ගුවන්තොටුපල  සභාපති හර්ෂ ඉල්ලා අස්වීම ඇත්ත හේතුව

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන හර්ෂ අබේවික්‍රම මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වු බවට යන ප්‍රචාරය ඔහු විසින්ම ප්‍රචාරය කරන අතර මහබෝධියේ බානගල උපතිස්ස හිමියන් සමිබන්ධ ගැටලුවක් නිසා ඉල්ලා අස්වු බව හැගවිමට කරන ප්‍රචාරය අසත්‍යක්  බවත් වාර්ථාවෙි.

හර්ෂ අබේවික්‍රම මහතා  ගුවන් තොටුපළ සභාපති ලෙස පත්විමෙන් පසු එහි සිදුව කිසිදු සංවර්ධනයක් සිදු නොවු අතර ගුවන් තොටුපළේ දෙවන අදියරේ කටයුතු ක්‍රියාත්මක නොවිමත් පසුගිය කාලයේ එම සංවර්ධන කටයුතු සිදු කිරිමේ දී සිදුවී ඇති දුෂණ අක්‍රමිකතාවලට සමිබන්ධ පිරිස් සමග සභාපතිවරයා කටයුතු කිරිම යන කාරණා නිසා ඔහුට සිය තනතුර අහිමිවිමට මුලික හේතූවී ඇති බව සදහන්වේ.

ඔහු සභාපති ලෙස  පත් වූ දා සිට අවශ්‍ය වූයේ තනතුර ආභරනයක් කර ගෙන වැජඹීමටය.  සභාපතිවරයා  වශයෙන් පරිපාලන අත්දැකීම් නැති බව ඔප්පු කරමින් අංශ ප්‍රධානීන් කීප දෙනෙක් පමණක් ලංකරගෙන ඔවුන්ට අවශ්‍ය ලෙස කටයුතු කරගෙන යාමට ඉඩ හැර සිට ඇත. බොහෝ දූෂිත අංශ ප්‍රධානීන් පසුගිය ආණ්ඩුවල හෙන්චයියන් ය. ඔවුන් රජයට සම්බන්ධ වෘත්තීය සමිතිනායකයන්ට උසස්වීමක් වහා ලබා දී  ඒ ඔවුන්ගේ සිතැගි අනුව පාලනයේ යෙදීමට අවශ්‍ය ඉඩ අවකාශයලබා දී තිබෙි.

 එම කපටි ක්‍රියා වල ප්‍රතිපලයක් ලෙස  සභාපතිවරයට ඉල්ලා අස්වීමට සිදුවිය .

 එයට හේතුව ලෙස ලොවට කියන්නේ  පූජ්‍ය බානගල උපතිස්ස ස්වාමීන් වහන්සේට ඇතුල්වීමේ අවසර පත්‍රයක් නිකුත් නොකල බැවින් ඊට ඇමතිවරයා ගෙන් බලපෑම් ආ නිසා කොන්ද කෙලින් තියා ගෙන අස්වූබවය . ඇත්ත කතාව සභාපතිවරයා ගුවන්තොටුපල දියුනුවට කිසිම පියවරක් ගෙන නැත. ගුවන්තොටුපල දෙවන අදියර සංවර්ධනය වැඩපිලිවෙලක්  ගැන් උනන්දු නොවීය ඔහුට අවශය වූයේ තනතුරේ වැජබෙමින් තම හෙන්චයියන්ගෙන් ලැබෙන පුද පූජා විදිමින් අඩියක් පුඩියක් ගසා  කල් යැවීමය.උදේ අටයි තිහට ටීෂර්ට් එකකින් සැරසි පැමිණෙන සභාපතිවරයා සවස හතර හමාරට ආයතනයෙන් පිටව යාම පමණක් ගෙවුණු මාස කිහිපයේදී සිදුවු බව සේවකයින් පවසයි.

මිට අමතරව සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තමන්ට වඩා ජුනියර් කෙනෙකු නිසා ඔහුගේ නියෝග පිලි නොගැනිම යන කරුණුද මෙම ඉල්ලා අස්විමට හේතුවී ඇත. එම අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත්ව ඇත්තේ හර්ෂ අබේවික්‍රම ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඉවත් කළ ගුවන් නියමුවෙකු වන රඹුක්වැල්ල නැමැති අයෙකි.මේ සියලු කාරණා හේතුවෙන් ඔහුට එම තනතුරෙන් ඉවත් විමට සිදුවී ඇති අතර එම සිදුවිම වසන් කර ගැනිම සදහා ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානියා නිසින් සභාපතිවරයා ඉවත්වුයේ බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රශ්ණයකට බව ප්‍රචාරය කර ඇති බව වාර්ථාවෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *