දැන් පොලිස් වීරයා බස්නාහිර පලාත් උතුර විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ඕලුගලය. සත්‍ය වශයෙන්ම ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් විසින් නටවන රූකඩයකි. ඒබව සහකාර පොලිස් අධිකාරී ඕලුගල ගැන හොඳින් දන්නා අය දනීයි. අනාගතයේ දී තමන්ට බාධාවක් ඇතිවේය යන බිය නිසා ධරුන් රොශාන් විසින් කෙසෙල්බද්දර පත්මේ ඇතුළු කණ්ඩායම ඉන්දුනීසියාවේ දී අත්ඩංගුවට ගැනීමට ඔත්තුව ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් හරහා ලබා දුන්නේය. කෙසෙල්බද්දර පත්මේ අත්ඩංගුවට ගත්පසුව ඔහුව තව දුරටත් සිර කිරීමට ධරුන් රොශාන් ලින්ටන් සමග කටයුතු කර ඇත.
පෑලියගොඩ තොග මාළු වෙලදසැළට යන පාර අයිනේ සගවා තිබී සොයා ගත්තා කියා මාධ්‍යට කියමින් බස්නාහිර පලාත් උතුර විශේෂ විමර්ශන ඒකකය උදම් ඇනුවේ ධරුන් රොශාන් විසින් ලබා දුන් ආයුධය. මිද්දෙණිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සම්පත් මනම්පේරියගේ සහෝදරියගේ වත්ත අයිනේ කුණු ගොඩේ සහවා තිබී සොයා ගත්බව කියා මාධ්‍යට කීවේ ධරුන් රොශාන් දීපු ආයුධය. දැන් ලංකාවට ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ රැකවරණය යටතේ එන්නේ ධරුන් රොශාන් ගේ කුඩු සහ අයිස් ය.
ලින්ටන් සිල්වාට අලුත් ගෝලයෙක් ලැබී ඇත .ඒ පොලිස් කොස්තාපල් අරවින්ද ය. ඔහු කලක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි අයෙකි. එහි හිටපු නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණගේ හොඳ ගෝලයෙකි. එසේම ඔෂාන් හේවාවිතාරණගේ අතිජාත මිත්‍රයා වූ දෙවුන්දර ගිහාන් සත්සර නොහොත් දෙහිබාලේද හොද ගෝලයෙකි. දැන් අරවින්ද සිටින්නේ ලින්ටන් සිල්වා යටතේය. අරවින්ද දෙහිබාලේට ඇපයක් ලබා ගැනීමට හොඳ ක්‍රියාන්විතයක් දියත් කළේය. ඒ ධරුන් රොශාන් මෙන් ලින්ටන් සිල්වාගේ ඔත්තු කාරයෙකු ලෙස හදුන්වා දීමටය. වැඩේ සාර්ථක විය. දෙහිබාලේ ගේ ඔත්තුව අනුව පෑලියගොඩ සිටින ලින්ටන් සිල්වා සහ ඕලුගල කිරින්දට ගොස් රංමල්ලී ගෙනා හෙරෝයින් සහ අයිස් තොගය අත්ඩංගුවට ගත්තේය. දැන් ධරුන් රොශාන් ට සහ දෙහිබාලේට අයත් හෙරෝයින් හෝ අයිස් පොලීසියට අසුවන්නේ නැත. ඒ සදහා ඕලුගලට සහ ලින්ටන් සිල්වාට යහමින් අයබදු ලැබෙන නිසා විය හැකිය. ලින්ටන් සිල්වාට කෝටි 10 ක කොන්ත්‍රාත්තුව ලැබී ඇත්තේ ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වයෙනි. ඒ කෙසෙල්බද්දර පත්මේව කෙසේ හෝ ඝාතනය කරන ලෙසටය. එම තොරතුරු පත්මේට ලැබී ඇතිනිසා ඔහුව ලින්ටන් සිල්වා සිටින පෑලියගොඩ ඒකකයට හෝ වෙනත් ස්ථානයකට භාර නොදෙන ලෙසට අධිකරණය වෙත ගොස් වාරණ නියෝගයක් ලබා ගෙන ඇත. ලින්ටන් සිල්වා හොද දෙයක් කර ඇත ඒ කිරින්දට මත් ද්‍රව්‍ය රැගෙන ඒමට වාහන වලින් ගොස් හසුවූ සෑම කෙනෙකුටම ඔවුන් සංතකයේ තිබූ බවට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 980 ගානේ අතින් දමා නඩු පැටලවීමයි. ලින්‍ටන් සිල්වා යනු මුදලට කෑදර පුද්ගලයෙකි.
මුල් පදිංචි ගල්කිස්ස ප්‍රදේශය වූ අවනහලක් පවත්වාගෙන යන දැනට කඩවත පදිංචි උදේශ් චතුරංග නම් පුද්ගලයාව ඔහුගේ තරහ කාරයකු විසින් ලින්ටන් සිල්වාට ලබා දුන් රුපියල් කෝටියක මුදලට හිලව්වට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 550 ක් අතින් දමා රිමාන්ඩ් භාරයට පත්කර ඇත. එසේ කිරීමට රුපියල් කෝටියක් ලබා ගත් ලින්ටන් සිල්වා උදේශ් චතුරංග ගේ බිරිඳගෙන් උදේශ්ට සහනයක් සලසන බව පවසා රුපියල් ලක්ෂ 20 ක් ද ලබාගෙන ඇත. උදේශ් චතුරංග රිමාන්ඩ් භාරයේ සිටියදී පවුලේ අය මානව හිමිකම් නඩු දමා ඇත.
මෑත මාස දෙකක් ඇතුලත මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2000 ක් නොඑසේනම් මෙට්‍රික් ටොන් දෙකක් පොලිස් භාරයට ගෙන ඇත ඒත් සමාජයේ මත්ද්‍රව්‍ය වල හිඟයක් නැත. එක පැත්තකින් අල්ලන අතර ඕළුගලගේ සහ ලින්ටන් සිල්වාගේ ආනුභාවයෙන් අනික් පැත්තෙන් ධරුන් රොශාන් ගේ සහ දෙහි බාලේගේ බඩු ගොඩබාන බැවිනි.
කෙසේ වෙතත් මේවන විටත් මත්ද්‍රව්‍ය ටොන් 3 ත් 5 ත් අතර ප්‍රමාණයක් ලංකාව තුල බංකර වල දැනටත් තිබේ.පසුගිය මාසකීපය තුල කිලෝග්‍රෑම් 730,810,53,100,100, 500 සහ 350 වශයෙන් මත්ද්‍රව්‍ය නාවික හමුදාව සහ පොලීසිය මගින් තොග වශයෙන් අත්ඩංගුවට ගත්තේය. ඉස්සරනම් මෙම ප්‍රමාණයෙන් අඩක් පොලීසියට හසු වූයේ නම් සමාජයේ මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වීම සාමාන්‍ය දෙයකි. එයට හේතු වූයේ මෙතරම් විශාල ප්‍රමාණයෙන් එකල මත්ද්‍රව්‍ය රට තුලට රැගෙන ඒමක් සිදු නොවුන නිසාය.
ලංකාවට මත්ද්‍රව්‍ය පැමිනීමේ පැති දෙකකි. ලංකාවට බටහිර මුහුදු තීරයෙන් සහ ගිණිකොණ දිග මුහුදු තීරයෙනි. ගිණිකොණ දිග මුහුදු තීරයෙන් එන්නේ තායිලන්තයේ පුකට් දූපත සිට එක තායිලන්තය ලාඕසය සහ බුරුමය ( මියන්මාරය ) යන රත්‍රන් ත්‍රිකෝණය තුල නිශ්පාදිත මත්ද්‍රව්‍ය වන අතර ලංකාවට බටහිර මුහුදු තීරය හරහා එන්නේ ඉරානය පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය හරහා සැදුම්ලත් රත්‍රන් අඩකවය තුල නිශ්පාදිත මත්ද්‍රව්‍ය වේ. ගිණිකොණ දිග මුහුදු තීරය හරහා එන මත්ද්‍රව්‍ය දෙවුන්දර සිට පොතුවිල් අතර වෙරළේ ජාවාරම්කරුවන්ට පහසු ස්ථාන වලින්ද ලංකාවට බටහිර මුහුදු තීරය හරහා ගෙන එනු ලබන මත්ද්‍රව්‍ය දිකෝවිට සිට කල්පිටිය දක්වා මුහුදු තීරය තෝරා ගත් ස්ථනයන්හිදී ගොඩබානු ලබයි. දැන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එක් වතාවකදී බෝට්ටුවකින් ගෙන එන මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ දහසකි එනම් මෙට්‍රික් ටොන් එකකි. ඒවා ගෙන එන්නේ කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ පොලිතීන් බෑග්වලය. එසේ සුරක්ෂිත ලෙස ගෙන එන්නේ මේවා මුහුදු මාර්ගයෙන් ගෙන එන නිසාය. ජාත්‍යන්තර මුහුදේ සිටඑන ටොන් එකක මත්ද්‍රව්‍ය සහිත බෝට්ටුව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට අවතීර්ණ වූ වහාම කිලෝ 50 සිට 100 දක්වා කුඩා බෝට්ටු වලට පටවනු ලබයි. එක බෝට්ටුව හසුවන විට අනෙක් බෝට්ටු සියල්ල පලා යන්නේය. මෑතදී ලංකාවට බටහිරෙන් පිහිටි ගැඹුරු මුහුදේ දී අත් ඩංගුවට පත් මත්ද්‍රව්‍ය සහිත බෝට්ටුවේ ගෙනා ඉතිරි මත්ද්‍රව්‍ය තොගය හසු වන්නේ මාලදිවයිනට ය. පසුගිය මාස 4 ක කාළය තුල ලංකාවේ ගෙනැවිත් ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ටොන් 8 ක ආසන්නය. දැනට හසුවී ඇත්තේ ටොන් දෙකකට ආසන්න ප්‍රමාණය කි. සැලකිය යුතු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ප්‍රති අපනයනය කර ඇත. ඉතිරි කිලෝ 3000ත් 5000ත් අතර මත්ද්‍රව්‍ය ප්‍රමාණය ජාවාරම් කරුවන් විසින් ඉතාමත් සූක්ෂමව රට පුරා ඇති ඔවුන්ගේ මත්ද්‍රව්‍ය බංකරවල සඟවා ඇත. එය සමාජයට අවශ්‍ය ප්‍රමාණය අනුව නිකුත් කිරීම ඔවුන් විසින් කරනු ලබයි. ලංකාවේ එන මත්ද්‍රව්‍ය අල්ලනවා සේම රාජ්‍යතාන්ත්‍රික භාවය උපයෝගී කොටගෙන විදේශ රටවලින් මත්ද්‍රව්‍ය ලංකාවට එවීමට පෙර අත්ඩංගුවට ගතයුතුය. එසේ නොවුන හොත් ලංකාවේ මත්ද්‍රව්‍ය තුරං කිරීම සිහිනයක් පමණක් වනු ඇත.

