දෙමල ඊළම පිහිටුවීම සඳහා වන දෙමළ ඊළාම් අයිතිවාසිකම් පිළිබඳ සභාව ඊයේ (14) ත්‍රිකුණාමලයේ දී පිහිටුවනු ලැබීය.
දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම රටක් හෙවත් ස්වයං නීර්ණ අයිතිය වෙනුවෙන් සියලු දෙමළ ජනයා පෙනී සිටිය යුතු බව එහිදි ප්‍රකාශ කෙරිණි.

වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සකස් කල වඩුක්කොඩ්ඩෙයි සම්මුතියට මේ වසරේ මැයි 14 වැනිදා ට වසර 50 ක් පිරෙන අතර ඊට සමගාමීව ඊයේ දින ත්‍රිකුණාමලය J7 vila resort හීදී ස්වයං නීර්ණ අයිතිය පිළිබඳ මෙම ප්‍රඥප්තිය සකස් කරනු ලැබීය.
අනුර කුමාර ජනාධිපතිවරයා බෙදුම්වාදයට කිසිදු ඉඩක් නොදෙන බව පවසන නමුත් දෙමළ බෙදුම්වාදි පිරිස් රිසිසේ වෙනම ඊළමක් වෙනුවෙන් බෙදුම් වාදය පෝෂණය කරමින් සිටියි.
ඒ සඳහා ත්‍රිකුණාමලය දිසාව භාර රදගුරු ක්‍රිස්ටි නොයෙල් එම්මානුවෙල්, වේලන් සාමි, අගස්යර් අදිගරාජ්, ශ්‍රී ඥානේස්වරන්, පිලිප් මුරුගයියා, සෙබස්තියන් දේවි, ලවකුසරාසා, අලගරාජා මදන්, අමරතන් අමලනායගි යන අය ද එක්ව සිටියහ.

