අප්‍රේල් මාසයේ ඩිසල්   රුපියල් 500 මිලකට ඉහළ යා හැකි  අවදානමක්

ලබන අප්‍රේල් මාසයේ සිට ඩිසල් ලීටරය රුපියල් 500 මිලකට ආසන්න විය හැකි බව තෙල් සංස්ථා ආරංච් මාර්ග සදහන් කරයි. ඊට හේතුව නියමිත දිනවලට ඉන්දන් ඇනවුම් නොකිරිම නිසා පසුගිය 17 වෙනිදින සිංගප්පුරු සමාගමකින් වැඩි මිලට ඩිසල් හා පෙට්ට්‍රල් ඇනවුම් කර තිබිමයි.

මිට පෙර ප්‍රිමියම් අගය 7කට ඇනවුම් කළ ඉන්දන සිංගප්පුරුවේ ආදිත්‍ය නැමැති සමාගමෙන් ඇනවුම් කර ඇත්තේ ප්‍රිමියම් අගය 45ක ඉහළ අගයකටය.

ඒ අනුව එම සමාගමෙන් ඇනුම් කළ ඩිසල් මෙට්‍රික්ටොන් හතලිස් දහසක් අප්‍රේල් 07 දිනත් පෙට්ට්‍රල් මෙට්ට්‍රික්ටොන් තිස්පන්දහසක් 12 දිනත් මෙරටට ලැබිමට නියමිතය.එම තත්වය තුළ ඩිසල් ලීටරයක් රුපියල් 500කට ආසන්න මිලකටත්, පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 400 ආසන්න මුදලකටත් මිල ඉහළ යා හැකි බවට සංස්ථාව පුරෝකතනය කර ඇති බව එහි අභ්‍යංතර ආරංච් මාර්ගවලින් වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *