ක්‍රිකට් ක්‍රීඩාව යනු ශ්‍රී ලංකාවේ නාමය ඉදිරියේ ඇති සුවිශේෂ වූ සන්නාමයකි.ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් නොහොත් අත් පන්දු වුවද ලංකාවේ ප්‍රචලිත වී ඇති ක්‍රීඩාව ක්‍රිකට් ය. මෙය අපහාසක් සදහා කරන ප්‍රකාශයක් නොව සත්‍ය ඒ ලෙසටම කීම සදහා කරන ප්‍රකාශයකි. රටේ බොහෝ විහාරස්ථාන වල වැඩසිටින කුඩා සාමණේර හිමිවරුන් පවා අඳනකඩය ඇඳගෙන ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක ගත හැකිය. ක්‍රිකට් යනු ඒ තරමට ජන ජීවිතයට සමීප ක්‍රීඩාවක් වී අවසානය.
ශ්‍රී ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩාව විනාශය කරා යෑම ඇරඹෙන්නේ වසර 10 ක මෙපිට කාළයක සිටය. ඒ සදහා මූලිකව වගකිව යුතු ප්‍රධාන කොටස් තුනකි
රටේ පාලන බලය හොබවන දේශපාලන අධිකාරිය, ක්‍රිකට් පාලක මණ්ඩලය, ක්‍රිකට් ක්‍රීඩකයන් ය.
ඉතිහාසයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධූරයට තේරී පත්වූයේ ප්‍රභල දේශපාලඥයන් ය. උදාහරණයක් ලෙසට ආචාර්ය ඇන් ඇම් පෙරේරා හදුන්වාදිය හැක. ඉන් පසුව එම පුටුවට එන්නේ ගාමිණී දිසානායකය .ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කල මෙහෙවරෙන් එක හූනු බිජ්ජක තරම් දෙයක් ඔහුගෙන් පසුව මෑත යුගයේ කිසිදු දේශපාලඥයකුගෙන් සිඳුවී නොමැති බව වගකීමෙන් කිවහැක.
ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධාන ක්‍රිකට් කුසලාන පහක් ජයග්‍රහණය කර ඇත
1 ක්‍රිකට් පන්දුවාර 50 ලෝක කුසලානය
2 ලෝක චැම්පියන් කුසලානය
3 ටී 20 ලෝක කුසලානය
4 ආසියානු කුසලානය
5 දකුණු ආසියානු කුසලානය වේ.
එවැනි පසුබිමක ක්‍රිකට් යනු රටේ පුරවැසියන් සමග ගසට පොත්ත මෙන් බැඳී ඇත. ක්‍රිකට් තරග පරදින විට පුරවැසියන්ට වයස් භේදයකින් තොරව රිදෙන්නේ දැනෙන්නේ ඒ නිසාය
වසර 10 ත් 15 ත් අතර කාළය ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නොව සූදුවක් බවට පත්වූයේ ඉන්දියාවේ ඉන්දීය ප්‍රීමියර් ලීග් ( IPL ) තරගාවලිය ඇරඹීමත් සමගය. එයට මූලික හේතුව වූයේ ඉන්දියාවේ සිටින ප්‍රකෝටිපති සූදු අන්තුවෙක් වූ මුකේස් අම්භානි එම තරාගාවලිය මෙහෙය වීමයි. ක්‍රිකට් ක්‍රීඩා කරන ලොව සියළුම රටවල ක්‍රීඩාකයන් ප්‍රසිද්ධ වෙන්දේසිය කදී විකිණීම සහ ඇති හැකි පමණින් ඔවුන්ව කණ්ඩායම් සදහා මිළදී ගැනීම එහිදී සිදුවෙයි. විශේෂයෙන් ආසියානු රටවල පමණක් නොව ලොව සෑම රටකම පාහේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියුතු ක්‍රීඩකයකුට වසර ගනනාවක් ක්‍රීඩා කර උපයන මුදලට වඩා වැඩි මුදලක් එක් අයිපීඑල් ක්‍රිකට් තරගාවලියක් සදහා ඔහුව තෝරා ගත හොත් උපයා ගත හැක. එදා ඔට්ටු ඇල්ලුවේ දුවන අශ්වයන්ට සහ බල්ලන්ටය. අද ක්‍රිකට් තරග සදහාය. කාළය මැව් වෙනසක තරම එසේය.
ලංකාවේ ක්‍රිකට් පරිපාලනයට කණ කොකා හැඬුවේ තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය කාලයේදීය. එසේත් නැත්නම් ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති පුටුවට පැමිණි දා සිටය. ඔහුට ඒ සදහා එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි එස්බී දිසානායකගේ පූර්ණ අනුග්‍රහය සහ ආශිර්වාදය නොඅඩුව ලැබුනි. ඉන් පසුව සිදුවූයේ ක්‍රීඩා කරන තරග සදහා ගෙවන මුදල වෙනුවට මාසික දීමනාවක් ලබන පුද්ගලයන් බවට ජාතික කණ්ඩායම ක්‍රීඩකයන් පත්විය. එසේම දළදා මාලිගාවේ දියවඩන නිළමේ පත් කිරීමට ජන්දය දෙන පුද්ගලයන්ගේ තත්වයට ක්‍රිකට් පාලක මන්ඩලයේ සභාපති පත්වීමට ජන්දය දෙන ක්‍රීඩා සමාජ නියෝජිතයන් පත්විය.
ඒ ඇති හැකි එකාගෙන් මුදල් ලබාගෙන ඇති හැකි එකාට ජන්දය දෙන යාචකයන් බවට ක්‍රීඩා සමාජ නියෝජිතයන් පත්විය. එය කොතරම් ප්‍රභල වීද යත් රටේ දෙවතාවක් ජනාධිපති ලෙස පත්වු චන්ද්‍රිකා බංඩාරනායකට පවා එය පාලන කිරීමට නොහැකි විය.
ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා වන මුත්තයියා මුරලිදරන් ගේ ” මම කොළඹ දිස්ත්‍රික්ක යෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලුවොත් උඩින්ම දිනනවා ඒත් ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වෙන්න ජන්දේ ඉල්ලුවොත් මට එක ජන්දයක්වත් ගන්න බැහැ” ප්‍රකාශයෙන් එය මනාව ඔප්පුවේ.
වත්මන් ජනාධිපති වරයා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියදී වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ගැන සිත් ගන්නා සුළු ඉතාමත් උද්වේගකාරී ප්‍රකාශයක් පසුගිය පාර්ලිමේන්තුවේ දී සිදු කලේය. ලංකාවේ ක්‍රිකට් යනු තිලංග ගේ හෝ ශම්මි සිල්වාගේ පුද්ගලික බූදලයක් නොව එය ජාතියම නියෝජනය කරන ක්‍රීඩාවක් බවය. ඒ ප්‍රකාශය අදටත් වලංගු ය. නමුත් අනුර කුමාර ජනාධිපති වී මහ මැතිවරණයෙන් පසුව ක්‍රීඩා ඇමති වරයා ලෙස පත්කරේ මෙලෝ රහක් නැති කෙනෙකි ඒ සුනිල් කුමාර ගමගේය. කුමාරලාට වැඩ බැහැ කයිය විතරයි යන පොදු සාධකය ඔහු තව දුරටත් ස්ථිර කළේය. ඔහුට හොදටම කරන්න පුලුවන් කූඩයක් රැගෙන ගොස් ඔහුගේ ගෙදරට ගෙනියන එළවළු ටික තේරීම පමණි. ඉන් එහාට කිසිත් බැරිය. නියෝජ්‍ය ඇමතිව සිටි එරංග ගුණසේකර ද ඊටම සරිලන පුද්ගලයෙකි. ඔවුන් දෙදෙනාම තිලංග ගේ සහ ශම්මි සිල්වාගේ මොණර කොළවලට යටවීම වලපල්ලට යමින් සිටි මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවත් වලපල්ලට යැවීමට හේතුවිය. ඔවුන් දෙදෙනා ජනාධිපති අනුර කුමාර දිසානායක වද ශම්මි සිල්වා ඉදිරියේ බාල්දු කලාය. ඒ මන්ඩතිව් ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල් ගල තැබූ දිනයේය. ඇමති සුනිල් කුමාර ගමගේ උත්සහ කරේ මෙම ව්‍යාපෘතිය අලුතින්ම කල එකක් බවයි.
නමුත් 2018 දී තිලංග සුමතිපාල විසින් ගෙනා මෙම ව්‍යාපෘතිය පරසර ඇගයීම් වාර්ථාව අසමත් වීම නිසා අතහැර දැමූ එකක් බව දන්නෝ දනිති. ජනාධිපති වරයාව මෙවන් කාර්යයක් සදහා යොමු කිරීමට පෙර ඒ පිළිබදව පූර්ණ විමර්ශනයක් කිරීම ඇමති වරාගේ වගකීමකි. එවන් වගකීම් විරහිත එකෙකු තව දුරටත් ඇමතිකමේ තියාගෙන ක්‍රිකට් නොව ඇටබෝල ගැසීමවත් පිළිවෙලකට කරන්නට බැරිය. ඒ ගැන ජනාධිපති වරයාට නොතේරීම රටේ අභාග්‍ය කි.
වත්මන් ටී-20 ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දියාව සමග තරග නොකරන බවට පකිස්තානය ගෙන තිබූ තීරණය වෙනස්කර පසුගිය 15 වෙනිදා ඔවුන් තරග බිමට පිවිසීමට අතර මැදියෙකු ලෙස ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඍජුවම මැදිහත් වූ බවට රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍ය මාධ්‍ය වලට වඩා ආන්ඩුවට කඩේ යන සිරස නාළිකාව මගින් මහත් ප්‍රචාරය ක් ලබාදෙන ලදි.එයින් ගම්‍ය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සදහා ජාත්‍යන්තරව ද දේශපාලනයට මැදිහත් විය හැකි බවයි.
ලෝකේ අනික් රටවල ක්‍රිකට් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන ජනාධිපතිවරයා ලංකාවේ ක්‍රිකට් ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම ගැටළුවකි . කරුණු එසේ නම් ලංකාවේ ක්‍රිකට් අර්බුදය විසදීමට ජනාධිපතිවරයා තම දේශපාලන හස්තය ක්‍රියාත්මක නොකරන්නේ ශම්මි සිල්වා ඇතුළු කණ්ඩායමට ඔහු බය නිසාද යන්න සකල දේශවාසීන්ට ප්‍රකාශකල යුතුය.

