පසුගිය දිනක දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්ඩංගුවට ගන්නා ලෙසින් පෑලියගොඩ දී පස්සෙන් පන්නාගෙන ගොස් හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සේම හිටපු ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි සුරේෂ් සලේව ආපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොහොත් කාටත් හුරුපුරුදු සීඅයිඩී නිළධාරින් විසින් අත්ඩංගුවට ගෙන තිබුණි. මෙම අත්ඩංගුවට ගැනීම එසේ සිදුකලේ ඇයිදැයි වැඩිදුර සෙවීමේදී අනාවරණය වූ තොරතුරු දැනගත් විට ඔබද මවිත වනු නොඅනුමාන ය.
සුරේෂ් සලේ අත්ඩංගුවට ගැනීමට සමගමීව තවත් කාර්යක් සිදුවිය. ඒ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය සිදුවූ දින කොළඹ ෂැංග්‍රිලා සහ කිංස්බරි හෝටල් දෙකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කල ත්‍රස්ථවාදීන් දෙදෙනාගේ පියාවූ 2015
මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂක ඊබ්‍රාහිම් නානාගේ සතුව තිබී පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔහුව අත්ඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටියදී පොලිස් භාරයට ගන්නා ලද ඔහු සතුව තිබූ රන් රිදී සහ මැණික් නැවත ඔහුට සතියක් තුල භාර දෙන ලෙසට අධිකරණය විසින් ලබාදුන් තීන්දුවයි.
වත්මන් පාලකයන් මීට මාස කීපයකට පුන පුනා කීවේ පෙර ආණ්ඩුවල මැති ඇමති වරුන්ට වෙන් කල නිල නිවාස පාවිච්චියට නොගන්නා බවත් එම නිවාස වලින් නිල නිවාස තුනක විශේෂ මහාධිකරණ පිහිටුවා එයින් එක් මහාධිකරණයක එක් දිගට පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් දැනට අධි චෝදනා බාරදී ඇති සැකකරුවන් 25 කට එරෙහිව නඩුව අසන බවය. එම නඩුවෙහි ප්‍රධාන සාක්ෂිකරු සුරේෂ් සලේය. දෙවන සැකකරු රොහාන් ගුණරත්න ය. එම සැකකරුවන් නිදොස් කර නිදහස් කර දෙන ලෙසට ඔවුගේ පාර්ශ්වයෙන් ආණ්ඩුවේ ඉහලම තැනකින් ඉල්ලීමක් කර ඇති අතර ඒ සදහා රුපියල් කෝටි 20 ක ලන්සුවක්ද තබා ඇත. එසේ කිරීමට නම් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ විශ්වාසනීයත්වය බිඳ හෙලිය යුතුය. ප්‍රධාන සාක්ෂිකරු ඒ නඩුවට සමගාමී නඩුවක සැකකරුවකු කිරීමෙන් එය ඉතා ලෙහෙසියෙන් සිදුවේ.
සුරේෂ් සලේ සමග ආරෝව තිබුණේ එල්ටීටීඊ යට් සහ එය විනාශ වූ පසු ඇමරිකාවේ සිටින නීතීඥයකු වූ රාජ කුමාර්ගේ ප්‍රධානත්වයෙන් බිහිවූ ටැමිල් ඩයස්ෆෝරාවටය. ඒ යුද්ධය පවතින අවධියේ එල්ටීටීඊ නායකයන් බොහෝ දෙනෙකු ඝාතනය කිරිමට හමුදාවට බුද්ධි තොරතුරු සැපයීමේ කාර්‍ය්යේ නිරත වූ අයගෙන් එක් අයෙක් සුරේෂ් සලේ වීමයි.
ටැමිල් ඩයස්ෆෝරාවට අවශ්‍ය වන්නේ එකට එක කිරීමක් ලෙසට සුරේෂ් සලේ සිරගත කිරීමටය. ඒ සදහා වත්මන් ආන්ඩුවේ ඉහලටම කතා කල හැකි කෙනෙක් ඔවුන් විසින් තෝරා ගෙන තිබුණි. ඒ ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සමයේදී ජාතික ජන බලවේගය වෙත මිලියන ගානක් මුදල් ලබා දීමට ටැමිල් ඩයස්ෆෝරාව සමග සම්භන්දීකරණය කල ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි වත්මන් ජනාධිපතිතුමාගේ පුද්ගලික ලේකම් මුදිත නානායක්කාර ය. ලන්සුව රුපියල් කෝටි 25 කි. එක ගලකින් කුරුල්ලන් දෙන්නෙක් වට්ටා ගන්නා කතාවේ අනික් පැත්ත විය. එක කුරුල්ලකු දඩයම් කිරීමට දෙපාර්ශවයකින් ගල් දෙක් ගසා ඇත.
ඔවුන් විසින් රුපියල් කෝටි 45 කට ගත් කොන්ත්‍රාත්තුව ඉටුකිරීමට ගොස් සියතින් ගෙළවැලලා ගත්තේ සීඅයිඩී ය. විශේෂයෙන් කොන්ත්‍රාත් පදනම මත සීඅයිඩී අධ්‍යක්ෂ ලෙසට දේශපාලන පත්වීමක් ලද විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ය. එසේ කියන්නේ ඇයි පාස්කු ප්‍රහාරය සිදුවන විට ඔහු සීඅයිඩී අධ්‍යක්ෂ වරයාය. පාස්කු ප්‍රහාරය ගැන මුලින්ම පරීක්ෂණ පැවත්වූ නිලධාරියා ඔහුය. ඔහුට ඉහලින් සීඅයිඩී යේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න අද පොලීසිය බාර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙත අදාල සැකකරුවන්ට එරෙහිව ඇති සාක්ෂි සහ ඒ පිලිබඳව කරනලද විමර්ශන යවා ඇත්තේ සීඅයිඩී විසිනි. එම විස්තර අනුව සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොණු කිරීම සහ ඔවුන්ට විරුද්ධව සාක්ෂි කරුවන් පිළිවෙලින් ඉදිරිපත් කිරීමට නීතිපති වරයා පාදක කර ගන්නේ සීඅයිඩී ය විසින් ලබා දුන් විස්තර අනුවය. එදා සීඅයිඩී යම ලබාදුන් විස්තර අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුව අද සීඅයිඩී විසින් එයට සමගාමී නඩුවක තුන්වෙනි විත්තිකරු කර ඇත.
වව්නතිව් හිදී පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු කපා කොටා ඝාතනය කිරීමේ නඩුවේ තුන්වන සැකකරු ලෙසට සුරේෂ් සලේව නම් කර ඇත. ඒ සදහා සීඅයිඩී පදනම් කරගෙන ඇත්තේ චැනල් 4 නාළිකාවට පිල්ලේයාන්ගේ ලේකම්ව සිටි අදටත් විදෙස් ගතව සැගවී සිටින අසාද් මව්ලානා එම වැඩ සටහනේදී කල ප්‍රකාශය යි. එම පුද්ගලයා ප්‍රායෝගිකව සීඅයිඩී ය වෙත ප්‍රකාශයක් ලබා දී නැත. සීඅයිඩී කර ඇත්තේ ආන්ඩුවේ ඉහලින්ම දීපු නියෝගය ක්‍රියාත්මක කිරීමය. එය තව දුරටත් ස්ථිර වන්නේ ආන්ඩුව වෙනුවෙන් ලියන කීපදෙනෙකුම මුහුණ පොතේ ලියා තිබුණේ සුරේෂ් සලේ අත්ඩංගුවට ගැනීම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක නොදැන සිටි බවයි.
ඔහු දැන සිටිබව කිසිවකු නොකියන විට ඔහුට ලැදි පුද්ගලයන් එවැන්නක් ලීවේ ඇයි. ඕනෑම අපරාධ කාරයකු අපරාධයේ යම් සටහනක් අපරාධ ස්ථානයේ තබා යනවා කියන සිද්ධාන්තය තව දුරටත් ස්ථිර කිරීම නොඇසූ දෙයක් ලියන අය සනාතකර ඇත.
මෙම සිදුවීම සිදුවන විට සලේ සිට ඇත්තේ මැලේසියාවේ ය. රොහාන් ගුණරත්න සිටියේ සිංගප්පූරුවේ ය. ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 25 කට එරෙහි නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන් වූයේ කෙසේද යන්න සීඅයිඩීයම රටට කිව යුතුය. පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම ගැන චෝදනා කරන්නේ නම් එම චූදිත ලයිස්තුවේ මුලින්ම සිටිය යුතු පොලිස් නිලධාරියා වන්නේ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න ය. දෙවෙනියා වත්මන් සීඅයිඩී අධ්‍යක්ෂ ශානි අබේසේකර ය. විනිසුරු ජනක් ද සිල්වා ගේ ජනාධිපති කොමිසම් වාර්තාව සහ ඒ එන්ජේද අල්විස් වාර්තාව පරිශීලනය කලහොත් එය ඕනෑම පොඩි එකෙකුට වුවද තීරණය කල හැක. ඒ එන්ජේද අල්විස් වාර්තාවේ 14 වෙනි පිටුවේ ඔවුන් දෙදෙනාට එරෙහිව අපරාධමය චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර ඇත. ජනක් ද සිල්වා වාර්ථවේ 144 , 145 පිටුවල ඒ පිළිබදව වැඩි දුරටත් සදහන්ව ඇත.
පාස්කු ප්‍රහාරය පිලිබඳව යම් නඩුකරයක් සාධාරණ ලෙස ආරම්භ කල හොත් එහි පලමු සාක්ෂි කරු විය යුත්තේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ය. ඒත් එය කිසි විටකත් වෙන්නේ නැත. හේතුව පාස්කු ප්‍රහාරය පිළිබදව සියළුම පරීක්ෂණ සිදුවෙන්නේ පාස්කු ප්‍රහාරය සිදුවන බව දැන දැනම පල්ලියට නොගොස් සැගවී සිට ප්‍රහාරය එල්ලවූ පසුව කරලියට පැමිණ ලොරි ටෝක් දුන් කාඩිනල් මැල්කම් රන්ජිත් ට ඕනෑ ලෙසට සිදුවීමයි. ශානි අබේසේකර යනු කාඩිනල් ගේ නූල් සූත්තර ට සහ ජනාධිපතිවරයා විසින් ලබාදෙන අනීතික නියෝග වලට නටන රූකඩයකි.
( අපරාධ පරික්ෂණ දෙපොර්තමේන්තුවේ සිට විශ්‍රාම ගිය නිළදාරියෙක් විද්‍යුත් තෑපෑලට එවු ලිපියකි)
පිළිතුරු ලබාදීමේ ඔබෙි අයිතියට ඉඩ
මෙහි පළවන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට හෝ පාර්ශ්වයක අපහසුතාවක් පැනනගින්නේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි ඔබට හෝ පාර්ශ්වයකට හැඟෙන්නේ නම්, ඊට ප්‍රතිචාර දැක්වීමට සම්පූර්ණ අයිතිය තිබෙි. www.voiceoflanka.com නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, වෘත්තීය ආචාරධර්මවලට ගරුකරන අන්තර්ජාල වෙබි අඩවියක් ලෙස පිළිතුරු ලබාදීමේ අයිතියට ගරු කරන්නෙමු.ඒ සදහා voiceofnews.sl@gmail.com අපට දැනුම්දෙන්න.
……………………………………………………………………………………………………………………..
(ඔබ දකින අහන වංචා, දුෂණ ,අක්‍රමිකථා ආදිය සාක්ෂි සහිතව අපගේ voiceofnews.sl@gmail.com විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙසත් එහි රහස්‍යභාවය සුරකින බව සහතික වන්නේමු.)

