ශ්‍රිලංකා යුද හමුදාවේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට අනුයුක්තව රාජකාරියේ නිරත කර්නල් නෙවිල් අත්තනායක ගැන අප දිගින් දිගටම වාර්තා කෙරුවෙමු.එම වාර්තා කිරීම් නිසාම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාත් ,යුද හමුදාපතිවරයාගේ මොහුගේ තක්කඩි ස්වරූපය දැන හඳුනාගෙන සිටීයි.කර්නල් නෙවිල් අත්තනායක දැන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර ගැන සඳහන් කරමින් තැන තැන “අම්මා මෝ නැති අමු තිත්ත කුණු හරුපයෙන්” බැණ වදින්නේ තමන්ගේ කෙරුවාවන් ඉටු කර ගැනීමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා බාධාවක්ව පවතින නිසාය.
මෑතකදී එක අවස්ථාවක කර්නල් නෙවිල් අත්තනායක සිය සගයන් හමුවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර “අමු ගොබ්බ මෝඩයෙක්” බවට හඳුන්වා දෙමින් බැණ වැදුන බවද අපට දැන ගන්නට ලැබූණි.ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මුල් කාලයේදී කර්නල් නෙවිල් අත්තනායක පිළිබඳව සිතා සිටියේ මාර කැරැක්ටර් එකක් විදියටය.එහෙත් මොහු රාජකාරි කාලයේ සිදු කරන දූෂිත ක්‍රියාවන් ගැන දැනුවත් වීමත් සමගම මේ තක්කඩි කපටියෙක් මිස වැඩ්ඩෙක් නොවන බවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වටහා ගත්තේය.සත්‍ය වශයෙන්ම ඒ වටහා ගැනීම මෙරට හමුදා බුද්ධි සේවාවට ඉටු වූ වටිනා මෙහෙවරක් බව සඳහන් කළ යුතුමය.
කර්නල් නෙවිල් අත්තනායක මේ වන විට තවත් ගේමකට සූදානමි වෙමින් සිටින බව අපට තොරතුරු ලැබී තිබේ.ඒ ඔහු බ්‍රිගේඩියර් තනතුර ලබා ගැනීම සඳහා සිදු කරන මැදිහත් වීමකි.හෙට දවසේ ඔහු හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් කපිල දොලගේගේ සභාපතිත්වයෙන් යුතු අභියාචනා කමිටුකට පෙනී සිටීමට නියමිතය.මේ කමිටුවේ අනිකුත් සාමාජිකයන් වන්නේ මේජර් ජනරාල් මහේෂ් යහම්පත් හා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් දීප්ති ආරියසේනය.එම කමිටුවට මේජර් ජනරාල් දීප්ති ආරියසේන පත් වන්නේ කර්නල් නෙවිල් අත්තනායක විසින් සිඳු කළ හීන් සැරයේ මෙහෙයුමක ප්‍රතිඵළයකිනි.හමුදා බුද්ධි සේවාවට ආගන්තුකයකු වූ මේජර් ජනරාල් දීප්ති ආරියසේන ගොනාට අන්දා ගෙන සිය ඕනෑ එපාකම් ඉටු කරගන්නට
කර්නල් නෙවිල් අත්තනායකට හැකියාව ලැබුණි.
මේ දෙදෙනා අතර ඇත්තේ අමුතුම ජාතියේ ඉසුරුමුණි ලව් එකකි. මේ සම්බන්ධය ඇති වූයේ මේජර් ජනරාල් දීප්ති ආරියසේන ගේ වෘත්තිමය හෝ පෞද්ගලික දුර්වලතාවක් කර්නල් නෙවිල් අත්තානායක විසින් තුරුම්බුවට ගත් නිසා බවද පැවසේ.යුද හමුදා බුද්ධි සේවාවේ දීර්ඝ කාලයක් සේවය කළ හමුදා ඡ්‍යෙෂ්ඨයන් කර්නල් නෙවිල් අත්තනායකගේ දූෂිත කෙරුවාවන් ගැන දැන සිටින නමුත් වර්තමාන හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා මේ තක්කඩියා කර උඩ තියාගෙන දුවන්නේ ඒ තුරුම්බුවේ ඇති බර නිසා බව සිතේයි.සුරාව හා ස්ත්‍රීය පළමුවත් රාජකාරිය දෙවනුවත් යැයි සිතන රාජ්‍ය නිළධාරීන් බොහෝ දෙනා කෙලවා ගන්නේද ඔන්න ඔය නසරානී තුරුම්බුවට යටවී හැසිරෙන නිසාය.
කර්නල් නෙවිල් අත්තනායක හෙට පෙනී සිටින සම්මුඛ පරීක්ෂණයෙන් ඔහුට ගොඩ යාමට හමුදා බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් දීප්ති ආරියසේන මැදිහත් වීමක් සිදු කරනු ඇතැයි හමුදා බුද්ධි අංශයේ බොහෝ දෙනෙකු හට සැකයක් මතුවී තිබේ.මේ කමිටුවේ අනිකුත් සාමාජිකයන් වන මේජර් ජනරාල් වරුන් දෙදෙනා නම් කර්නල් නෙවිල් අත්තනායකගේ කෙරුවාව ගැන යස අගේට දනී.එහෙත් හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් ආරියසේනගේ බිරිඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ පෞද්ගලික ලේකම්වරියයි.කර්නල් නෙවිල් අත්තනායක හෙට සිය අපේක්ෂාවන් ගොඩ දා ගන්නට හදන්නේ මෙන්න මේ දේශපාලන හයිය ඒ කමිටුව තුළට එන්නත් කරමින් යැයි වාර්ථාවෙි.
එය එසේ වුව හොත් හමුදා බුද්ධි අංශයට දෙවියන්ගේ පිහිටය.එහෙත් මේ කමිටුව නියෝජනය කරන හමුදා මාණ්ඩලික ප්‍රධානියා හා අනෙක් සාමාජික මේජර් ජනරාල්වරයාත් නීතියට ගරු කරන හමුදා ඡ්‍යෙෂ්ඨයන් නිසා මේ කුණු බාල්දියට අත නොගැසිමට ඉඩ තිබෙි.
මේ වන විටත් හමුදා බුද්ධි අංශයේ බොහෝ නිළධාරීන් සිටින්නේ කර්නල් නෙවිල් අත්තනායකට හෙණ ඉල්ලමිනි.
ඒ ඔහු විසින් කරන ලද ද්වේෂ සහගත පලි ගැනීම් නිසාය.බුද්ධි රාජකාරි පිළිබඳ කිසිදු අවබෝධයක් නැති කර්නල් නෙවිල් අත්තනායක රාජකාරි කළ සෑම තැනකදීම සිදු කරන ලද ගොන් කම් හා දූෂිත කෙරුවාවන් ගැන ඔහුගේ පෞද්ගලික ලිපි ගොනුවේ සඳහන්ය.ඇතැම් අවස්ථාවල කාන්තා සෙබළියන් සමග පැවැති අනියම් සම්බන්ධතා ගැන චෝදනාවන්ද ඒ ගොනුවේ වේ.
වන සංරක්ෂණ කළාපයක මුව දඩයම් කරන්නට ගොස් අපරාධ නඩුවකට පවා මොහු හසුවිය.හරි විදියට මොහු හමුදා බුද්ධි අංශයේ තබා හමුදාවේ හතර මායිමේවත් තබා ගත යුතු නිළධාරියෙක් නොවේ.එහෙත් වට වංගු ගසා කර්නල් තනතුර දක්වා පැමිණීමට කර්නල් නෙවිල් අත්තනායක දක්ෂ වූයේද සිය සතරවරම් තක්කඩි කම උපයෝගී කර ගනිමිනි.
මේ අවුරුද්දේ මැද භාගයේ හමුදා බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් දීප්ති ආරියසේන විශ්‍රාම යාමට නියමිතිය. කර්නල් නෙවිල් අත්තනායක සිහින මවමින් සිටින්නේ මෙරට හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා වීමටය.ඒ සඳහා ඔහු බ්‍රිගේඩියර් විය යුතුය.හෙට දිනයේ ඔහු පෙනී සිටින්නේ බ්‍රිගේඩියර් තනතුර සඳහා නිර්දේශ ඉදිරිපත් කෙරෙන කමිටුව සඳහාය.මේ කමිටුව පිස්සුවක් කෙලියහොත් අමු හොර තඩියෙක් මෙරට හමුදා බුද්ධි අධ්‍යක්ෂ සඳහා වරම් ලබා ගැනීමට ඉඩ තිබේ.එය එසේ සිඳු වුව හොත් ජාජබ ආණ්ඩුව විසින් හමුදා බුද්ධි සේවාවට කෙලවා දැමූ බව ලියා සඳහන් කර තබා ගැනීම වටීයි.
(ආරක්ෂක වාර්තාකරු)

