සුපුරුදු පරිදි හැමෝටම බණින කිසිම දෙයක් ලැබුණෙ නැහැ කියන සුසන්තිකා ජයසිංහ හදිසියේ ළමයි දෙන්නත් එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියේ කාටත් හොරෙන්.
ඒ යනකොටත් ක්‍රිකට් ෂම්මිගේ අනුකම්පාවෙන් ලක්ෂ පහක මාසික පඩියක් ක්‍රිකට් ආයතනයෙන් මාසිකව අර ගනිමින් හිටිය බව ප්‍රසිද්ධ රහසක්.
අවුරුදු දෙක තුනක් ඇයට මේ දීමනාව ගෙව්වෙ කාන්තා ක්‍රිකට් සම්බන්ධීකාරකවරියක් ලෙස තනතුරක් නිර්මාණය කරමින්.
ඒ වෙනුවෙන් ඇය කළේ ළමයින් පාසල් රැගෙන යන ගමන් කෙත්තාරාමයට ගොස් උදේ ආහාරය රැගෙන යාම පමණයි.
ඉන්ධන සහිතව මෝටර් රථයක්ද මේ වෙනුවෙන් ඇයට ලබා දී තිබුණා.
ඒ නිසා කාට බැන්නත් සුසන්තිකා ෂම්මිට නොබැන ඔහුගේ ගුණ වයන්න අමතක කළේ නැහැ.
ඊට පෙර ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඇයට මාසයකට ලක්ෂයක මුදලක් ගෙවමින් තිබුණු අතර ඇයට එහි ඔෆීස් කාමරයක් වෙන් කර තිබුණත් ඇය එහි පැමිණියේ මාසික දීමනා චෙක් පත ලබා ගන්න එන දිනයට පමණි.
දමයන්ති දර්ශලාගේ සහාය ඇතිව පීආර් හදා ගත් සුසන්තිකා මීට වසරකට පෙර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවේ මලල ක්‍රීඩකයන්ට පුහුණුකාරිණියක් ලෙස කටයුතු කරන්න වුවත් ඔලිම්පික් පදක්කමක් දිනුවත් පුහුණු පාඨමාලා කිසිවක් හදාරා නොමැති හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ එවැනි රැකියාවක් කරන්න නොහැකි වුවාය.
දරු දෙදෙනාත් සමග ජීවිකාව කර ගෙන යාම අපහසු වූ සුසන්තිකා එහි ක්ලීනින් හා ගෙවතු සුද්ධ කිරීමේ රැකියාවල නිරත වූ බව ඕස්ට්‍රේලියානුවන්ට රහසක් නොවීය.
ළඟදී ඇය කෙසේ හෝ ගුවන් ප්‍රවේශ පත්‍ර මිළදී ගෙන දරු දෙදෙනාත් සමග ලංකාවට පැමිණියාය.
මේ දිනවල මීඩියා අමතමින් සුපුරුදු අඬාවැඩියාව කරන්න පටන් ගෙන ඇති සුසන්තිකා නැතිවාදම කියවන්නේ ඔලිම්පික් පදක්කමෙන් පසු තමන්ට කිසිවක් නොලැබුණු බව කියමිනි.
එහෙත් එම පදක්කම වෙනුවෙන් ඇයට අංග සම්පූර්ණ නිවසක් හා කෝටි ගණනක් ලැබුණු බව හිටපු ක්‍රීඩා ඇමති එස්.බී. දිසානායකගෙන් ඇසුවොත් ලුණු ඇඹුල් සහිතව අසා ගත හැකිය.
ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වූ විට පවා ඒ වෙනුවෙන් විශාල මුදලක් ඇයට ලැබිණ.
නිසි කළමනාකරණයක් නැති කමින් ඇය ඒ මුදල් නැති කර ගත් අතර ඒ පිළිබඳව ඇය දොස් පවරා ගත යුත්තේ ඇයටමය.
එස්.බී. ඇයට අතවර කරන්න ආ බව ඇය ඒ දිනවල කීවත් ඇත්ත කතාව ඒ කාලයේ සිටි ජාතික තලයේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නම් රහසක් නොවීය.එකල එස්.බී යන යන තැන බිරිඳ තමරා යන්නට පටන් ගත්තේද මේ නිසාය.
නොමනා හැසිරීම් හේතුවෙන් සැමියා වූ ධම්මික සමග දික්කසාද වූ පසු දරු දෙදෙනා සමග තනියෙන් ගත කරද්දී පවා සුසන්තිකාගේ කතන්දර රැසක් තිබිණ.
අපගේ මෙම ලිපියේ අරමුණ ඇයට මඬ ගැසීමක් නොව හැමදාමත් මයික්රපෝනයක් ඉදිරියේ හැමදාමත් බොරු කියන ඇගේ ඇත්ත කතාව මහජනතාවට හෙළිදරව් කිරීමටය.

