කුඩු සමග හසුවු ඩිඅයිජි කිත්සිරිගේ ඥාතින් බෙිරා ළග සිටි තරුණයෙකුට ජාවාරමට නඩු දායි

කුරුණෑලග උඩවල්පොළ  ලයිම ලෙස හදුන්වන ප්‍රදේශයේ දී පසුගියදා කුරුණෑගල පොලිසිය මගින් මත්කුඩු සමග අත්ඩංගුවට ගත් තරුණයින් තිදෙනෙකු පසුව වයඹ පළාත්භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිට දැනට දකුණු පළාතභාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ නියෝගයට අනුව එම මත් කුඩු එක් තරුණයෙකුට දමා අනෙක් තරුණයින් දෙදෙනා නිදහස් කර තිබෙි.

 වෘෂි රුසිර දසුන් සහ නිර්මාල් යන දෙනා ළග මත්කුඩු පැකට් තිබි ඇති අතර ඔවුන්  සමග සිටි පසිඳු නිමේෂ් අයද අත්ඩංගුවට ගෙන ඇත. වෘෂි රුසිර දසුන් සහ නිර්මාල් යන දෙනා උඩවල් පොළ ලයිමේ කිත්සිරි ජයලත්ගේ ඥතින් වන අතර පසුව ඔහු කුරුණෑගල ජේෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානට කතා කර එම ඥති තරුණයින් දෙනො නිදහස් කර එම මත්කුඩු අනෙක් තරුණයට දමා මත්ද්‍රව්‍ය ජාවරම යටතේ 54 වගන්තියෙන් නඩු පවරණ ලෙස නියෝග කර ඇත.

පසුව කුරුණෑගල පොලිසියේ දුෂණ විමර්ශන එකකයේ ස්ථානාධීපති පොලිස් පරික්ෂක මාලිංග සහ  සාජන් හේරත් යන අය විසින් ඔහුගේ නියෝගය පරිදි පනස් හතර යටතේ  මෙම තරුණයාව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙි.

ඒ අනුව පසිඳු නිමේෂ් නැමති එම තරුණයා පමණක් රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙි. කරලා තියෙන්නේ. ඔහුගේ  මව හා පියා මිය ගොස් ඇති අතර බාප්පා ලග ජිවත්වේ.

දැනය රක්ෂිත බන්ධනාගාරයේ සිටින එම තරුණයා පවසන්නේ ” මම දන්නෙ නෑ ඇයි මට එහෙම කළේ කියලා. අනේ සර් මගේ ගාව නෙමේ බඩුඩු තිබ්බේ,කුඩු පැකට් තිබූනේ  වෘෂි රුසිර දසුන් සහ නිර්මාල් යන දෙදෙනා ගාව”‘.යනුවෙනි.

 කෙසේ වෙතත් වයඹ පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස දැනට කටයුතු කරන්නේ අජිත් රෝහන මහතා වුවත් තවම එම පළාතේ බලය නියොග නිකුත් කරන්නේ කිත්සිරි ජයලත්ය. ඔහුගේ ගෝලයන් හරහාය.අජිත් රෝහන මහතා මෙිවා දැනගෙන අහක බලන් සිටින්නේද, නැතිනම්  විශ්‍රාම යාමට සිටින නිසා නිකම් ලෙඩ දාගන්නැතිව සිටින්නට යනවාද , එසේ නැතිනම් පොලිස්පතිගේ නිළ නොළත් පොලිස්පති ලෙස සිටින කිත්සිරිට එරෙහිව ගියොත් ලෙඩ වැටේයැමි සිතන නිසා අහක බලන් සිටිනවාද විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *