මෙරට දේපොළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වන “ප්‍රයිම් ලෑන්ඩ්” ආයතනය පසුගියදා පැවැති ආපදාවෙන් අනතුරට පත් වූ පොලිස් නිළධාරීන්ගේ පවුල් වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මිලියන 10 ක් පරිත්‍යාග කරන ලද බව එම ආයතනයේ වෙබ් අඩවියේ පල කර තිබේ.
එම මුදල් පරිත්‍යාගය බාර ගැනීම සඳහා පැවැති උත්සවයට පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ඡ්‍යෙෂ්‍ඨ නිළධාරීන් විශාල පිරිසක් නිල ඇඳුමෙන් සහභාගි වී ඇති බව “ප්‍රයිම් ලෑන්ඩ්” වෙබ් අඩවියේ පල කර ඇති ඡායාරූප පනහකට අධික සංඛ්‍යාවකින් තහවුරු කර ගත හැකිය.
මෙම පරිත්‍යාගය අප කියවිය යුතු වන්නේ පසුගිය ආපදාවෙන් විපතට පත් වූවන් සඳහා රජයේ මැදිහත් වීමෙන් අරඹන ලද
Rebuilding Sri Lanka අරමුදලේ අපේක්ෂාවන් සමග ගලපා ගනිමිනි.මේ අරමුදලට ලැබෙන මුදල් ආධාර ගිණුම් ගත ගත කළ යුතු ගිනුම් අංක පිළිබඳව මහ බැංකුව විසින් මාධ්‍ය මගින් නිවේදනය කෙරිණි.දේශීය හා විදේශීය බොහෝ ආයතනද පරිත්‍යාගශීලීන්ද සිය මුදල් පරිත්‍යාග කරන ලද්දේ මහ බැංකුව වෙතින් කළමනාකරණය කරන එම අරමුදලටය.
එහෙත් පොලීසියේ ලොක්කන් වංගුවක් ගසා ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයෙන් පරිත්‍යාග කරන ලද මුදල ලබා ගැනීම සිඳු කර ඇත්තේ ආණ්ඩුවේ අරමුදල තඹ දොයිතුවකට නොතකමිනි.මේ පරිත්‍යාගය ලබා ගැනීමේ උත්සවයට පොලිස්පතිවරයාද සහභාගි වීමෙන් පෙනී යන්නේ ඔහුට ආණ්ඩුවේ ආපදා සහන අරමුදල ගැන අදහසක් නොතිබුණ බව හෝ එසේත් නැතහොත් ඔහු එය පයිසෙකට ගණන් නොගත් බවය.
ප්‍රයිම් ලෑන්ඩ් ආයතනය මෙරට දේපොල වෙළඳාමේ නිරත ආයනයකි.ඉඩ කඩම් විකිනීම හා නිවාස විකිනීමද එම ආයතනයේ ව්‍යාපාර කටයුතු අතර වේ.එවැනි ව්‍යාපාරයකදී මෙරට ගැනුම්කරුවෙකුට එම ආයතනයෙන් සිදු වන අසාධාරණයකදී මින් මතු පොලීසියෙන් සාධරණයක් ඉටු කර ගන්නට හැකි වේද යන තරමට මේ පරිත්‍යාගය සැක සහිත බවක් මතු වන්නට ඉඩ තිබේ.ඒ මෙරට ව්‍යපාරික ආයතන බොහොමයක් බෝධිසත්ව කෙරුවාවන් නොවන බවට අත් දැකීම් ඇති නිසාය.මෙම ආයතනයේ අකටයුතුකම් ගැන මේවනවිට ගැනුම්කරුවන් විශාල පිරිසක් පොලිසියේපිහිටපතා ඇති අවස්ථාද අපට වාර්ථාවී ඇතත් එවාටද සාධාරණයක් ඉටුවී නොමැති තත්වයක් තුළ මෙම සිද්ධිය සිදුවී තිබෙි.
පොලිස්පතිවරයා හා පොලිස් ලොක්කන් ඒ ගැන නොසිතා සද්භාවයෙන් එම මුදල් පරිත්‍යාගය බාර ගත්තා වෙන්නටද පුළුවන.පොලිස්තිවරයාගේ එම සද්භාවයට කෙල වන්නේ මේ ආයතනයත් මෙරට පුරවැසියෙකු අතරත් යම් ගනුදෙනුවක් පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් ලැබුණ හොත්ය.
එය එසේ නොවී තිබේ යැයි කියන්ටද කිසිවෙකුට කියන්නට නුපුළුවන.තම ආයතනයට එරෙහිව මෙරට කිසිම පුරවැසියකු අධිකරණ ක්‍රියා මාර්ග ගෙන නැතැයි සහතික විය යුත්තේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයයි.
කෙසේ වෙතත් අපට නම් සිතන්නේ මෙම ව්‍යාපාරික ආයතනය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමා ඇති බවය.ඒ තම සමාගම සමග හැප්පෙන්නට එපා යැයි පුරවැසියන්ට දෙන පණිවුඩය හා පොලීසිය සමග ඇති කර ගත් යාළු මාළු කමය.පොලිස්පතිවරයාට මේ මුදල් පරිත්‍යාගය ගැන එක් වරක් නොව දෙවරක්ම සිතන්නට තිබුණි.කෙසේ වෙතත් මෙය ප්‍රසිද්ධියේ ලබා ගත් නිල අල්ලසක් ලෙස හැඟී යයි.ඒ ගැන සෙවීම අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ වගකීමක් බව අපට සිතේ.මේවා එසේ මෙසේ ගේම් නොවන බවද අපි ආණ්ඩුවේ ලොක්කන්ට සිහිපත් කරමු.අප එසේ ලියන්නේ ආණ්ඩුවේ Rebuilding sri Lanka අරමුදල ගැන පොලිස්පති තඹ දොයිතුවකට ගණන් නොගැනීම නිසාය.

