නරක් වූ එන්නත් තොගයක් පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාතෘ හා ළමා සායනවලදී ළමුන්ට හා ගැබිණි මව්වරුන්ට ලබාදී ඇති බවට තොරතුරු වාර්ථාවෙි .
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) අත්තනෝමතිකව හදිසියේ දෙකට කඩා අලුතින් පිහිටවූ අලුත්ගම හා පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අවශ්‍ය උපකරණ හා සේවක පිරිසක් අනුමත කර නොමැතිව තිබියදී ,පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ආරම්භ කර නරක් වූ එන්නත් කුඩා දරුවන්ට හා ගැබිණි මව්වරුන්ට ලබා දී ඇති බව සදහන්වේ.
පයාගල කාර්යාලය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ හා නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ. පසුගිය වසරේ මාර්තු මස හයවෙනිදා සිට එකොළොස් වැනිදා දක්වා මාතෘ හා ළමා සායන පහකදී ගැබිණි මව්වරුන් තිහකට හා කුඩා ළමුන් එකසිය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට නරක් වූ වෙන්නත් ලබා දී ඇත. මෙම නරක් වූ එන්නත් වන්නේ පිටගැස්ම(Pentavelant), (DT), (ATD), මොලේ මැලේරියාව(JE) , පෝලියෝ (IPV), (DPT), ගැබිගෙල පිළිකා (HPV), (TT) ය
ඊට අමතරව එම එන්නත් ගබඩා කර තිබූ ශීතකරණය බේරුවල කාර්යාලයේ දෝෂ සහිත නිසා භාවිතයෙන් ඉවත් කර තිබූ එකක් වන අතර පයාගල කාරයාලට රැගෙන ගොස් එන්නත් ගබඩා කර තිබී ඇත .සෙල්සියස් අංශක දෙකේ සිට අට මට්ටමක උෂ්ණත්වය තිබිය යුතුවත් එන්නත් ගබඩා කරන ශීතකරණයේ තිබී ඇත්තේ අංශක ඍණ හයක් වැනි පහළ මට්ටම ක බවද වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර නොමැති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන විමර්ශනයද මන්දගාමීව සිදුවන අතර එම විමර්ශනයද යටපත් කිරීමට උත්සාහ දරණ බවද වාර්තාවේ.
එන්නත් සැකසීමේදී, ලබාදීමෙන් පසුව ඇතිවන තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ සිදුකර ඇතත් නරක් වූ එන්නත් ලබා දීමෙන් පසු ඇතිවන කෙටි කාලීන හා දීර්ඝ කාලීන බලපෑම් සම්බන්ධයෙන් ලෝකයේ කිසිදු රටක පර්යේෂණ කර නොමැත . මෙම එන්නත් ලබාදුන් මව්වරුන්ට හා ළමයින් හට ලැබිය යුතු ආරක්ෂාව මෙම එන්නත් නවරක් වීම හේතුවෙන්, මෙම එන්නත් ලබා දුන් මව්වරුන්ට හා දරුවන්ට ලැබිය යුතු ආරක්ෂාවද නොලැබී ඇත. එහෙත් මව්වරුන්ට හා දරුවන්ට ලබා දුන්නේ නරක් හෝ එන්නත් බව ,සිදුවීමට මුහුණ පෑ ගැබිණි මව්වරුන් හා දරුවන්ගේ දෙමව්පියන් ට මේ වනතෙක් නොදන්නා නිසා මෙම නිලධාරීන් තවමත් බියකින් සැකයකින් තොරව කල් ගත කරයි. මෙම නරක් වූ එන්නත් වල වටිනාකම ලක්ෂ විස්සකට ආසන්න බව වාර්තා වෙයි. මෙම එන්නත් නරක් වීමෙන් ලැබෙන පාඩුවට වඩා මෙම නරක් වූ එන්නත් ගැබිණි මව්වරුන්ට හා ළමයින්ට ලබාදීම නිසා ඇතිවන හානිය බරපතළ වේ.
පයාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා බොහෝ විට සේවයට පැමිණේනුයේ පමා වී වන බවත්, දර්ගා නගරයේ පිහිටි ඔහුගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ පෙරවරු නවයයි තිහ පමණ වන තෙක් පෞද්ගලික සේවයේ යෙදෙන බවත් වාර්තාවේ .මීට අමතරව පයාගල කාර්යාලයේ සේවය කරන මහජන සෞඛ්‍ය හෙද සොහොයුරියන් පමා වී සේවයට පැමිණෙන අතර දොළහට පමණ දුම්රියෙන් නිවෙස් කරා යන බවද වාර්තා වෙයි .
තවද මෙහි සේවය කරන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාජකාරි කාලය තුළ නිවාස සැලසුම් ඇද , ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීමේ කූට වැඩපිළිවෙලක යොමු වන බවද වාර්තාවේ.
ඉහත අධ්‍යක්ෂකවරයාගේ යටතේ පවතින ,
1, අලුත්ගම සෞඛ්‍යවෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා රාජකාරී වෙලාවේ දී ගුවන් තොටුපොළ වෙත ගොස් ඇති බවට චෝදනා එල්ල වී ඇත.
2, දර්ග නගරයෙහි පිහිටි ප්‍රාදේශිය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරියා බොහෝ විට රාජකාරියට වාර්තා නොකරන බැවින් අනෙකුත් වෛද්‍යවරුන්ට එම රාජකාරි ද ආවරණය කිරීමට සිදු වී ඇත. තවද මෙම රෝහලෙහි වෛද්‍යවරයෙක් තම රාජකාරි කාලය තුළ ඔහුට අයත් ඇඟලුම් වෙළඳසැලක සේවයේ යෙදෙන බැවින් රෝගීන් අපහසුතාවයට පත්වන බවද වාර්තාවේ .
3, මහගම්මැද්ද පරියන්ත රෝහලෙහි laptop පරිගණක සොරකමක් සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙක්ට චෝදනා එල්ල වී ඇත.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිපාලන නිලධාරිවරයා පරිපාලන බලය යොදා ගනිමින් එහි සේවිකාවන් ගෙන් ලිංගික අල්ලස් ලබගන්නා බවට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතී.
තවද මෙම ආයතනයේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් එම ආයතනයේ භෝජනාගාරය පවත්වාගෙන යන අතර, මෙම භෝජනාගාරයෙන් ලබා දෙන ආහාරවල, ආහාරයට නොසුදුසු ද්‍රව්‍ය ය අඩංගු වන බවට වාර්තා පළ වන අතර එම ආහාර වල පණුවන් සිටි බවටද වාර්තා වුවද මේ සම්බන්ධයෙන් කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා එම ප්‍රදේශය අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ,මෙම අධ්‍යක්ෂකවරයා, පරිපාලන නිලධාරීවරයා හා ආපනශාලාව පවත්වාගෙන යන මහජන පරීක්ෂකවරයාගේ බලපෑම් වලට යටත්ව රාජකාරීන් සිදු නොකරන බව ද වාර්තා වෙයි.

