2019 අප්‍රේල් මස 21 දින සිදූ මිලේච්ඡ පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයකු ලෙසට කලක් යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ , මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙසද , කලක් ජාතික බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෙසද සිටි විශ්‍රාමික මේජ්ර් ජෙනරාල් සුරේෂ් සලේව පසුගිය 25වෙනි දින පෑලියගොඩ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්ඩංගුවට ගෙන තිබුණි.
එම අත්ඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් පහත් තත්වයේ වැඩකි. ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට කියා ඔහු එය මගහැර තිබුනා නම් එය අධිකරණය වෙත වාර්ථා කොට මෙලෙස අත්ඩංගුවට ගැනීමක් සිදුකිරීම සාධාරණය. නමුත් මෙම අත්ඩංගුවට ගැනීම පිළිබදව කාදිනල් මැල්කම් රංජිත් පාර්ශ්වයෙන් ඉහලම ප්‍රසාදයක් ලබා දේ.
ඒ බව පැවැත්වූ මාධ්‍ය හමුවේදී සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වේ. ඔහුගේ කතාවෙන් එක් වැදගත් කරුණක් ඉස්මතුවේ එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අත්ඩංගුවට ගැනීම සිදු කිරීමට නීතිපතිට වඩා උපදෙස් ලබා දී ඇත්තේ කතෝලික සභාවෙන් බවයි. එසේම ඔහුගේ ප්‍රකාශයේදී ඔහු නොකියා කීවේ ගෝඨාභය රාජපක්ෂවත් අත්ඩංගුවට ගතයුතු බවයි. එසේ කිරීමට විශේෂ හේතුවක් ඇත. මේ වසරේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේ සැමරුම් දිනයේදී කාදිනල් මැල්කම් රංජිත්ට කියන්නට දෙයක් අවශ්‍ය ය. සත්‍ය යතාර්ථය සොයා බැලුවහොත් පාස්කු ප්‍රහාරය සිදුවන බව දැනසිටි පිරිස අතර මුල් කන්ඩායමේ අයකු වන්නේ කාදිනල් මැල්කම් රංජිත් ඇතුළු කතෝලික සභාවය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පාස්කු ප්‍රහාරය සිදුවී සති කීපයක් ගිය තැන ප්‍රසිද්ධියේ කීවේ “දඩයම කරේ තියන් යනකොට තුවක්කුව බැඳපු එකා හිතාගන්න පුලුවන් ” කියාය. පාස්කු ප්‍රහාරය සිදුවීමත් සමග කරලියට ආවේ ගෝඨාභය රාජපක්ෂය ඒ පාස්කු ප්‍රහාරයේ මියගිය උන් මිහිඳන් කිරීමට පෙරම ඔහු කියා සිටියේ රටේ රාජ්‍ය ආරක්ෂාව සදහා තමා ජනාධිපති වරණයට ඉදිරිපත් වන බවයි.
වත්මන් සෞඛ්‍යය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධියේ කීවේ මෙම ප්‍රහාරය පිටුපස ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තු සේවය සහ ඉංදියාවේ රෝ සංවිධානය සිටි බවයි. කතෝලික සභාව කියන්නේ ඉතාමත් හොඳින් ගතවු මාස 16 තුල පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ සිදුවන බවයි. ඒත් අද වනතුරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස එම ප්‍රහාරය ගැන දන්නා තොරතුරු ග්‍රහනය කරගෙන නැත.
සත්‍ය ලෙසම මෙම අත්ඩංගුවට ගැනීම සිදු කිරීමට සැලසුම් කර තිබුණේ ලබන මාසේ 21 දින පැවැත්වෙන රාමසාන් උත්සවයෙන් පසුව සහ අප්‍රේල් 05 දිනටනියමිත පාස්කු ඉරිදා අතර තුරය. නමුත් වත්මන් ආණ්ඩුව තම හිතවත් පාර්ශ්වයක් හරහා රජයට රුපියල් කෝටි 700 කට අධික පාඩුවක් සිදුවී ඇති බාල ගල් අඟුරු මිළදී ගැනීම ක්‍රියාවලිය සමාජයේ මූලික කතාව ලෙසට පත්වීම යටපත් කිරීමට ආණ්ඩුවට ඇතිවූ හදිසි අවශ්‍යතාවය මත මෙම අත්ඩංගුවට ගැනීම ඉක්මන්විය. එම ඉක්මන් වීම කොතෙක්ද යත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමේ සාමාන්‍ය සියළුම් ක්‍රම අත් හැර පොලිස් දෙපාර්තමේන්තුවම පීචං වන ලෙසට මෙම අත්ඩංගුවට ගැනීම සිදු කිරීමයි.

