පොලිස්පතිලාත් කක්කි බය කවුද මේ කමල් පුෂ්පකුමාර

පොලිස් දෙපාර්තමේන්තුවේ අමුතු අමුතු චරිත ඇත.  ජේෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්ප කුමාර ද එවැනි අයෙකි. පොලොන්නරුව බකමූන ගමේ ඉතාමත් දිලිඳු පවුලක වැඩිමලාය. අධ්‍යපනය හැදෑරීමට දක්ෂතාවක් නොතිබුණි. ඔහුගේ සොහොයුරා පොලිස් උපසේවයට උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස බැඳී යුද්ධයේ ගොදුරක් බවට පත්විණි. එම පවුලේ එකම ආදායමලාභියා මියගිය සහෝදරයා වූ අතර පුෂ්ප කුමාරගේ පවුලේ සාමාජිකයන්ට දැඩි ආර්ථික අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදුවිය.

නිත්‍ය පොලිස් සේවයේ පොලිස් කොස්තාපල් වරයෙකු ලෙසට හෝ බඳවා ගැනීමට තරම් අධ්‍යපන සුදුසුකම් කමල් පුෂ්පකුමාර ට නොවීය. පලාතේ දේශපාලකයන්ට පිංසෙන්ඩු වීමේ ප්‍රතිපලයක් ලෙසට කමල් පුෂ්පකුමාර ව එකල පැවති පොලිස් උපසේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසට පොලීසියට බඳවා ගන්නා ලදි. මුල් පත්වීම ලැබ අනුකණ්ඩයක් සමග ගියේ ත්‍රීකුණාමලයේ මොරවැව ගම්මානය ටය.

එහිදී ඔහුට ඉල්ලමක් පෑදුණි ඒ මොරවැව විහාරස්ථානයේ නායක සාදුගේ යහනේ තනි රකින්නා වීමයි. කාළයාගේ ඇවෑමෙන් දේශපාලන මැදිහත් වීම මත කමල් පුෂ්පකුමාරට සීගිරිය පොලිස් මුර පොලේ ස්ථානාධිපති ධූරය ලැබිණි. ඔහු ඉන් උපරිම පලනෙලා ගත්තේය. පොලිස් මුරපොලේ ස්ථානාධිපති කමට අමතරව අර්ජුන රණතුංග සනත් ජයසූරිය ඇතුළු එකල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම සීගිරිය ගමෙන් තරුණ වියේ කාන්තාවන් සැපයීමේ පිම්පි රැකියාව කළේය.

 පසුව අනුන් කල යහපත් වැඩකට පුෂ්පකුමාරගේ නමත් ඇතුලත් කොට ඔහුව නිත්‍ය සේවයට අනුයුක්ත කර පොලිස් පරීක්ෂක ධූරයට උසස් වීමක්ද ලබා දුන්නා ය.ඒ අර්ජුන රණතුංග ගේ වික්‍රමයක ප්‍රතිපල යකි. ඉන් අනතුරුව සනත් ජයසූරිය ගේ මැදිහත් වීමෙන් මුල්ලේරියාව පොලීසියේ ස්ථානධිපති තනතුර ලැබිණි.

 මුල්ලේරියාව ස්ථානාධිපති ලෙස සිටි කාළයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු වූ ජේසුදාසන්ගේ ගෝලයන් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂ 23 ක මුදල් සමග අත් අඩංගුවට ගත් අතර උසාවියට ගනින්න ලේසි වෙන්න රුපියල් ලක්ෂ 23 න් රුපියල් ලක්ෂ 5 1/2 ක් පමණ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කළේය. එතැනින් නොනැවතුන ඔහු එවකට පොලිස්පති ලෙස සිටි ආනන්දරාජාට ගෙදර යන්නටම එවකට නාර්කොටික් ඩීඅයිජී වූ පූජිත් ජයසුන්දර සමග එක්වී කටයුතු කළේය.

ඔහුට මුල්ලේරියාව ස්ථානාධිපති ධූරය අහිමි වූ පසු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ අනුසසින් බොරැල්ල පොලීසියේ ස්ථාධිපති තනතුර ලැබිණි. එය ඔහු දැරුවේ මාසයක් පමණි. එහි ඇති රාජකාරී වපසරිය ඔහුට දරාගැනීමට නොහැකි නිසා ඔහු විසින්ම තනතුර අත් හැර පොලිස් ක්‍රීඩා කොට්ඨාසට ගියේය.

මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ලෙස සිටි සමයේ ප්‍රදේශයේ පස් කැපීමේ නිරත වූ රෝහණ නම් ව්‍යාපාරිකයකු ගේ මුදල් වලින් හෝකන්දර ඉඩමක් මිලදී ගත් පුෂ්පකුමාර එහි දෙමහල් නිවසක් ඉදිකළේය. එම නිවස ඉදිකිරීම පිළිබදව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගියද අර්ජුන රණතුංගගේ මැදිහත් වීමෙන් එයද යට ගැසිය. එම නිවසේ ඇති බාර් එකේ ඇති විදෙස් බීම වල වටිනාක රුපියල් කෝටිය ඉක්මවයි.

ඔහු ඉස්තරම් ලෙසට කරන්නේ ලොක්කන්ට දේශපාලකයන්ට ක්‍රිකට් කන්ඩායමේ සාමාජිකයන්ට කාන්තාවන් සැපයීමේ පිම්පි රැකියාවය. එහි ආනුභාවයෙන් ඔහු ගල්කිස්ස කොට්ඨාසයේ කොට්ඨාස භාර නිළධාරියා ලෙසට පත්විය. ටිරාං අලස්ට ගනිකාවන් සැපයීම නිසා කූඨලේඛන මගින් ඔහුට ජේෂ්ඨ පොලිස් අධිකාරී නිළයද ලැබුණි. එම උසස් වීම ලබා දීමට එරෙහිව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය මුලින්ම කළේ අතුරු තහනම් නියෝගයක් ලබාදී ඔහුව නිළයෙන් පහල දැමීමයි.

 ඉන් පසුව නැවත ක්‍රීඩා කොට්ඨාස වෙතට යැවූ පුෂ්පකුමාරව ටිරාං අලස් විසින්  නාගරික රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසට පත් කළේය. ඔහු ගල්කිස්ස කොට්ඨාසයට ඒමට පෙර ක්‍රීඩා කොට්ඨාසයේ සේවය කරන සමයේ මාතලේ රත්තොට පුද්ගලික ඉඩමක් මිලදී ගෙන කුළුබඩු වගාවක් ආරම්භ කළේය. එහි සේවයට උපපොලිස් පරීක්ෂක වරයෙක් යොදවා තිබුණි. සතියකට වරක් ක්‍රීඩා කොට්ඨාසයේ ජීප් රථය මාතලේ රත්තොට ගියේ දෙපාර්තමේන්තුවේ සල්ලි වලිනි. පොලිස් රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස සිටින විට ඔහුට හෘද්‍යාබාධයක් වැලදී නවලෝක රෝහලේ නතර කල විට ඔහුව බැලීමට ඔහුගේ බිරිඳ පැමිණීමටත් පෙර රෝහලට ගියේ ටිරාං අලස් සහ දේශබන්දු තෙන්නකෝන් දෙදෙනා ය. 2024 වර්ශයේ ආසියාතික කුසලානය වෙනුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ තරගපැවති අවස්ථාවේ වාහන ගාල් කිරීමට ඔහුගේ කන්ඩායම් යොදවා විශාල මුදලක් සෙව්වෙිය. බයිපාස් රෝගියකුව සිටි ඔහුට ඒතරග පැවැත්වෙන අතර තුර කොළඹ උතුර කොට්ඨාසයේ වැඩ බැලීමටද පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් විසින් පත් කිරීම විහිළුකි.

පොලිස් දෙපාර්තමේන්තුවේ කොට්ඨාස භාර නිළධාරියකු යනු ගනන් තැබීමේ නිළධාරියෙකි. ඒත් බකමූණ මහ විද්‍යාලයේ ඉගෙනුම ලබා සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ගණිතය විෂය අසමත් අයකු කොට්ඨාස භාර නිළධාරියකු ලෙස පත් කිරීම විහිළුවක් නොවේද?

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ හිටපු අමාත්‍ය ටිරාං අලස් ඔහුව ආරක්ෂා කරේ කොළඹ සිටි බොහෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් මාසිකව ඔවුන්ට ලැබුන රුපියල් කෝටි 10 කට ආසන්න මුදල එකතු කල නිළධාරියා මොහු වීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව තීන්දුව දෙමින් කියා සිටියේ ඔහුගේ උසස් වීම නීතියානුකූල නොවන බවත් එම නිසා පැමිනිල්ල ඉදිරිපත් කල සියළුම නිළධාරින්ට නඩු ගාස්තු ගෙවන ලෙසටද නියෝග කරන ලදි.

ඉන් පසුව ක්‍රියාත්මක වූ ටිරාං අලස් කරේ ඔහුගේ අතකොලුවක් වන පොලිස් කොමිසම හරහා කමල් පුෂ්පකුමාර ට ජේෂ්ඨ පොලිස් අධිකාරී වීමට හැකිවන පරිධි ලිපියක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිළයෙන් පහත හෙලූ කමල් පුෂ්පකුමාර ව ජේෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කිරීමය.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව කණිෂ්ඨ පොලිස් නිළධාරින් විසින් ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු 7 දෙනෙකු වෙත ලිඛිත පෙත්සමක් යවා ඇත. නමුත් ඒ ගැන කිසිදු පරීක්ෂණයක් සිදුනොකර සිටින්නේ ටිරාං අලස්ගේ බලපෑමටද යන්න සැකයක් පොලිස් නිළධාරින් තුල ඇත

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු කමල් පුෂ්පකුමාර කරේ වසර දෙකක නිවාඩු ගෙන පොලිස් රාජකාරියෙන් ඉවත් වී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මන්ඩලයට එක්වී කාන්තා අවුරුදු 19 න් පහල කන්ඩායමේ කළමනාකරු ලෙස නව පත්වීමක් ලබා ගැනීමයි. එම පත්වීම සාදා  ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ය. දැන් ශම්මි සිල්වාට ,ටිරාං අලස්ට ,දේශබන්දු තෙන්නකෝන් ට, පමනක් නොව වත්මන් ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩකයන් ට සංවාසයේ යෙදීමට කමල් පුෂ්පකුමාර සපයන්නේ අවුරුදු 19 ට ගෑණු ළමයින්ය. ඒ සදහා ඔහුටම ආවේනික පිම්පි රස්සාව හොදින් කරන්නේ ක්‍රිකට් මන්ඩලයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේය.

2024.නොවැමිබර්20 දාතමින් කනිෂ්ඨ පොලිස් නිළධාරින් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමේ පහත කරුණු අඩංගු මෙසේය

” #ජේෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර ඔහුගේ පොලීසියේ සිටි එකකුස උපන් සහෝදරයා මිය යාමෙන් පසුව ඔහුගේ අධ්‍යපන සුදුකම් සහතිකය අවභාවිතා කරමින් මේ දක්වා උසස් තනතුරු වලට පත්වීම.

#රුපියල් දෙකක්වත් නොමැතිව පොලිස් සේවයට එක්වී  හෝකන්දර පාර සිරිපුර නාන තටක සහිත රුපියල් කෝටි 6 කටවඩා වටිනාකමක් ඇති නිවසක් සෑදීම. ඒ නිවස සෑදීමට මුදල් ක්‍රිකට් ක්‍රීඩකයන් දුන්නා කියමින් අසත්‍ය ප්‍රකාශ කිරීම.

#රුපියල් කෝටි 8 මුදලක් ගෙවා හැව්ලොක් සිටි සංකීර්ණයේ නිවසක් මිලදී ගැනීම.

#රුපියල් කෝටි 4 කට වඩා වටිනා කමකින් යුත් හැමර් වර්ගයේ ජීප් රථයක් මිලදීගැනීම

# මාතලේ දඹුල්ල පලාපත්තර හෙවිටේජ් හොටෙල් ඇන්ඩ් ගාර්ඩ්න් නමින් හෝටලයක් ඉඳිකිරීම.

# ක්‍රීඩා කොට්ඨාසයේ අධ්‍යක්ෂක ව සිටි සමයේ පො.කො.රි.80367 ජයලත්ගේ මදුරසිංහ ගුණවර්ධන සහ කා.පො.කො වරියක් වනඔහුගේ බිරිඳව යොදවා ක්‍රීඩා කොට්ඨාසයේ නිළධාරින්ගෙන් රුපියල් කෝටි 3 1/2 ක මුදලක් පොලි පදනම මත එකතු කර එම මුදල් අවභාවිතා කිරීම

# පොකොරි 800367 නිළධාරියා අතුදහන්ව සිටියදී  සිටි ට්‍රැෆික් හි උපොප කල්දේරා සහ ක.උ.පො.ප. ප්‍රියංකා යන අයවලුන් ලවා පොකොරි වරයා වෙනුවෙන් රාජකාරී වාර්තා කිරීමේ සටහන් යෙදීම

# සිටි ට්‍රැෆික් සිටියදී ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිළධාරියා වූ පොකො 77576 උඩමල් වත්තේගෙදර ප්‍රියංකර නිළධාරියා ලවා නුවර මහජනතාව ගෙන් ක්‍රෙඩිට් කාඩ් ඔස්සේ රුපියල් 3 1/2 ක මුදලක් පරිඝණක අපරාධ මාර්ගයෙන් වංචා කරඑම මුදල් වංචාකර පුෂ්පකුමාර ගේ භාවිතයට ගැනීම

# සිටි ට්‍රැෆික් හි සිටියදී කාඋපොප චේතනා ව තමන්ගේ හොර අඹුව ලෙස තබා ගැනීම

# ඒ හේතුව මත ඇයට පොලිස්පති තුමා සහ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමන්ලා ලබා දුන් ස්ථාන මාරුවීම් පැය 24 ක් ඇතුලත අවලංගු කිරීම

# පොලිස් ක්‍රීඩාංගණයේ දියුණුව සදහා ක්‍රිකට් පාලක මන්ඩලය ලබා දුන් ලක්ෂ 50 කමුදල තමන්ගේ හිතවත් කොන්ත්‍රාත් කරුවන්ගේ නම් යොදා ක්‍රිකට් පිටිය ඉතා සුළු අලුත්වැඩියා කොට එම මුදල් වංචා කිරීම.

# පොලීසියේ ක්‍රීඩා වලට අවශ්‍ය පුහුණු කරුවන් සහ භෞතචිකිත්සක සහ ක්‍රීඩකයන්ගේ නම් ලෙස තම හිතවතුන්ගේ නම් යොදා එම මුදලින් කොටසක් තමන්ගේ භාරයට ලබා ගැනීම.

# ක්‍රීඩා කොට්ඨාසයේ විදේශ සංචාර සදහා වීසා  ලබාදී ක්‍රීඩකයන් රැගෙන ගොස් එංගලන්තයේ දමා පැමිණි මාසිකව ඔවුන් ගෙන් පවුම් 500 ගානේ ගෙන්වා ගැනීම.

# රාත්‍රී කාළයේදී සහ දිවා කාළයේදී ඔහුගේ හැමර් ජීප් රථයෙන් සහ ස්කෝපියෝ වර්ගයේ පොලිස් ජීප් රථයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මත්කුඩු ප්‍රවාහනය කිරීම

# බස්නාහිර පලාතේ රථවාහන අධ්‍යක්ෂව සිටි කාළයේ පලාතේ  සංචාරක හෝටල් සහ ආයතන වලට ඔහුට අයත් දඹුල්ලේ පිහිටි හෙවිටේජ් සංචාරක විලේජ් එකට සංචාරකයන් ගෙන යන ලෙසට බලපෑම් කිරීම.

# ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කොට්ඨාසයේ කාන්තා නිළධාරිණියන් ගෲප් සෙක්ස් කිරීම සදහා ලබා දීම

# ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ට දිවයිනේ ප්‍රසිද්ධ හෝටල් කාමර තුලට කාන්තාවන් සහ ගනිකාවන් ලබා දීම

# බස්නාහිර පලාත තුල රථවාහන  යතුරු පැදි යොදවා එම පැදිකරුවන්ට ප්‍රභූ යැයි හගවා මත්ද්‍රව්‍ය බෙදා හැරීම

# ක්‍රීඩා කොට්ඨාසයේ සිටියදී ක්‍රීඩාවේ උන්නතියට බව පවසා එල්ඕඑල්සී ආයතනයෙන් රුපියල් 50000 ක් ගෙන තම ප්‍රයෝජනයට ගැනීම. වේ

 මීට අමතරව ඔහු විසින් ජා-ඇල පමුණුගම  පොලීසියට ආසන්නයේ පිහිටි හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුට අයත් හෝටලයක් මිලදී ගෙන ඇති අතර කොරෝනා සමයේදී එම හෝටලය පමුණුගම පොලීසියට නිරෝධනය මද්ධ්‍යස්ථාන යක් පවත්වාගෙන යාමට කුලී පදනම යටතේ ලබා දී ඇත.

 ඉහත කරුණු සහිත ලියවිල්ල  අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට, රවී සෙනවිරත්න  මහජන ආරක්ෂක අමාත්‍යාංශය ලේකම්වරයාට, නීල් ඉද්දවෙල අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට, අධ්‍යක්ෂ ජෙනරාල් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවට,  එවකට වැඩ බලන පොලිස්පතිව සිටි ප්‍රියන්ත වීරසූරියට,මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට ,

අධ්‍යක්ෂ අපරාධ බුද්ධි නිවාරණ කොට්ඨාසය ශානි අබේසේකරට යන අය වෙතයොමු කර ඇතත් අද වනතෙක් කිසිදු පරීක්ෂණයක් නොකිරීම පුරවැසියන් ලද මහත් භාග්‍යය කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *