මගින්ට සිටිමට අටවා ඇති කුඩාරමට මසකට ලක්ෂ පහක් ගෙවන යාපනය ගුවන්තොටුපල

යාපනය නමට පමණක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති අඩුපහඩු නිසා මගින්ට දැඩි දුෂ්කරතාවයකට පත්විමට සිදුව ඇති බව වාර්ථාවෙි.

මගීන්ට ගුවන් යානයක් පැමිණෙනතෙක් නතරවී සිටිමට ඉදිකර ඇති තාවකාලික කුඩාරමේ  සිටිමට නොහැකිව ඇත්තේ ඒහි ඇති උෂ්ණත්වය අධිකවිම නිසාවෙනි.ඊට අමතරව එසේ රෙදිවලින් ඉදිකර ඇති 20#20 තාවකාලික හටි එක සදහා මාසයකට රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක්ද ගෙවන බව සදහන්වේ.

වැසිකිලි උතුරා යන අතර ප්‍රදේශය පුරා එහි දුගහමන නිසා සේවකයින් මෙන්ම ආරක්ෂාවට සිටින ගුවන් හමුදා නිළධාරින්ද  දැඩි ගැටලුවකට මුහුණපා සිටිති. අඩුම තරමේ වැසිකිළිය භාවිතා කරන අයට අවශ්‍ය එහි ටිෂු කඩදාසිවත් නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *