ආණ්ඩුවේ අළුත්ම ද්‍රෝහීන් කවුරුන්ද?

1978 ව්‍යවස්ථාව අනුව පැවති 9 වන ජනාධිපතිවරණයකදී අඩුම ප්‍රතිශතය ලබාගත් ජනාධිපති ලෙසට 2024-සැත්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත්වුවද ජනාධිපතිවරණයේ උණුසුම යන්නටත් පෙර 2024 නොවැම්බර් 14 දින පැවති 9 වන මහමැතිවරණයේ දී එතෙක් මෙතෙක් බිහිවූ ශක්තිමත් ආණ්ඩුව බිහිවිය.

තනි පක්ෂයක් විසින් දිනාගත් වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව වූ මන්ත්‍රී ආසන 159 දිනා ගනිමින් 2/3 ක තනි බලයක් වූ ආණ්ඩුවක් පිහිටුවන ලදි.

එය ඕපපාතිකව ඇතිවූ ජයග්‍රහණයක් නොව කණ්ඩායක් ලෙසට එකාවන්ව පොරබඳා දිනාගත් ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය පිටුපස සිටි බලවත්ම කණ්ඩායම් වලින් එකක් වූයේ ස්වේච්ඡාවෙන්ම තම ධනය සහ ශ්‍රමය වැය කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල ලියූ කණ්ඩායමයි.

ඔවුන් ජාතික ජන බලවේගයේ මතය සහ ජනතා විමුක්ති පෙරමුණේ මතය එකට ගලපා කරුණු ඉදිරිපත් කරමින් මතවාදීව ගැටුනේ පොදුජන පෙරමුණ මගින් මුදල් ගෙවා නඩත්තු කල 5000 කට ආසන්න පිරිසක් සමගය. එසේ ඔවුන් ගැටෙන විට ජාතික ජන බලවේගයට තිබුනේ 3% ක පමණ ජන්ද ප්‍රතිශතයකි. සමාජ මාධ්‍ය ජාලා තුලදී තම පක්ෂයේ මතය සමාජ ගත කිරීමට ඔවුන් එය බාධාවක් ලෙස සැලකුවේ නැත. ඔවුන් සමාජ මාධ්‍ය තුල හැසිරුණේ පක්ෂය වෙනුවෙන් ජීවිතය වුවත් පරිත්‍යාග කිරීමට සූදානම් වූ කණ්ඩායම ක් ලෙසය.

 එය මින් ඉදිරියේ දී දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා තුල පෙනී සිටින අයට හොඳ පූර්වාදර්ශයක් වනු නොඅනුමානය. එම කණ්ඩායම කිසිදු පක්ෂ නායකයකුගේ මග පෙන්වීමක් නොමැතිව ඉතාමත් සාර්ථක ලෙසට පක්ෂයේ මතය සමාජ ගත කිරීම පුදුම සහතය. විපක්ෂයේ කණ්ඩායමක් ජවිපෙ එකෙකුට වටකර මතවාදීව පහරදෙන විට තනිවූ එකා දමා පලායනවා වෙනුවට තනිවූ එකා වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම මැදිහත්වී විපක්ෂයේ මතය සුණුවිසුණු කිරීමට තරම් එම කණ්ඩායම ප්‍රභල විය.

රාජපක්ෂලා විසින් සමාජ මාධ්‍ය ජාලා තුල ඔවුන් වෙනුවෙන් මුදලට පෙනී සිටි අය වෙනුවෙන් උපහාර උළෙලවල් සම්මාන ලබා දුන්නද ජාතික ජන බලවේගය ජයග්‍රහණයෙන් පසුව එවැනි ගොංපාට් නොකරද ස්වේච්ඡාවෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල පෙනී සිටි උන්ට ස්තුතිය කියා කීමට තරම්වත් නිහතමානී නොවීම කනගාටුවට කරුණකි.

එසේ වූයේ තමන් කල කී හරි වැරදි සෑම දෙයක්ම හරියි කියා ස්වේච්ඡාවෙන්ම තම ධනය ශ්‍රමය වැයකිරීම ඔවුගේ වගකීමක් ලෙසට පක්ෂයේ ඉහල ස්තරයේ කණ්ඩායම සිතා සිටින නිසාදැයි විටෙක සිතේ. ප්‍රකෝටි ගනන් මුදල් සහ දේපළ ඇති අයට රැස්වීමකට පැමිණි විට රුපියල් 5000/= රුපියල් 15000/= දක්වා පාක්ෂිකයන් එකතුකර මුදල් ගෙවූ නිසා ඔවුන් එසේ සිතීම වරදක් නැතැයි සිතයි. ඒත් එම නායකයන්ට වැරදුන තැන එයයි. ජයග්‍රහණය ලැබූ පසුව පෙරඋන් කරපු වැරදි දිනපු උන්ට කරන්න දෙන්නේ නැතැයි කියන පොදුමතයට ස්වේච්ඡාවෙන්ම ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පෙනී සිටි උන් පැමිණියේ කිසිම කෙනෙකුගේ ඉගැන්වීම් බහකට නොවීමයි.

ඒත් එම කණ්ඩායම නොනිල ලෙස පාලනය කිරීමට ජවිපෙ විසින් පූර්ණ කාලීනයන් ලෙස නඩත්තු වූ කිහිප දෙනෙකු  මුල් වී කටයුතු කිරීමට උත්සහ කිරීම විහිළුවක් විය. ඉන්  දෙදෙනාගෙන් එක් අයෙකු සිටින්නේ තමන්ට නැති ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ලෙසට ඇඳගෙනය. අනෙකාද එසේය. ඔවුන්ගේ නම් ගම් නොලියා සිටින්නේ දිනක ඔවුන් දෙදෙනාටම පක්ෂයේ අයගෙන්ම ගුටි කෑමට සිදුවීම නවතාලීමට මිස බයකට නොවන බවද වගකීමෙන් ලියමි.

ඔවුන් දෙදෙනාගේ බලපෑමට එරෙහිව මුලින්ම සමාජ මාධ්‍ය ජාලා තුල ලිවීමට පටන් ගත්තේ මහේෂ් සෝමරත්න ය. ඔහුගේ ලිවීම පාලනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකට මහේෂ්ට පුද්ගලිකව කතා කිරීමට සිදුවිය. එයින් පසුව ඔහු මඳක් නිහඩ වුවද ආණුඩුවේ උන් කරන ගොං වැඩ ආරක්ෂා කිරීමට ඉදිරිපත් නොවීම නිසා ඔහු පලමු ද්‍රෝහියා ලෙසට නම් විය.

ඉන් පසුව ඒ ගොඩට ආවේ ස්වර්නා සිංහපුර ය. ඇය වැල්ලවාය ප්‍රදේශයේ ඉඩම් හිමි වැවිලි කාරියකි. ඇයට ආණ්ඩුව කරන ගොංකම් විවේචනය කිරීම පටං ගත් විට ඇයට ඉතාමත් පහත් ලෙසට ආමන්ත්‍රණය කිරීමට ජයග්‍රහණයෙන් පසුව පක්ෂයට එකතුවූ ඉතිහාසය නොදනා උන්ව ඉහත කී දෙදෙනා මෙහෙයවීම කොතරම් අභාග්‍යසම්පන්න ද?

ඔවුන් දෙදෙනාම ආණ්ඩුව පත්වීමට පෙර පූර්ණ කාලීනයන් වූ අතර පක්ෂය විසින් ගෙවූ දීමනාවෙන් නඩත්තු වූවත් ආණ්ඩුව පැමිණි පසුව රජයේ වැටුපක් සහ වාහන ලබා ගනිමින් නඩත්තු වන අය බවට පත් විය.

මෑතදී ඒ ගොඩට එක් වූයේ දැනට ඩුබායි රාජ්‍යයේ පිහිනුම් උපදේශකයකු ලෙස සේවය කරන සමන්ත දීපාල්‍ ය. ඔහු කලක් පක්ෂයේ පූර්ණ කාලීනයකු ලෙස සිටි අම්බලන්ගොඩ ශිරන්ත සොහෝදරයාගේ අයියාය. ඔහු මෑත දිනක ලියා තිබුනේ ” විජේවීර වුවද මට වැඩ්ඩෙක් නොවේ. ඔහු කෙරේ මා සිත තුල ඇත්තේ ඉමහත් ගෞරවය කි” යනුවෙනි. එහි සැගවුන අර්ථය වූයේ මේ ආණ්ඩුවේ එකෙක්වත් ඔහුට වැඩ්ඩෙක් නොවන බවය. ඔහුට මේ ආණ්ඩුවෙන් කර ගැනීමට වැඩක් නැත. ඉහත සදහන් කල තිදෙනාටම කිසි කෙනෙකුට අතනොපා ජීවත්වීමේ හැකියාව ඇති අයය. ඒත් සමාජයේ පොදු යහපත වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ එවැනි අයව ආරක්ෂා කරගැනීමට කිසිම සැලැස්මක් වත්මන් ආභුඩුව තුල නැතිබව කනගාටුවෙන් වුවද කිව යුතුය.

ඔවුනට එරෙහිව මඩ ගැසීමට කාඩරය පොළඹවන දෙදෙනාගෙන් එක් අයකු හදුන්වන්නේ “ටොයිලට් සෙපා” ලෙසය. ඒ පැලවත්තේ සිටි ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයට ගියාට පසුව ඔහුගේ පාවිච්චියට වෙනම ටොයිලට් එකක් තිබිය යුතු බවට අන් අයට  තර්ජන කිරීම කොතරම් හාස්‍යජනක ද?

ජවිපෙ මාධ්‍ය බලකායේ අලුත්ම ද්‍රෝහියා උවිදු කුරුකුලසූරිය යි. ඔහු එංගලන්තයේ ස්ථිර පදිංචි අයෙකි. අනුර කුමාර දිසානායක ජවිපෙ නායකත්වයට පත් වූවාට පසුව කොන්දේසි විරහිතව ජවිපෙට සහය දුන් මාධ්‍යවේදියෙකි. කලක් රාවය පුවත්පතේ සේවය කල ඔහු ජීවිත ආරක්ෂාව සදහා එංගලන්තයට සංක්‍රමණය වූ අයෙකි. ඔහු අමුවෙන්ම ලියන අයෙක් නිසා ඔහුට මඩ ගැසීමට ඉදිරිපත් වන්නේ ලැජ්ජාවක් නැති අපතයන් කීප දෙනෙක් පමණි. ටොයිලට් සෙපා හෝ අනෙක් පුද්ගලයා උවිදු ට මඩ ගැසීමට පට්ට බයය. ඒ උන් හිටි තැන් අමතක වෙන්න උවිදු ලියන නිසාය.

ස්වේච්ඡාවෙන්ම ජවිපෙ සහ ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය ජාලා පෙනී සිටි අය දිනෙන් දින අඩු වෙමින් පැවතීම ගැන ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස විජිත හේරත් සහෝදරයා මීට වඩා සැලකිල්ලක් ගතයුතුව ඇත. එසේ නොවුනොත් මුදල් ගෙවා හෝ ජවිපෙ වෙනුවෙන් ලියන්න කට්ටිය සොයා ගන්නවා බොරුය.

( ජවිපේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු ලෙස කටයුතු කල අයෙක් යොමු කළ ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *