ලංකාවේ පාසල් ක්‍රිකට් පද්ධතියේ පාසල් පුහුණුකරුවන් වෙත නීති මාලාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයේද අනුමැතියෙන් පාසල් ක්‍රිකට් බලධාරීන් විසින් පනවා ඇත.
එම නීති මාලාවට අනුව පාසල් තරගයකදී පුහුණුකරුට තරගය අතරතුර පිටිය වටා යාමට හෝ ක්‍රීඩකයන්ට කෑ ගසා උපදෙස් දීමට තහනම් ය.
එවැනි නීතියක් පනවා ඇත්තේ ක්‍රීඩකයන්ට පීඩනයකින් තොරව තමන් ක්‍රීඩාව පිළිබඳව අධ්‍යයනයක් ලබමින් ක්‍රීඩා කිරීමට නිදහස ලබා දීමටය.
එහෙත් මෙවැනි නීතියක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැත. බොහෝ විට ප්‍රධාන පුහුණුකරු ඩග් අවුට් එකේ වාඩි වී සිට අතිරේක ක්‍රීඩකයන් ලවා මැදට උපදෙස් පණිවුඩ යැවීම සිදු කෙරේ.
ඇතැම් සහායක පුහුණුකරුවන් හතරේ සීමාවට පිටින් ඇවිද යමින් ක්‍රීඩකයන්ට උපදෙස් දෙනු දැකිය හැකිය.
පසුගියදා දඹුල්ලේ පැවති ශ්‍රී ලංකා පාකිස්තානු තුන්වැනි විස්සයි විස්ස තරගය අතර තුර සහායක වේග පන්දු පුහුණුකරු ලසිත් මාලිංග හතරේ සීමාව අසල සිට පන්දු යවන්නන්ට උපදෙස් දෙනු දක්නට ලැබීය.
මාස දෙකක කාල සීමාවට ඩොලර් 40,000 ක දීමනාවක් ගෙවනු ලබන ලසිත් මාලිංග සිරිත් පරිදි පබ්ලිසිටිය වෙනුවෙන් කැමරා ආකර්ෂණය වෙනුවෙන් මෙය කළා නොවිය හැක.ඒ තම පෞද්ගලික යූටියුබය හරහා කොහොම වුණත් ඔහු ඒ වැඩය කරන නිසාය.
ජාත්‍යන්තර වශයෙන් නොමැති නීතියක් පාසල් පුහුණුකරුවන් වෙත පැනවීම ගැන ශ්‍රීලංකා ක්‍රිකට් බලධාරීන් නැවත වරක් සිතා බැලිය යුතු බව ලසිත් මාලිංග මෙහිදී පණිවුඩයක් ලබා දී තිබේ.

