සුලෝහිත සංග්‍රාමය කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධම බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද හා නාලන්ද අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයයි.
මේ තරගෙට කලින් පවත්වපු ප්‍රිෆෙක්ට්ලාගේ මහා ක්‍රිකට් තරගය අවසන් වුණේ ගුටි බැට හුවමාරුවකින්.
මේ පාසල් දෙකින් එක් පාසලක මහා ක්‍රිකට් තරගයේ කණ්ඩායම තෝරද්දි එහි පුහුණුකරුට වරදාන ලබා දෙමින් පන්දමට කණ්ඩායමේ ස්ථානයක් ලබා දෙන්න මාපියන් දෙපළක් ඉතාමත් පහත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ ක්‍රීඩකයා මේ තරග වාරයේ එක අර්ධ ශතකයක් හෝ වාර්තා කර නැහැ. තව ක්‍රීඩකයෙක් දෙවන පෙළ ආරම්භක පිතිකරු ලෙස දිගටම ලකුණු රැස් කර සිටියත් පුහුණුකරු ඔහුට පළමු පෙළ තරග වැදීමේ අවස්ථාවක් ලබා දී නැහැ.
ඒ අර මාපියන් විසින් තම පුත්‍රයාට මහා ක්‍රිකට් තරගයේ ආරම්භක පිතිකරු ස්ථානය ලබා දීම සඳහා පුහුණුකරුට අල්ලස් ලබා දී තිබීම නිසයි. මේ හේතුවෙන් පුහුණුකරුට තරු පහේ හෝටල වල රාත්‍රී භෝජන සංග්‍රහත් ලබා දී තිබෙනවා. ඒ අර ක්‍රීඩකයාගේ මව වන බැංකු නිලධාරිනියගේ අනුග්‍රහයෙන්.
මේ ක්‍රීඩකයාගේ පියා හිටපු රූපවාහිනි සභාපතිවරයෙක්. මෙම විදුහල වෙනුවෙන් මහා ක්‍රිකට් තරගයේ අනුග්‍රාහකයන් සොයන කමිටුවේ ඉන්නා මුවාවෙන් තම සමාගමට ඒ හරහා කොමිස් මුදල් ලබා ගන්නෙක්.
ඒ නිසා එම විදුහලේ විදුහල්පතිවරයාත් විදුහල් ක්‍රිකට් අනුකමිටුවේ ඉන්නා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන් දෙන්නාත් ඇස් කන් පියාගෙන ඉන්නවා.
ලංකාවේ මහ ලොකු බෞද්ධ පාසලක ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙන්නෙත් ඔන්න ඔය විදියටයි.
හිටපු රූපවාහිනි සභාපති තුමෝ විලි ලැජ්ජයි නේද ?
2026-02-27

