මාසයක වැඩි කාළයකට ඉන්දන ප්‍රමානවත් බව කියු ආණ්ඩුව මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 22 ක් සහ උපරිමය රුපියල් 25 වනසේ තෙල් මිළ වැඩි කළේය. ගෘහස්ථ පාරිභෝජනය කරන භූමිතෙල් මිල වැඩිවීම රුපියල් 13 කි. එසේ තෙල් මිල වැඩි කිරීම සිදු කරේ මීට සතියකට පෙර දින 37 කට පමණ සෑහෙන තෙල් සංචිතයක් තෙල් සංස්ථාව සතුව ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ තෙල් සංස්ථාවේ සභාපති රාජකරුණා දෙපල පුන පුනා රජයේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කල පසු බිමකය. එසේම මෙම තෙල් සංචිතය මාර්තු මාසයට ප්‍රමාණවත් බැවින් කිසිදු හේතුවක් මත තෙල් මිළ ඉහල නොදමන බවට සහතික කළේය.
එසේ ප්‍රකාශ කල දෙදෙනාම නැවත මාධ්‍ය වෙත පැමිණ කීවේ එකකට එකක් නොගැලපෙන කතාය. ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ මිළ වැඩි කරේ අලුතින් ගෙනා තෙල් වලට බවයි. එය එසේ නම් දින 37 න් 7 ක් අවසන්ව තිබියදී ඉතිරි දින 30 ක් සදහාවූ තෙල් වලට වූයේ කුමක්ද? තෙල් වාෂ්ප කර හොරකම් කිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාසිටින රාජකරුණා මෙම තෙල් සංචිතයත් වාෂ්ප කරාද? කෙරවළපිටිය තෙල් ගබඩාවෙන් පසුගිය රජය සමයේදී රාජකරුණා විසින් රුපියල් කෝටි 10 ක තෙක් වාෂ්ප කර ඇත. ඒ බවුසර් පිටින් ය. ඒ බව මෑතදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රසිද්ධ මාධ්‍යට ඇවිත් ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මෙම ආණ්ඩුවේ ක්‍රමය නම් යම් පුද්ගලයකු මාධ්‍ය වෙත හෝ සමාජ මාධ්‍ය ජාලයක් හරහා මෙම ආණ්ඩුවේ පුද්ගලයකු විසින් සිදුකරන ලද වංචාවක් පිලිබඳව හෙළිදරව්වක් කලවිට රෙද්ද උස්සාගෙන දුවන්නේ පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ ශාකා සමිතියක් වන සීඅයිඩී වෙතය. නමුත් දයාසිරි මන්ත්‍රී වරයාගේ හෙළිදරව්වට යම් ප්‍රචාරයක් දුන්නේ රූපවාහිනී නාලිකා දෙකක් පමණි. ඒ හිරු සහ දෙරණ නාලිකා පමණි. සාමාන්‍යයෙන් ආණ්ඩුවට එරෙහි චෝදනා සිරස නාළිකාවට පෙනෙන්නේ නැත.
එයට හොඳම උදාහරණය නම් පසුගියදා ඔවුන්ගේ රාත්‍රී 7 ප්‍රවෘත්ති විකාශයේදී වැඩි කාළයක් මිඩංගු කරමින් තෙල් මිළ ඉහල දැමීම සාධාරණීකරණය කිරීමයි. ඔවුන් පුනපුනා කියන්නට උත්සහ කරේ ලෝකේ අනෙක් රටවල තෙල් සංචිත ඇති දින ප්‍රමාණය සහ තෙල්මිල ඉහල දමා ඇති ආකාරය යි. එහෙත් ඒ අතර තඩි බොරුවක් ද ඇද බෑවාය. ඒ ඇමරිකාවේ තෙල් මිල පසුගිය සති කීපය තුල ඉහල දැමූ බවය. ඒ පුවත ලංකාවේ ළිං මැඩියන්ට හරි ගියාට යුරෝපයේ ජීවත්වන අයට නම් ජෝක් එකකි. එම පුවත ලියූ මහත්තමයාගේ හෝ නෝනාගේ නොදන්නා කරුණක් තිබෙි. ” ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව නවසීලන්තය ප්‍රමුඛ යුරෝපීය රටවල තෙල් මිළ සෑම දිකම මධ්‍යම රාත්‍රීයේ දී වෙනස් වෙයි. එය වැඩි වන්නේ හෝ අඩුවන්නේ එම රටේ භාවිතා කරන මුදල් ඒකකයෙන් සත ගනනකින් මිස විශාල ඒකක වලින් නොවන බවයි”. ශ්‍රී ලංකාවේ ළිංමැඩියන්ට කියන බොරු ජාත්‍යන්තරයට කියා ලංකාව පීචං නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
තිරේ පිටුපස සිටින ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වන ජවිපෙ සිට පෙරටුගාමීන්ට එකතුවී ජවිපෙ පතුරු ගැසූ නැවත ජවිපෙට එක්වී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුමන්ත්‍රී වරයෙකු වූ නජිත් ඉන්දික කියන්නේ ඉදිරියේ දී තෙල් මිළ ඉතා වඩි අගයකින් ඉහල දැමීමට සිදුවන බැවින් එය සමනය කිරීමට තෙල් මිල මෙසේ ඉහල දැමූ බවයි. තෙල් වාෂ්ප කිරීමට කප් ගැසූ තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ තෙල් මිළ ඉහල දැම්මේ අලුත් තෙල් තොග වලට බවයි.
නලින්ද ජයතිස්සට මාර්තු හතර වෙනිදා මාධ්‍ය හමුවේදී කියූ කිසිවක් මතක නැත. ඒක නලින්දගේ ජන්ම ගතියදැයි සිතේ. ඒ හැමදාම ඔහු කියපුවා ඔහුට මතක නැත. ඒ ගැන යම් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් ඇසූවිට ඔහු එය විහිළුට ගනී. කලක් ජවිපෙ සාමාජිකයකුව සිටි ශාන්ත විජේසූරිය දිගින් දිගටම කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්නය අසන නිසා හැදුනුම්පතක් පෙරට දමා ඔහුව කැබිනට් මාධ්‍ය හමුවට පැමිණීම වලක්වා ලූයේද නලින්ද ජයතිස්ස මය. සත්‍ය හෙළිදරව් වෙනවාට ඒ තරමටම ආණ්ඩුව බයද? මීලග පලාත් සභා ජන්දයේදී ජනතාව ඒ බය තුරන් කරනු ඇත.

