ආණ්ඩුකාරවරයාගේ  සම්බන්ධීකරණ නිලධාරියාට සුව නොවන නිල රිය උණක්

තම තනතුරට කිසිසේත්  නිල වාහනයක් හිමි නැති ,තමන් වැඩ කරන්නේ පැලවත්තේ නියෝග වලට බව  පවසමින් ,මැද රට මහාචාර්ය ආණ්ඩුකාරයා සහ පලාත් සභාවේ රාජ්‍ය නිලධාරින්ටත් නියෝග දෙන,සංවර්ධන නිලධාරියෙකු වූ ,පලාත් ආණ්ඩුකාර වරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා තමන්ට නිල රියක් දෙන්නැයි ඉල්ලා ආණ්ඩුකාර කාර්යාලයේ යකා නටා ඇති බව වාර්ථාවෙි.

සිස්ටම් චේන්ජ් කරන්න ආ බව කියන මේ  සංවර්ධන නිලධාරියා මහනුවර පශු සම්පත්  කාර්යාලයේ සංවර්ධන නිලධාරි තනතුර දැරූ අයෙකි.

මොහුගේ  බලපෑම් නිසා මැද රට පලාත් ආණ්ඩුකාර කාර්යාලයේ සේවකයන් කාර්ය මණ්ඩලයද මොහුට අප්‍රසාදය පළකරති.මාළිමාව ආණ්ඩුව ගෙනාවේ තමන්  ඇතුලු පිරිසක් බවට ඔහු පම්පෝරි  ගැසිම නිසා මාළිමාවට සහාය දැක්වූන් දැන් ක්‍රම ක්‍රමයෙන් මාළිමාවෙන් ඈත් වෙන බව ද සදහන්වේ.මෙම පුද්ගලයාගේ  නිල වාහන පිස්සව හොඳ කරන්නට  පැලවත්තේ ලොක්කන්  පියවරක්  ගතයුතුබව මාළිමාවට  සහාය දැක්වූ පිරිස්  පැලවත්තේ ඉහළ ලොක්කන්ගෙන්  ඉල්ලා සිටියි.

මෙම පුද්ගලයාට තිබෙන නිල රථ  උණ හේතූවෙන් ඔහු දැඩි ලෙස පීඩාවට පතිව ඇත.මහනුවර සිට පිළිමතාලාව තම නිවසට යාමට ඒමට සහ එම නිල වාහනය තම පුද්ගලික ප්‍රයෝජනයට ලබාදෙන ලෙස ඔහු ලිඛිතව  පලාත් ප්‍රධාන ලේකම්වරයාටත්  ,පලාත් ආණ්ඩුකාර වරයාටත් දන්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *