පල්ලේකැලේ  යුදහමුදා රෝහල පණ දෙන්න සෞඛ්‍ය ඇමතිට බැරිද

මහනුවර පල්ලේකැලේ යුදහමුදා රෝහල නමට පමණක් විවෘත් කර ඇති නිසා එහි සේවාව ලබා ගැනිමට පැමිණෙන හමුදා සමාජිකයින් දැඩි අපහසුතාවයට ලක්විමට සිදුව තිබෙි.
එහෙත් රෝහලට අවශ්‍ය විශේෂඥප වෛද්‍යවරුන් නොමැති නිසා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන නිළධාරින් දැඩි ගැටලුවකට මුහුණ පා ඇත.
සායනික ප්‍රතිකාර නොමැති අතර ඇතැම් දිනවලට කොළඹ සිට අන්තර්ජාලය ඔස්සේ රෝගින්ට ප්‍රතිකාර ලබා දෙන අතර සේවයේ නියුතු හමුදා සමාජිකයින්ට පමණක් වාට්ටුවක් විවෘත කර ඇති අතර විශ්‍රාමික නිළධාරින්ට එම පහසුකම් නොමැත.එසේ විශ්‍රාමික හමුදා නිළදාරින්ට හා එම පවුල්වල සාමාජිකයින්ට ප්‍රතිකාර සදහා යොමු කරන් ලබන්නේ මහනුවර ජාතික රෝහලටය.
තවත් අංග සම්පුර්ණ වාට්ටු කිහිපයක් ඇතත් එවා ක්‍රියාත්මක නොවිම නිසා එහි ඇති රෝහල් උපකරණද විනාශ වෙමින් පවති.
ඊට අමතරව රෝහළට අවශ්‍ය බෙහෙත් ද ප්‍රමාණවත් නොලැබිම නිසා රෝගින්ට පිටතින් මුදල් ගෙවා බෙහෙත් ලබා ගැනිමට සිදුවඇත.
අංග සම්පුර්ණ ශ්‍යල්‍යාගාර, විශාල මුලුතැන්ගෙය ඇතත් එවා භාවිතා නොවිම නිසා එම උපකරණද සදහා ලබාදි තිබු වගකිම් කාලයද ඉක්මව ගොස් තිබෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *