ලංකා ධීවර සංස්ථාවට අයත් මිගමුව ප්‍රාදේශිය කාර්යාලයේ කළමනාකරු වයි ජී යසන්ත මහතා අපරික්ෂාකාරි අයුරින් ආයතනයේ කැබිරථයක් පදවා යතුරුපැදි කරුවෙකු අනතුරට ලක් කිරිමෙන් පසු එම යතුරුපැදි කරු මිය ගොස් තිබෙි.
රාජකාරි වෙලාවෙන් පසුව ආයතනයේ කැබිරථය ඔහු විසින් පදවා ඇති අතර එහිදී සිද්ධියෙන් රථයටත් අලාහාභානි සිදුව ඇතත් මේවනතෙක් ආයතනයෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු කර නොමැත.
පසුගිය ජනවාරි 13 දින රාත්‍රි 9.30 පමණ මිගමුව කුරුෂ හංදියේදි අපරික්ෂා කාරි අන්දමින් WP PH 2948 දරණ කැබිරථය පදවා ඔහු විසින් පදවා ඇති අතර එහිදි යතුරු පැදියක ගැටිමෙන් පැදි කරු හා පසු පැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත. එහිදි යතුරු පැදි කරුට රුපියල් ලක්ෂයක්ද ලබා දි ඇති අතර පසුව ඇපමත ඔහු නිදහස් වී තිබෙි.කෙසේ වෙතත් යතුරුපැදි කරු රෝහලේ දි මිය ගොස් තිබෙි.
එහෙත් මෙම සිදුවිම සම්බන්ධයෙන් ආයතනය දැනුවත් කර නොමැති අතර ඔහුට රියදුරු නොමැතිව වාහනය භාවිතා කිරිමට නොහැකිය. එසේ තිබියදී රාත්‍රියේදී මේ ආකාරයට සංස්ථාව සතු වාහන නිතිවිරෝධිව රැගෙන ගොස් මිනිස්සුන් හප්පා මරා දමන තුරු සංස්ථාවෙි බළධාරින් නිද්‍රාහිළිව සිටිමත්, තවදුරටත් ඒ සම්බන්ධයෙන් ඇස් කම්පියා සිට ඔහුටතවදුරටත් සේවයේ යෙදිමට අවස්ථාව ලබා දී තිබිම කනගාටුවට කරුණකි.
2026-02-03

