මහනුවර සිවිල් ආරක්ෂක බළකා ලොක්කගෙ ගෙදර වැඩට  භටයන්  08 ක්

සිවිල් ආරක්ෂක බළකායේ මහනුවර දිසාවේ ඉහළම ලොක්කගෙ ගෙදර සියලු වැඩ කටයුතු  කරන්න ජනතා බදු මුදලින් වැටුප් ලබන සිවිල් ආරක්ෂක භටයන්  08 ක්ලු.

සිස්ටම් චේන්ජ් එක කෙසේ වෙතත් සිවිල් ආරක්ෂක බළකායේ නුවර ලොක්ක නම් චේන්ජ් වෙලා නැහැලු. එයාගෙ ගෙදර වැඩ කටයුතු වලට ෂිෆ්ට් එකෙන් ෂිෆ්ට් එකට සිවිල් ආරක්ෂක භටයො යොදා ගන්නවලු. මේවා  රටේ ජනතාව දැන ගන්න ඕනෑ.  මොකද මේ සිවිල් ආරක්ෂකභටයන්ට පඩි ගෙවන්නෙ ජනතාවගෙ  මුදල් වලින් නිසා.මේ ලොක්කට තියෙන්නෙ  අර  ධමනී සහ ශිරා ලෙඩ වුණ  සේරම විකුණන මානසිකත්වයක් තියෙන රටේ ඉහළම  පුටුවෙ  වාසනාවට ඉඳගන්න ලැබුණ ලොක්කගෙ නමමලු.

සිවිල් ආරක්ෂක බළකාය කියන්නෙ ජනතාවගෙ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක්  නිසා  මේ  ලොක්ක කරනවැඩ ගැන ජනාධිපති තුමා හොයල බැලුව නම් හොඳයි කියල  සිවිල්  ආරක්ෂක  බළකායේ   භටයන්  පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *