වඳ සැත්කම් පොලිස් ලොක්කා දකුණේ පෝරිසාද පොලිස් අධිරාජ්‍යයක් ගොඩ නගයි

ජාතික ජන බලවේගයේ පොලිස් ඇමති ඩබල පොලීසියෙ රාජකාරිලට අත දාන්‍නෑ අපි එයාලට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දීල තියෙන්නේ යැයි ආඩම්බරයෙන් පවසද්දී හතර වටින් ඇ⁣සෙන්නේ පොලීසිය පිස්සු කෙලමින් සිටින බවය.

ඒ පිස්සු කෙලීම හෙට අනිද්දා වන විට නවතින්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමුඩයද ගලවා ගෙන බව අපට ඇස් පනා පිට පෙනෙන්නට තිබේ.

⁣දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිත්සිරි ජයලත්ය.ඔහු දේශපාලනික අවශ්‍යතාව මත මේ රට තුළ ජාතිවාදය අවුස්සා ගිණි තැබූ පළමු හනුමන්තාය.සැබැවින්ම පාස්කු ප්‍රහාරයේ පළමු මුල් ගල තැබුවේ මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාය.ඒ බව අප මේ ලියන්නේ මුල් වරටද නොවේ.මේ ආණ්ඩුව බලයට පත් වීමට පෙර මාලිමාවේ මැති ඇමති සහෝදරවරුන් ඒ පිළිබඳව සිය දහස් වරයක් ජනතාවට හෙළිදරව් කළ බවද අපට අමතක නැත.

දොස්තර ෂාපි කාන්තාවන් සිය දහස් ගණනක් වඳ  සැත්කම් කළ බවට වූ අ⁣තේ පැලවෙන චේතිය තොරතුරක් මේ දිවයිනේ ලියන්නකුට ලබා දුන්නේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ය.ඒ ⁣තොරතුර පිළිබදව විමර්ශනය කර දොස්තර ෂාපිට සාධාරණය ඉෂ්ඨ කර දුන් පොලිස් නිළධාරියා ශානි අබේසේකරය.ශානි අබේසේකර ඇතුළු විමර්ශන කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කරන ලද සාක්ෂි විභාගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුව තුළින්ද කිත්සිරි ජයලත් හා සහකාර පොලිස් අධිකාරීවරයාගේ අමානුෂික අශීලාචාර හා ගෝත්‍රික ස්වරූපය අනාවරණය විය.එපමනක්ද නොවේ.මේ ⁣පොලිස් නිළධාරීන් දෙදෙනාගේ විනය ව්රෝධී ක්‍රියා කළාපය අධිකරණ තීන්දුව තුළද සඳහන් විය.මොවුන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන ලෙසටද අවධාරණය කෙරිණි.

පාස්කු ප්‍රහාරය සඳහා මුලින්ම පාවඩ දැමුවේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බව අමුතුවෙන් සදහන් කළ යුතු නොවේ.මුසල්මානුවන් පිළිබඳව මෙරට සමාජය පුරා වෛරයක් නිර්මාණය කෙරුවේ ඔහුය.මේ සැළසුම කිසිසේත්ම ඔහුගේ හිතූ මතයට සිදු කරන ලද දෙයක් නොවන බව පැහැදිලි වන්නේ මෙහි අවසානය පාස්කු ප්‍රහාරය වූ නිසාය.

ජාතික ජන බලවේගය බලයට පත් වූයේ නීතියේ ආධිපත්‍යය මෙරට ස්ථාපිත කරන බවට ඔළුවේ අත ගසා දිවුරා පොරොන්දු වෙමිනි.එහෙත් ජාතික ජන බලවේගයම තමන් විසින් දුන් ඒ පොරොන්දුවට වංගු ගසමින් සිටින බව පෙනෙන්නට තිබේ.එයට හොඳම උදාහරණය මේ ජාතිවාදී අමානුෂික පොලිස්කාරයා දැන් ජනපති අනුර සහෝදරයා ගේ “මචං සහෝදරයෙක්” වෙන තරමට ⁣විශ්වාස කිරීමය.ජාජබ ආණ්ඩුව බලයට පත් කරවීමට පෙර දූෂිතයෙකු ලෙස හංවඩු තබා සිටි ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්  බලයට ලබා ගත් ආණ්ඩුවේ ආදරණීය සමීපතමයෙක් දක්වා රූපාන්තරණය වීම නම් සැබෑවටම අදහා ගත නොහැකි තරමේය.

පසුගියදා මේ පොලිස් උන්නැහේ ජනපති අනුර සහෝදරයා වගකීමෙන් තොරව අදහස් ප්‍රකාශ කරන්නෙක් බවට සමාජය තුළ අදහසක් ඇති කිරීමට වෑයමක් දරන ලද්දේද යන්න ගැන අපට සැකයක් ඇති වී තිබේ.ඒ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු මිනිස් ඝාතනයක් කර නිදන් හැරීමට යාමේදී අත් අඩංගුවට ගන්නා ලදැයි පැවසෙන අසත්‍ය චෝදනාවකට නීති විරෝධීව අත්ඩංගුවට ගැනීමත් එම අත්ඩංගුවට ගැනීම පිළිබඳව ජනපති අනුර සහෝදරයා නොමග යැවීමත් නිසාය.

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දියත් කළ මේ සැළසුම ජනපතිවරයාගෙන්  ලකුණු දාගන්නට කළ කුමන්ත්‍රණකාරී සැළසුමක් වන්නටද පුළුවන.ඒ මේ පොලිස්කාරයා එවැනි කුමන්ත්‍රණ කිරීමේ නොම්මර එකේ බඩුවක් නිසාය.කෙසේ වෙතත් මේ සිද්ධියෙන් ජනපතිවරයා නිකම්ම නිකම් කයිවාරු කාරයෙක් වෙන තරමේ බාල්දුවට පත් වූයේ චෝදනා ලද මේජර් ජනරාල්වරයාට එරෙහිව කර ඇති චෝදනා සම්පූර්ණ අසත්‍ය බවට පිළි ගනිමින් අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ නිසාය.මෙය ලේසි පහසු සිද්ධියක් ලෙස සිතිය යුතු නැත.එහෙත් ජනපතිවරයා නොමග යවමින් තොරතුරු ලබා දුන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා තවමත් යහතින් රාජකාරි කිරීම ආණ්ඩුවේ ඔතෑනිකම තහවුරු කරන්නකි.එය වඩාත් තහවුරු වන්නේ අසාධාරණයට ලක් වූ මේජර් ජනරාල්වරයාට සාධාරණය ඉටු කරන්නට පොලිස්පතිවරයා තවමත් මැදිහත් වී නැති නිසාය.මෙලෙස අසාධාරණයට ලක් වූයේ මෙරට යුද හමුදාවේ සේවය කළ ⁣මේජර් ජනරාල් වරයකු බව අප අමතක කළ යුතු නැත.මෙරට සේනා විධායකද ජනපතිවරයාය.එය එසේ වන්නේ නම් සාමාන්‍ය පුරවැසියෙකුට මෙරට නීතිය සාධාරණව ඉටු කර ගත හැකි වේද යන්න ගැන සැක සංකා මතුවේ.     

මේ වන විට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් දකුණ පලාතේ ඇතුගල්පුර අධිරාජ්‍යය ගොඩ නගමින් සිටී.දකුනේ බොහෝ  පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස ඔහු විසින් පත් කරමින් සිටින්නේ කුරුණෑගල සේවය කළ පට්ට දූෂිත පොලිස් කාරයන්ය.එසේත් නැතිනම් ඔහුගේ ඥාතීන්ය.⁣මොහු වයඹ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ⁣පොලිස්පති වරයා ලෙස කටයුතු කරමින් සිටින විට සිදු කරන වංචා දූෂණ පිළිබඳව මහාවංශය තරමට වාර්තා වී තිබේ.මේ වන විට මොහු වෑයම් කරන්නේ ඒ පට්ට පාදඩ පොලිස් සංස්කෘතිය දකුණු පලාතේ නිර්මාණය කිරීමටය.අප මේවා අනාවරණය කරන විට පොලිස්පතිට ඩෝං යන බව අපි දනිමු.ඒ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පොලිස්පතිගේ බඩ බැඳගත් යාළුවා නිසාය.මේ දෙදෙනාගේ යාලු මිත්තරකම් අපට අදාල නැත.දකුණු පලාතේ සිද්ධ වෙමින් පවතින පාදඩ පොලිස් අධිරාජ්‍යය තුළ මේ වන විට ජාජබයේ මහජන නියෝජිතයන් පයිසෙකට ගණන් ⁣ගන්නේ නැති තරමේය.පුරවැසියෙකුට තියා පාසැල් ශිෂ්‍යයෙකුට පවා නිදහ⁣සේ ගමන් බිමන් යාමේ ව්‍යවස්ථානු කූල අයිතිය ⁣කිත්සිරි ජයලත්⁣ගේ පොලිස් හෙංචයියන් විසින් බලහත්කාරීව උදුරා ගනිමින් සිටීයි.

මෑතකදී ටියුෂන් ගිය බාල වයස්කාර දරුවන් පස් දෙනෙකු හැඳුනුම්පත් නැති බවට චෝදනා කරමින කුදලා ගෙන ගිය අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් මුදා හරින ලද්දේ ඇඟිලි සළකුණු පවා ලබා ගෙනය.

පුරවැසියෙකුගේ ඇඟිලි සළකුණු ගැනීමට අධිකරණ නියෝගයක් ලබා ගත යුතුව තිබියදී අම්බලන්ගොඩ පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා බාල වයස්කාර දරුවන් මානසික පීඩාවට පත් කරවන ආකාරය⁣ට ඔවුන්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලද්දේ ඡ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා පවතින ලේ නෑකමේ හයිය පෙන්වා විය යුතුය.මේ දරුවන් පස් දෙනා අතර ජාජබයෙන් බලපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සභිකයෙකුගේ දරුවෙක්ද සිටියේය.සිය දරුවා සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීමට අම්බලන්ගොඩ පොලීසියට ගිය ජාජබ සභිකයා පඩේකටවත් ගණන් නොගත් බව මේ ලියුම්කරු හා පැවසුවේ එම සභිකයාමය.එපමනක්ද නොවේ.

අම්බලන්ගොඩ  මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා රාජකාරි කරමින් සිටින්නේ නගර සභාවේ සභාපතිවරයාගේ උපදෙස් පවා නොතකමිනි.හැඳුනුම්පත නැතුව නගරයේ පුරවැසියන්ට හුජ්ජ කරන්ටවත් එළියට යන්නට බැරි තරම⁣ට මේ මෝඩ පොලිස්කාරයාගේ මදාවි කෙරුවාව මුදා හැරෙමින් තිබේ. 

කරන්දෙණිය පොලිස් ස්ථානයේ පසුගිය කාලයේ රාජකාරි කෙරුවේ නීතිය අකුරට ඉටු කරන පොලිස් ස්ථානාධිපතිවරයෙකි.

එහෙත් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝග මත ඔහු එම පොලිස් ස්ථානාධිපති ධුරයෙන් නෙරපා හැරිණි.මෙහිදී මේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදු කරන තක්කඩි ගේමක් ගැන අප හට අනාවරණය වී තිබේ.ගාල්ල පැත්තේ පොලීසියේ කෙරුවාවන් විවේචන කරන යූ ටියුබ කාරයෙක් සිටී.මොහු පොලීස් සේවාවේ යෙදී සිටියදී වැඩ තහනම් කරන ලද පොලිස් සැරයන් වරයෙකි.මේ යූ ටියුබ කරු හා ඡේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත් පොලිස් කොස්තාපල් වරුන් ලෙස පොලිස් සේවාවට එක් වී ඇති අතර පුහුණුවෙන් පසු දෙදෙනා සේවය කර ඇත්තේ ⁣පෑලියගොඩ පොලිස් ස්ථානයේය.දකුණු පලාතේ පොලිස් ස්ථානාධිපතිවරයකු ඉවත් කර ගැනීමට  අවශ්‍යවූ විට ඔහු හට එරෙහිව කවර හෝ චෝදනාවක් ඡ්‍යෙ.නි.පොලිස්පති කිත්සිරි ජයලත් විසින් මේ යූ ටියුබකාරයා ලවා මුදා හැරීමට කටයුතු කරයි.මේ දෙදෙනා පුකට අමුඩය වගේය.යූ ටියුබ කාරයා ගේ අනාවරණය කිරීමත් සමගම ජ්‍යෙ.නි.පොලිස්පති අදාල පොලිස් ස්ථානාධිපතිවරයාට ෂොට් එක දෙයි.ඒ පොලීසියේ ඊළඟ පොලිස් ස්ථානාධිපතිවරයා වන්නේ කුරුණෑගලින් ගෙන්වා ගන්⁣නා පට්ට දූෂිතයෙක් ලෙස හංවඩු වැදී ඇති පොලිස් නිළධාරියෙකි.කෙසේ වෙතත් ඡ්‍යෙ.නි.පො කිත්සිරි ජයලත්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් සිටින එම යූ ටියුබ කාරයා නිසා දකුණු පලාතේ පොලිස් සේවාව තුළ මතු වී ඇත්තේ අසහන කාරී වටපිටාවකි.මේ අසහනය කවදා කවර හැඩයකින් මතුවේද යන්න ගැන අනාවැකි කිව නොහැකිය.එහෙත් මෙහි බරපතල අවදානම ඇත්⁣තේ ජාජබ ආණ්ඩුවේ දේශපාලන බලය⁣ටය.ජාජබ ආණ්ඩුව හැම ප්‍රශ්ණයකටම පිළිතුරු හොයන්නේ ප්‍රශ්ණය කුණු වී ඔද්දල් වූ පසුවය.ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොසිනි.

ජාතික බුද්ධි සේවා නිළධාරීන් මේ විකාර ගැන හොඳ හැටි දැනුවත්ය.එහෙත් ඔවුන් පවා මේ සත්‍යය වසන් කර ගනිමින් සිටින බවට අපට සැකයක් ඇති වී තිබේ.ආණ්ඩුව බිමට වැටෙන තුරු ඇඟිලි ගනිමින් සිටින ජාතික බුද්ධි සේවාවකින් ඊට වඩා කම්බුකාර ⁣සේවාවක් අපේක්ෂා කළ නොහැකිය.ජාතික බුද්ධි සේවාවෙන් ජනපතිවරයා ⁣පවා අන්දා තියෙන තරම තේරුම් ගත හැක්කේ ⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මාර වැඩ කාරයෙක් විදියට ජනපතිවරයා හිතා ගෙන සිටින බැවිනි.ජනපතිවරයාගේ මෙි සිතීම පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර නොදන්නවා නොවේ.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්⁣ගේ අශීලාචාර තක්කඩි කෙරුවාවන් මේ දෙදෙනා තරම් වෙන කිසිවෙකුත් නොදනී.එහෙත් මේ දෙදෙනා කට පුක වසා⁣ ගෙන සිටීම ගැන අපට ඇත්තේ බරපතල ප්‍රශ්නයකි.කිත්සිරි ජයලත් පොලිස්පතිවරයාගේ ගජ යාළුවා නිසා මේ දෙන්නා නිහඬව සිටිනවා වෙන්නටත් පුළුවන.එහෙත් මේ ගෝත කරුමය ජාජබ ඡන්ද පදනම⁣ට සිදු කරමින් තිබෙන හානිය බරපතලය.   

පොලීසියට ඕනෑ විදියට දහ අ⁣ට සන්නිය නටන්න දී කෙල වුන පසු අනේ අපොයි අපට වු⁣න දේ යැයි හූල්ලා වැඩකුත් නැත.

ඒ සෑම දෙයකින්ම කෙල වන්නේ ජාජබය ගැන විශ්වාසය තියා ගෙන සිටින පහල ඇවරියේ අහිංසකයන්ටය.ඒ මන්ද යත් ජාජබයේ ඉහල පෙලේ කෙරුම්කාරයන්ට ආරක්ෂාව සැළසීමට ආදරණිය ටිරාං අයියා සිටින බැවින් තමන්ට කිසිම ප්‍රශ්ණයක් ඇති නොවන බවට ඔවුන් තුළ පවතින පරම පවිත්‍ර විශ්වාසය නිසාය.     (විශේෂ ලියුම් කරුවෙකු විසිනි)           

Leave a Reply

Your email address will not be published. Required fields are marked *