පුල්මුඩේ පොලිසිය වසර 30  පදිංචි ඉඩමෙන් පවුලක් රාත්‍රීයේ පාරට ඇද දමලා

ත්‍රිකුණාමලය පුල්මුඩේ ජින්නපුරම් හී වසර 30 මුළුල්ලේ පදිංචි පවුලක් 09 දින රාත්‍රී පුල්මුඩේ පොලිසිය විසින් නිවසින් එළියට ඇද දමා ඇත.ඒ සඳහා පිසිකල් ඕඩර් කිසිවක් මේ සදහා තමාට ⁣නොපෙන්නු බව ගෙහිමියන් කියා සිටියි.

මෙසේ නිවසින් එළියට ඇද දමා ඇත්තේ, පුල්මුඩේ වාට්ටු අංක 4, ජින්නාපුරම් පාසල් මාවතේ පදිංචි අබ්දුල් සමදු සම්සුදීන් 62 හැවිරිදි පස්දරු පියෙකි. ඔහු වෘත්තියෙන් ගොවියෙකි.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් සියා උල් හක් මහතා කියා සිටින්නේ, මෙම ඉඩම රජයට අයත් එකක් බවයි. මේ නිසා වසර තිහක් මුළුල්ලේ ඔප්පු ලබාදී නැත. එහෙත් ඔහුගේ ඉඩමෙන් බලහත්කාරයෙන් හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා පවරා ගත් අක්කර තුන්කාලක් පසුගිය රජයේ සමයේ රිෂාඩ් බදුරුදීන්ගේ ලේකම්වරයාට ඔප්පු මඟින් ලබා දී ඇති බව සම්සුදීන් කියා සිටි.

2023 වසරේ ප්‍රාදේශීය ලේකම්වරයා මෙම අක්කර තුනක් සහිත ඉඩමට නඩුවක් පවරා ඇති අතර, එහිදී අධිකරණය තීන්දුව කර ඇත්තේ, මෙය සම්සුදීන් නැමැති පුද්ගලයාට අයත් එකක් ලෙසයි. එම තීන්දුවෙන් පසු තම නිවසට විදුලිය ගැනීමට සම්සුදීන් මහතා ග්‍රාම නිළධාරි වෙත ගිය පසු, ඔහු කියා ඇත්තේ, අනුමැතිය සහිත ලිපියක් ලබාදිය නොහැකි බවයි. ප්‍රාදේශීය ලේකම්වරයා නැවත වරක් මෙම වසරේදී මෙම ඉඩමට නඩු පවරා ඇති අතර, එහිදී තීන්දුව වී ඇත්තේ එම ඉඩමෙන් අක්කර එකහාමාරක් රජයට ලබා දෙන ලෙසයි. සම්සුදීන් මහතා ඊට එකඟ වී ඇතත්,  කුච්චවේලි ප්‍රාදේශිය ලේකම්ගේ නියෝග මත පැමිණි පුල්මුඩේ පොලිසිය (09) සම්සුදීන් මහතා ඇතුළු දරු පවුල නිවසින් එළියට ඇද දමා ඇත. මේ වන විට එම පිරිස ජින්නපුරම් පාසල් මාවතේ මාර්ගයේ රැඳී සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *