දිනකට හරක් මස් කිලෝ 75 ක්  පිසින මහනුවර කතරගම දේවාල බිමේ හෝටලය  දේවාලයට කැපද

මහනුවර හින්දු බැතිමතුන් දස දහස් ගනනින් සහභාගි වන දේව පූජා ස්ත්‍රෝත්‍ර   පවත්වන මහනුවර  ඓතිහාසික  සතර මහා දේවාල වලින් එකන් වන  ශ්‍රී කතරගම දෙවිඳුන්ට  උදේ සවස පුදපූජා පවත්වන දේවාල බිමේ දිනකට හරක් මස් කිලෝ 75:ක්  පමණ පිස ,දේවාල පරිශ්‍රයේම  අළෙවි කිරීම  කිසිසේත්  නුසුදුසු කටයුත්තක් බවත් ,විහාර දේවාල ගම් පණතටද පටහැණි ලෙස අකුරණ මස් කඩේ  යනුවෙන් ප්‍රසිද්ධ මෙම හෝටලයෙන්  ලක්ෂ  ගනනක  මුදලක් දේවාලයට ලැබෙන බව  බොදු ජනතාව මෙන්ම හින්දු බැතිමතුන්ද පවසති.

මහනුවර නගරයේ ගවයන්  100 කගේ පමණ බෙලි කපා මස් මඩුවක් ලෙස පවත්වාගෙන ගිය සුදුහුම්පොල මස් මඩුව හෙවත් ගව ඝාතකාගාරය සම්පූර්ණයෙන්ම ඉවත් කර ,මහනුවර හරක් බෙලි කැපීම නතර කල එදා මහනුවර හිටපු පුරපති ,දැනට  මහනුවර ශ්‍රී විශ්ණු මහා දේවාලයේ සහ මාවනැල්ල දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිළමේ මහේන්ද්‍ර රත්වත්තේ මහතා මහනුවර ජනතාව අදත් සිහිපත් කරති.

එහෙත් මහනුවර කතරගම දේවාලේ බස්නායක නිළමේ වරයාට දේවාල බිමේ උදේ දවල් රෑ තම්බන හරක් මස්   නතර කරන්නට නොහැකි වීම ගැන මහනුවර හින්දු සහ බෞද්ධ ලබ්දිකයන් කණස්සල්ල පලකරති.

දේවාලය මෙම  මස් මාංශ අළෙවි කරන හෝටලයෙන් ලක්ෂ දෙකකට අධික මුදලක් ලබා ගන්නා බවත් ,මෙම ක්‍රියාව  ශ්‍රී කතරගම දේවාලයට කිසිසේත් ගැලපෙන ක්‍රියාවක් නොවන බවත්  කතරගම දේවාලයට  යන එන බැතිමතුන් පවසති.

හරක් මස් ඩෙවල් ,හරක් බොකු කරිය ,රෝස් කරන ලද හරක් ගාත් මෙම මස්  කඩේ අළෙවි කරයි.හින්දු බැතිමතුන් දේවත්වයෙන් සලකන ගවයාගේ මස් හට්ටි තම්බන මහනුවර ශ්‍රී කතරගම දේවාල පරිශ්‍රයේ  පවත්වාගෙන යන අකුරණ මස් බත් කඩේ වහා ඉවත් කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා අදාළ දේවාලේ බස්නායක නිළමේ වරයාට වහා දැන්විය යුතු බව බෞද්ධ හින්දු බැතිමතුන් පවසයි.

මෙම දේවාල පරිශ්‍රයේ  මහා විහාර වලට සම්බන්ධ පන්සලක්ද තිබෙන බැවින්  ,පන්සල් හා දේවාල බිමේ මස් මාංශ අළෙවි කරන හෝටලය  ඉවත් කල යුතු බව  බොහෝ දෙනා පවසති.මෙම හෝටලයෙන් මාස් පතා ලැබෙන මුදල් කුට්ටියට කෑදර  නොවී බස්නායක නිළමේ වරයා මෙම හරක්මස්  කඩය වහා ඉවත් කිරීම කාලෝචිත බව මහනුවර ජනතාව පවසති.

දළදා මාළිගාවේ දියවඩන නිළමේ තුමාත් අනෙකුත් දේවාල වල බස්නායක නිළමේ වරු සහ බස්නායක නිළමේ වරුන්ගේ සංඟමය මෙම රෝස් හරක් මස් කඩයට අනුමැතිය ලබා දී තිබෙි ඇතිද යන්න   ගැන දන්න කියන හින්දු සහ බෞද්ධ බැතිමතුන් ප්‍රශ්ණ කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *