වන අලි ,මිනිස් ගැටුම හා ආණ්ඩුව

ආණ්ඩුව පත්වී වසරකි.විවිධ විවේචන මැද වුව ආණ්ඩුව ඉදිරියට යමින් තිබේ.ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්ති අතරට තිරසාර පරිසර ප්‍රතිපත්තයට හිමි වූයේ ප්‍රමුඛත්වයකි.එහිලා රටේ විශාල භූමි ප්‍රදේශයක සිදුවන වන අලි ,මිනිස් ගැටුමද  විසඳීමට ක්‍රියා කරන බව දැක්විණි.එහෙත් වසරක් ගෙවී ගියද මේ ගැටළුවට ප්‍රවේශයක් හෝ ලබා නොමැති බව පෙනේ.

පරිසර ඇමති වෛද්‍යවරයෙකි.එහෙත් ඔහුගේ විෂය පථය වූ වෛද්‍ය වෘත්තියෙන්  බැහැර වගකීමක් දරන්නට අපොහොසත් බවට ඉඟි පලවෙමින් තිබේ.විවිධ සංවිධාන ,පරිසරවේදීහු ,රාජ්‍ය නිළධාරීන් අලි ,මිනිස් ගැටුමට විවිධ යෝජනා හා විසදුම්  ඉදිරිපත් කර ඇති නමුත් පරිසර ඇමතිවරයා අලස ලෙස ඊට ප්‍රතිචාර දක්වන බව පෙනේ.දිනපතා රටේ කොහේ හෝ තැනක එක්කෝ,අලියකු පහරදීමකින් පුද්ගලයකු මිය ගොසිනි. නැතහොත් මිනිස් ක්‍රියාකාරකම් නිසා අලින් ජීවිතයෙන් වන්දි ගෙවනු ලබයි . නොඑසේනම් දුම්රියේ හෝ අලි හැපෙති.

මෙහි අවසාන ප්‍රතිඵලය වටිනා අලි,මිනිස් ජීවිත මෙන්ම විශාල වගා හානියක් හා දේපොළ හානියක් දිනපතා රටට අහිමි වීමයි .මීට වගකිව යුත්තෝ එකිනෙකාට ඇඟිලි දිගු කරමින් සිටිනවා හැර කෙටි හෝ දිගුකාලීන විසඳුම් සොයන බවක් නොපෙනේ.ලංකාවේ ජාතික වනෝද්‍යානය තුලින් පමණක් සංචාරක ආදායම කෝටි සිය ගණනකි.එහෙත් වනජීවී දෙපාර්තමේන්තුවට ඉන් කිසියම් ප්‍රතිශතයක් හෝ ලබා නොදිම මන්ද යන්න ගැටළුවකි.එසේ නොලැබුනද මුදලක් වැය නොකර අලි ,මිනිස් සටන අවම කළ හැකි යෝජනාද රැසකි.

එහෙත් ප්‍රායෝගිකත්වය අවම පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගෙන් මීට විසදුම් සෙවීමද නිෂ්ඵලය.උගතුන් පමණක් තනතුරුවලට පත් කිරීම ප්‍රායෝගික නොවන බවට පරිසර ඇමති හොඳම සාක්ෂියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *