ආණ්ඩුවට ජන්ද නැති වෙන්නම පොලිස්පති පොලිස් පරිපාලනය අනයි

 පොලිස් දෙපාර්තුමේන්තුවට නිළ වශයෙන් බැඳෙන විට අදාල පුද්ගලයාගේ උප්පැන්න සහතිකය ,අධ්‍යයාපන සහතික , පොලිස් නිෂ්කාශන වාර්ථාව වැනි අතිශ්‍ය පුද්ගලික තොරතුරු වල පිටපත් ලබා දී තිබියදී යළිත් වතාවක් සියලුම පොලිස් නිළධාරින්ට සතියක් තුළ අද්‍යාපන සහතික පොලිස්පතිවරයාට යොමු කරන ලෙසට නියෝග කර ඇති බව වාර්ථාවෙි.

 එම තොරතුරු අදාල නිළධාරියා වෙනුවෙන් පොලිස් මානව සම්පත් අංශයසේවය ආරම්භ කරනවිට ගොණුවට ඇතුලත් කරණු ලබයි. ඉන් පසුව සිදුවන්නේ එම තොරතුරු සත්‍ය දැයි ජාතික බුද්ධි සේවය හරහා රහසිගතව පරීක්ෂා කිරීමයි.

එම පරීක්ෂා කිරීම බොහෝවිට සිදු කරන්නේ නිළධාරියා ගේ සේවා ස්ථිර වීමට පෙර හෙවත් නිළධාරියා සේවයට බැඳී වසර තුනක් යාමට පෙරය. පරීක්ෂක ශ්‍රේණියේ නිළධාරින්ට පිළිබදව මෙය අනිවාර්යයෙන්ම සිදුවන කාර්‍ය්ය කි.  වත්මන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තුව කටයුතු අමාත්‍ය ආන්න්ද විජේපාල මහතා ආධුනික උප පොලිස් පරීක්ෂාක වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බදවාගෙන පොලීසියෙන් ඉවත් කරන්නේද ඔහු පිළිබදව ලද අයහපත් වාර්ථා නිසාය.

පොලිස් කොස්තාපල් වරුන් සදහා එම පරීක්ෂණ සිදුකිරීම මන්දගාමීය.

87/89 කාළ පරාසයේදී පොලීසියට බදවාගන්නා පොලිස් කොස්තාපල්වරුන්ට පොලිස් විදුහල හරහා පුහුණුව ලබා දෙනවා වෙනුවට පොලිස් කොස්තාපල් වරුන් ලෙස තෝරා ගන්නා ලද නිලධාරීන්ට දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද පොලිස් ස්ථාන හරහා පුහුණුව ලබාදෙන ලදි. අවශ්‍යතාවය අනුව එම නිළධාරින්ව රාජකාරී යොදවන ලද මුත් එම නිළධාරින් වෙනුවෙන් නිසි ක්‍රමවේදය අනුව ගොණු සෑදීම 1990 වන තෙක් සිදු නොවීය. නමුත් 89 වසරේ අවසන් වනවිට රටේ භීෂණකාරී බව තුරන් වී යාමත් සමග පොලිස් කොස්තාපල් වරුන්ගේ පුද්ගලික ගොණු සෑදීම යාවත්කාලීන විය.

 ඉතිහාසය එසේ තිබියදී වත්මන් පොලිස්පතිවරයා පසුගිය සතියේ අරුම පුදුම පොලිස්පති පණිවිඩයක් ලංකාවේ සියළුම පොලිස් ස්ථාන වෙත ලබාදී ඇත. එහි සදහන් කර ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියළුම තරාතිරම් වල නිළධාරින් තමන්ගේ අධ්‍යයාපන සහතික දින සතියක් ඇතුලත ඉදිරිපත් කරන ලෙසයි. එවැනි පනිවිඩයක් එවීමෙන් පෙන්නුම් පොලිස්පතිවරයාගේ නොදැනීමය. පොලිස් දෙපාර්තමේන්තුව වෙත නිලධාරීන් ලබා දුන් තොරතුරු අස්ථාන ගතවී ඇත්නම් එයට නිළධාරින් වගකිව යුතු නැත.

සත්‍ය වශයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිපාලනය බිඳවැටෙන්නේ 1982 දී අභ්‍යන්තර පරිපාලනය කල සිවිල් නිළධාරින් ඉවත්කර එය උපාධිධාරී ඍජු සහකාර පොලිස් අධිකාරී වරුන්ගේ පාලනයට යටත් වූ දා සිටය. එතැන් සිට සෑම උසස්වීම් මණ්ඩලයකම තීන්දු අවසන් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේය. නිලධාරීන්ට උසස්වීම් නොලැබ වසර ගනනාවක් හූල්ලමින් සිටීයි. පොලිස් පරිපාලනය බිංදුවෙනුත් පහලය. ඒ කියන්නේ ඍණය. 1982 ට පෙර එසේ නොවීය.

පොලිස්පති වරයා තනතුරට පත්වූ දිනසිට බලාගෙන ඉන්නේ ඔහුගේ කාළය ඉක්ම යනවිට කෙසේහෝ සේවා දිගුවක් ලබා ගැනීමට මිසක පොලීසියේ දියුණුව සැලසීම නොවේ. වත්මන් පොලිස්පතිවරයාද එසේය ඔහු පත්වූ දිනයේ සිට හොඳටම කරන්නේ ජනාධිපති වරයා යන යන තැන කුක්කකු සේ පස්සෙන් යෑමය. එසේ ගියාට කමක් නැත පොලිස් නිළධාරින්ට ආණ්ඩුව එපාවෙන තැනට වැඩ නොකර සිටිය යුතුය.

ඔහු විසින්  අධ්‍යපන සහතික ගෙන එන්නට කියා කියන නිළධාරින් ගෙන් 20000 කට අධික පිරිසක් ඉදිරි වසර දෙක තුල විශ්‍රාම යාමට සිටින නිළධාරින්ය. මෙම පනිවිඩය ලැබීමෙන් පසුව එම නිළධාරින් පොලිස්පති තුමාගේ මවට සහ පොලිස්පතිවරයා පත්කල ජනාධිපති වරයාගේ මවටද එක සමානව පිං අනුමෝදනා කරන අතර ඉදිරියේ දී පවත්වන කිසිදු මැතිවරණයකදී වත්මන් ආණ්ඩුව වෙනුවෙන් ජන්දය පාවිච්චි නොකරන බවට සපත කරමින් සිටීයි.

මිට හේතුවී ඇත්තේ මෙම නිලදාරින්ගේ අධ්‍යාපන සහතික ලබා ගැනිමට තමන් උපන් ප්‍රදේශයෙන් බැහැරව මේවන විට ජිවත් විමත්,එම පාසල්වල එකළ අධ්‍යපන සහතිකවල ලේඛණ නොමැතිවිමයි.  • පොලිස් පොඩ්ඩෙක්-        

Leave a Reply

Your email address will not be published. Required fields are marked *