උඩදුම්බරට ලැබුණු  දිට්වා ආධාර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  කුණු වෙයි

දිට්වා ආපදා සමයේ  දැඩි ආපදා  තත්ත්වයට පත්  වූ  උඩදුම්බර  ප්‍රදේශයේ  ජනතාවට බෙදා දීම⁣  සඳහා  උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන්  වියළි ආහාර ද්‍රව්‍ය සහල්  චීස්  පරිප්පු  ආදී ආහාර ,එම කාර්යාලයේ කාමරවල  ගොඩ ගසා මේ වන තෙක්  නොබෙදා තබාගෙන සිටින ප්‍රාදේශීය ලේකම්වරියට ,ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරින්ට ජනතාව  දැඩි අප්‍රසාදය පලකරති.

මහනුවර දිස්ත්‍රික් ලේකම් වරයා මෙම දුර්වල අකාර්යක්ෂම  ප්‍රාදේශීය  ලේකම්වරිය ආරක්ෂා කරන බවද ,අනෙකුත්  ප්‍රාදේශීය ලේකම් වරු  හා ලේකම් වරියන් පවසයි.

මෙම දිට්වා ආධාර    ඇතැම් අවස්ථාවල කල් ඉකුත් වීමෙන් පසු ,තම තමන්ගේ හිතවතුන්ට  බෙදා දී ඇති බවත් ,ඇතැම්  රාජ්‍ය නිලධාරින් නිලධාරිනියන්  තම තමන්ගේ නිවාස වලටද රැගෙන  යන බව  විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මහජනතාවට  නොමිළේ සහනාධාර ලෙස බෙදා දීමට  විවිධ සංවිධාන හරහා  උඩදුම්බර ප්‍රාදේශීය ලේකම්කාර්යාලයට  භාර දුන් වියළි ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්  පරිභෝජනයට ගත නොහැකි ලෙස නරක් වී ඇති බවද මෙම ආහාර තොග නිසි පරිදි  බෙදා දීමට පියවර නොගත් උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් වරියට දැඩි ලෙස  උඩදුම්බර ජනතාවත්   විවිධ රාජ්‍ය අංශවල නිලධාරින් සහනිලධාරිනියන්  දැඩි අප්‍රසාදය    පළ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *