මහජන ආරක්ෂක අමාත්‍යාංශයට උපදේශකයකු සොයමින් සිටී

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමතිවරයා ලෙසට පත් වන්නේ හිටපු උප පොලිස් පරීක්ෂකයකු වූ ආනන්ද විජේපාලය. එම අමාත්‍යාංශයේ අනෙක් ප්‍රධාන තනතුරු ලබා දෙන්නේ පොලිස් විශ්‍රාමික සංසදයේ ඉහල පිටු දැරූ අයටය. අමාත්‍යාංශයේ ලේකම් ලෙස පොලිස් විශ්‍රාමික සංසදයේ ප්‍රධානී රවී සෙනවිරත්න පත්වූ අතර සම්බන්දීකරණ ලේකම් ලෙසට එම සංසදයේ විධායක කමිටු සාමාජික ගජසිංහ පත්විය. අමාත්‍යාංශයේ උපදේශක ලෙසට පත්වූයේ එම සංසදයේ ම විධායක කමිටු සාමාජික රණවීරය.

රණවීර කලක් යූඑන්පී ආණ්ඩුවේ සිටි 87/89 කාළයේ පුද්ගලික වධකාගාරයක් පවත්වාගෙන ගිය කටුබැද්ද සීටීබී බස් ඩිපෝව ප්‍රසිද්ධියේ ගිනි තැබූ සහ ශ්‍රීලංකා මහජන පක්ෂයේ නායක විජය කුමාරතුංග ඝාතනය කිරීමට ගිණි අවියසැපයූ සහ පසුව මහින්ද රාජපක්ෂට එක්වූ ගාමිණී ලොකුගේගේ ඥාති පුත්‍රයෙකි. එසේම 87/89 සමයේ ඔහු වැලිපැන්න පොලීසියේ ස්ථානාධිපතිය. එකල ඔහු කල පොලිස්පති තුමාගේ ඇගයීමට ලක්වූ රාජකාරියක් වූයේ ජවිපෙ නායක රෝහණ විජේවීර ගේ නිවසේ සිට ආවතේව කල කළු අක්කාගේ ස්වාමිපුරුෂයව අත් අඩංගුවට ගෙන දෙතිස්වද දී මරා දැමීමය.

රණවීර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වූ පසුව වැටුප් ලබා නොගෙන එම නිළය ආදායම් මාර්ගයක් බවට පත්කරගත් අයෙකි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපති වරු දක්වාපත් කිරීම් මුදලට වික්කේය. ඔහුගේ ආනුභාවය ලැබූ සමහර නිළධාරින් ස්ත්‍රී දූෂකයන්‍ ය. සමහරු පගා මරුවන්ට. සමහරු යන යනතැන ගෙවල් සදා විකුණන ව්‍යාපාරිකයන්‍ ය. ඒත් තමාට ඔවුන් ගෙන් ලැබෙන කුට්ටිය රණවීරට ලොකුය. කාන්තාලොල් රණවීරට සමහරු ප්‍රසිද්ධියේ කාන්තාවන් සැපයූවෙිය. දැනට නුවර ඩීඅයිජී නුවරඑළියේ  එස්එස්පී තෙල්දෙණිය එස්එස්පී එවැනි නාරිමාංශ සැපයූ අයය. මෑතදී රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද රහස්‍ය වාර්ථාවක් දැක රණවීර තිගැස්සුනි. ඒ වත්මන් ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය කෙමෙන් වැඩිවන බවයි. එය දුටු රණවීර මිතුරෙකුටකීවේ “එන පොට හොඳනෑ මේකේ හිටියොත් ගුටිකාල මැරෙන්නයි වෙන්නේ “කියාය එතැන් සිට රණවීර අමාත්‍යාංශයට පැමිණියේ නැත. දැනට සති තුනක සිට රණවීර මිෂිංය. ඒ නිසා දිනෙන් දින වලපල්ලට යමින් සිටින පොලීසිය ගොඩගැනීමට උපදෙස් ලබාගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට උපදේශකයකු සොයමින් සිටීයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *