සුපුරුදු පිල්ලේම දුවන කෘෂි අලෙවි අමාත්‍යංශ මෙිවරත් ගොවියා හාන්සියි

ආණ්ඩුවේ බලයට පත්වී කන්න තුනක් ගතව ඇතත් ගොවියාගේ වී අලෙවි ප්‍රශ්ණයට විසදුමක් ලබා දිමට මෙතෙක් සමත් වී නොමැත.මෙවර මහකන්නයේ අස්වැන්න නෙළමින් සිටින වටත් ගොවියාගේ අස්වැන් මිලට ගැනිමට සැලසුමක් නොමැත.පහුගිය කන්නයේ මිලට ගත් වී තොග ගබඩාවලින් හිස් කිරිම ආරම්භ කරන්නේ මෙි මොහොතේ බව ගොවි චෝදනා කරයි.

කෘෂිකාර්මික හා වෙළෙඳ අංශ ප්‍රධාන අමාත්‍යංශ දෙකකි. මේ විෂයයන්හි ආණ්ඩුවේ ප්‍රමුඛයන් වු ලාල් කාන්ත,වසන්ත සමරසිංහ ,නාමල් කරුණාරත්න තුන් කට්ටුවේ කයිවාරු තරමට වැඩ නැති බව පෙනේයි.පොහොර සහනාධාරය වැඩි කල පමණින්ම ගොවි ගැටළු විසඳෙන්නේ නැත.එයද තුන්වෙනි කන්නය වනවිටත් නිසි ආකාරයට බෙදා දිමට නොහැකි විය.කොපමණ සාධරණ විසදුම් දුන්නද අපේ ගොවියන් තෘප්තිමත් නොවන බව සැබෑවකි .

එහෙත් ආණ්ඩුව  දැන් ගොවිතැන හා වෙළෙඳපල සම්බන්ධයෙන් ගන්නා තීරණ අලසය.මජරය.ඩඩ්ලිලා ,නිව්‍ රත්නලා ජනාධිපතිවරයා වර්ණනා කල පමණින් වී ගොවියාට සාධරණය ඉටුවේයැයි ආණ්ඩුව කල්පනා කරන්නේනම් එය මරි මෝඩකමකි.ඔවුන් රොල් රොයිස් , චොපර් පදින්නේ අම්ම අප්පගේ දේපල වලින් නොවන බව මෙි ආණ්ඩුවේ ප්‍රධානින් හොදින් දන්නේය.ඒ අහිංසක ගොවියාගේ ශිරිමාංශිය උරාබි බව අමුතුවෙන් කිවයුතු නැත.ව්‍යපාරිකයින්ගේ හැටි එහෙම උවත් ඊට මුහුණදී  ගොවියා ආරක්ෂා කරවීම ආණ්ඩුවේ වගකිමයි.වසර ගණනක් ගොවියාගේ දුක කියමින් මහපාරේ සටන් කළ අයට ගොවි දුක ගැන අමුතුවෙන් කිව යුතු නැත.

අවම වශයෙන් වී වෙළෙඳපල 10% ක් හෝ මුල් වටයේදී අත්පත් කර ගත යුතුය .එයට අවශ්‍ය සැලැස්මක් මේ දක්වා කරළියට පැමිණ නැත.අවම වශයෙන් රාජ්‍ය ව්‍යවසාය යටතේ වී මෝලක් දෙකක් ඉදිකිරීම හෝ ආරම්භ කර නැත.වාහන මිළදී ගැනීමේ මෙවර අයවැය යෝජනා අතරට වී අලෙවි මණ්ඩලයට ලොරි කීයක් මිළදී ගැනීමට කළේද ? දැන් ආණ්ඩුවට තව කල් අවශ්‍ය බවට වාසි බස් දෙඩිය නොහැකිය.ඊට හේතුව තමන්ගේම කියා අයවැයක් ඉදිරිපත් කර ඇත.

අනෙක් අතට විපක්ෂයට සම්බන්ධ ඇතැම් ගොවි සංවිධාන අතිශයෝක්තිව ගොවි ගැටළු කතා කරද්දී ආණ්ඩුවට අනුබද්ධිත සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නිදා සිටී.එහි නායකයා ජනාධිපතිය.එහි සභාපති නාමල් කෘෂිකාර්මික නියෝජ්‍ය ඇමතිය.ලේකම් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්ය.උප සභාපති සුසන්ත නවරත්න අනුරාධපුර මන්ත්‍රී ය.නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනා කයිවාරු ගසා නා ගැනීම හැර රටට දැනෙන කරන දෙයක් නැත.මේ තත්වය ආණ්ඩුවට හොඳ නැති බවට නොතේරීම අතිශය ගැටළුකාරීය .

( අම්පාරේ ගොවියෙක් විසින් එවන ලද ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *