තෙල් සංස්ථාවට පරිඝණක සැප් පහසුකම තිබයදී ලක්ෂ 1500 වැය කර Office 365 මෘදුකාංගය ලබා ගැනීයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පරිපාලනය පහසුව සදහා පරිඝණක මෘදුකාංගයකින්  ජාලගත කර තිබියදී තවත් එවැනිම ජාලගත කිරිමේ ව්‍යපෘතියක් රුපියල් ලක්ෂ එක්දහස් පන්සියයක් වැයකර මින් මිලදී ගෙන ඇති බව වාර්ථාවෙි.

2010 වර්ෂයේදී ඉන්දියාවෙි සමාගමකින් ‘සැප්” නැමති පරිඝණක ජාලගත මෘදුකාංගය පරිඝණක 250ක් සදහා මිලදී ගෙන තිබෙන පසුබිමක  Office 365 මෘදුකාංගය මෙිසේ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1500 ක් (මිලියන 150) වැය කර ඇත.

මෙම එක මෘදුකාංගයක් නඩත්තු කිරිම සදහා වසරකට රුපියල් තවත් ලක්ෂයක මුදලක්ද ගෙවිමට සිදුවන අතර ‘සැප්” මෘදුකාංගය සදහාද ඒ ආකාරයෙන් පැකේජ 250 සදහා එකකට රුපියල් ලක්ෂය බැගින එදා සිට ගෙවිම් කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ “සැප් ”  පැකේජය ලබා දී ඇති සේවකයින්ටද Office 365 මෘදුකාංගය ලබා දිමයි.

මෙය Office 365 මෘදුකාංගය ලබා ගැනීමෙ ප්‍රධාන අරමුනක් වී අත්තේ ලිපි ලේඛන සදහා යන වියදම ඉතුරු කර ගැනිමට බව එහි සේවකයෙකු අප සමග පැවසිය. “‘එ අනුව ආරම්භක වියදමෙන් පමනක් හාෆ් ෂීට් 500 ක් ඇති (පොටොකොපි බන්ඩල්) 111,000 කට වඩා මිල දී ගත හැකිය. ඉන් පසු වසරකට වියදම් වන මුදලින් පොටො කොපි කොල බන්ඩල් 37,000 කට වඩා මිල දි ගත හැකිය. වසරකට සේවකයන් 500 දෙනෙකු බන්ඩල් 37,000 ක් කිසි සේත් භාවිතා කරන්නේ නැත. මොන ඊ මේල් දැම්මද ප්‍රින්ට් කල යුතුම ලිය කියවිලි ද විශාල සංඛ්‍යාවක් තියෙනවා” යනු වෙනු ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙයට අමතරව තෙල් සංස්තාවට  අනුබද්ද තෙල් තොග ගබඩා පර්යන්තයට ද සැප් පද්දතියක් 2010 වර්සයේ සිට තිබුනත් ඉහත සදහන් කල offic 365 වර්ගයේ මෘදුකාංගයද  එකකයක් මිලදි ගැනිමට කටයුතු කරන බව ද එහි සේවකයින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *