ක්‍රිකට් භාරදී එය නගා සිටුවීමට අතදීමට ආරාධනා කරනු ඇති.
හසිත අකලංක දෙයාලගේ
2026-03-25

