පුනරුදය දෝරේ ගලා යයි. උසාවිය ඉදිරිපිටදීම නීතීඥයන්ට පහර දෙයි.

පසුගිය මාසයේ වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු සේම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක  සභික කේඩී ලාල් කාන්ත විසින් ලෙනින් කියවමු යනුවෙන් පැවති සමුළුවේදී ඉදිරියේ දී බලය රැක ගැනීම සදහා ඔවුන්  ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග ගැන ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. “අපිට ඕනේ නම් සිවුරට ගහනවා ,කළුකෝට් වලට ගහනවා. ඕනෑම එකෙකුට ගහන්න දෙපාරක් හිතන්නේ නෑ ” යනුවෙනි.

එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඕනෑම මොහොතක භීෂණය පැතිර වීමට ඔවුන් දෙවතාවක් නොසිතන බවයි. එවැනි ප්‍රකාශයක් අනුරාධපුර ටවුමේ පික් පොකැට් ගැසූ මාල කැඩූ කසිප්පු පෙරූ ඇල්බට්ට හෝ විල්බට්ට කිව හැකි වුවත් ආණ්ඩුවේ වගකිව යුතු ඇමතිවරයෙකුට කල හැකිද යන්න ප්‍රශ්නයකි.අදාල ප්‍රකාශය කර සතියක් යන්නට මත්තෙන් උසාවිය ඉදිපිටදී ප්‍රසිද්ධියේ කළුකෝට්ලා ගත් නීතීඥයන් දෙදෙනෙකුට පොලිස් නිළධාරින් ඉදිරියේ දී පහර දී අඩන්තේට්ටම් කිරීම සිදුවිය.

එම කතාව මෙසේය .පසුගිය ජනවාරි 30වෙනි දින නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ දී විශේෂ වූ නඩුවක් කැදවන ලදි. විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි මහරගම තිබූ ,විදෙස් රැකියා  ඒජන්සියක් වන රේන්බෝ ගාර්මන්ට් ටෙක්නෝලොජි ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතයේ අධ්‍යක්ෂක දිනේෂ් විපුලචන්ද්‍රට එරෙහි පවතින විදෙස් රැකියා ලබාදෙන බවට මුදල් ගැනීම සම්බන්ද නඩුවයි. මෙම නඩුව තවමත් ඇත්තේ අධිකරණයට කරුණු වාර්ථා කරන බී වාර්ථා යටතේය. සැකකරු තවමත් සිටින්නේ රිමාන්ඩ් බාරයේය. මෙම සැකකරු වෙනුවෙන් කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨ නීතීඥ මර්වින් ඩි සිල්වා මහතා සමග ඔහුගේ කනිෂ්ඨ නීතීඥ හර්ෂණ ජයරත්න යන දෙදෙනාය.

නඩුව කැදවූ අවස්ථාවේ දී සැකකරුට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස ජේෂ්ඨ නීතීඥ මර්වින් ඩි සිල්වා මහතා ඉල්ලීමක් කලද විනිසුරු විසින් එමඉල්ලීම ප්‍රතික්ෂේප කොට සැකකරු රිමාන්ඩ් බාරයට පත්කර තිබුණි. නඩු කටයුතු අවසන් වී නීතීඥයන් දෙදෙනා තමන්ගේ පුද්ගලික කාර් රථයෙන් පිටත් වීමට සූදානම් වනවිට පෙර සූදානම් වූ කණ්ඩායමක් පොළු මුගුරු අතැතිව නීතීඥයන් දෙදෙනා ගමන් කිරීමට සූදානම් වූ කාර් රථය වට කර පහරදීමක් කර ඇත. එම අවස්ථාවේ දී පොලීසිය එම ප්‍රහාරය නතර කිරීමට උත්සහකරා මිස කලහකාරී ලෙස හැසිරුන කිසිවකු අත් අඩංගුවට ගැනීමක් කළේ නැත. කනිෂ්ඨ නීතීඥයාට පහරදී තිබූ අතර ජේෂ්ඨ නීතීඥයාගේ බෙල්ලෙන් අල්ලා තිබුණි. කාර් රථයට අලාභවී තිබුණි. 

සිදුවීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතීඥ මර්වින් ඩී සිල්වා මහතා විසින් මිරිහාන පොලිස් ස්ථානය වෙතගොස්  ඔවුන්ට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව අයුතු ජනරාශියක් සාමාජිකයන් වීසිටිමින් අයුතු අවහිරය පහර දීමට තැත්කිරීම, සාපරාධී බිය ගැන්වීම සහ වෙනත් නඩුවලට බාධා කිරීම යන චෝදනා යටතේ පැමිණිල්ලක් කර ඇත. උප පොලිස් පරීක්ෂක රුවන් ප්‍රියංකර විසින් එම්ඕඅයිබී 392/148 යටතේ එම පැමිණිල්ල සටහන් කර ඇත.

පැමිණිල්ල සටහන් කර දින කීපයක් ගතවීමෙන් පසුව සැකකරුවන් දෙදෙනකු පමණක් අත් අඩංගුවට ගත්තේ නීතීඥ සංගමයේ මැදිහත් වීම නිසාය. සිදුවීම සිදුවන විට එම ස්ථානයේ සිටි පොලිස් නිළධාරින් විසින් පහත සදහන් වැරදි ඍජුවම සිදුකර ඇත.

1 පොලිස් අඥා පනතේ 56 අ  පරිධි සියළුම අපරාධ , වැරදි සහ පොදු හිරිහැර වැලැක්වීමට තමාගේ සම්පූර්ණ ධෛර්යය සහ ශක්තිය නොයෙදවීම

2 පොලිස් අඥා පනතේ 56 ආ සාමය ආරක්ෂා නොකිරීම සහ පොලිස් ආඥා පනතේ 83 වගන්තිය ප්‍රකාරව බියසුළු වී සැකකරුවන් ට පලා යාමට අවස්ථාව ලබාදීම.

පොලිස් නිළධාරින්ට එසේ හැසිරෙන ලෙසට නියෝග ලැබුනේ කාගෙන්ද යන්න සොයා බැලීමේදී හෙළිවු කරුණු ඉතාමත් ලැජ්ජා සහගත දෙයකි.

මෙම ක්‍රියාව මෙහෙයවා ඇත්තේ වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති වරයෙකු වන ටිකලෝ ( ටිකක් නීතිය දන්න) පඩිපෙළේ වොයිස් කට් නීතීඥ ලෙස විරුදාවලී ලත් නීතීඥ සුනිල් වටගල විසිනි. ඔහු තුන්වන පාර්ශ්වයක් හරහා අදාල සැකකරු ගෙන් නඩුව තමාට ලබාදෙන ලෙස  ඉල්ලීමක් කර ඇත. සැකකරු එයට අකමැති වී ඇත. එයින් කිපුන මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහරගම සිටින ඔහුගේ හිතෛෂීයෙක් වන විදේස් ගතව සිට ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බඩෝවිට අසංකගේ ගෝලයකු වන මහරගම රංජිත් ලාල් නොහොත් සියංකො ලාල් හරහා සැකකරු වෙනුවෙන් පෙනීසිටින නීතීඥයන්ව සාපරාධී බියගැන්වීම ඇතිවන ලෙසට බලපෑම් කිරීමට සැලසුම් කලනිසා පොලීසියට අදාල සැකකරුවන්ට එරෙහිව යමක් කිරීමට නොහැකි වී ඇත. ජේෂ්ඨ නීතීඥයා කරන ලද ලිඛිත පැමිණිල්ල ප්‍රකාරව නඩු කරයක් ගෙනයාමට නම් අවම වශයෙන් සැකකරුවන් පස් දෙනෙක් අත් අඩංගුවට ගැනීම කල යුතුය. නමුත් අදවන තෙක් මිරිහාන පොලීසිය එය ඉටුකර නැත. ඒ නියෝජ්‍ය ඇමති වරායාගේ ඍජු බලපෑම නිසාය.

අමාත්‍ය කේඩී ලාල්කාන්ත මහතා ” අපි කළු කෝට්වලට ගහනවා ” කීවේ ආන්ඩුවට අවනත නොවන නීතීඥයන්ට සහ නඩු කාරයන්ට පහර දෙන බවද? නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ක්‍රියාත්මක කරවූයේ එම ප්‍රකාශයේම දිගුවක් ද? යන්න පැහැදිලි කරගත යුතුව ඇත.

නීතීඥයකු ලෙසට වත්මන් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ඉල්ලා සිටින්නේ අධිකරණය වෙත ඉදිරිපත් වෙන සැකකරුවන් සදහා මින් ඉදිරියේ දී පෙනී සිටිය හැක්කේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නීතීඥයන්ට පමනක්ද යන්න විවෘතව රට හමුවේ ප්‍රකාශයක් කරන ලෙසයි.

එසේ කල පසු රටවැසියන්ට නීතීඥ සහය ලබා ගැනීමේදී අදාල නීතීඥයාගේ දේශපාලන සබදතාවය සොයාබලා තෝරා ගැනීම කල හැකි අතර අපගේ කාර්යාලයේ අපගේ දේශපාලන සබදතාවය කුමක්ද කියා සදහන් පුවරුවක් ප්‍රදර්ශනය කිරීම කලහැක.

(නීතීඥ ධනුක සේනානායක විසින් විද්‍යුත් තෑපෑලට යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *