2015/2020 පාර්ලිමේන්තුවේ සිටි සක්න්රියම මන්ත්‍රීවරුන්ගෙන් මුල් පස් දෙනා අතරට බොහෝ අවස්ථාවල සිටි චරිතයක් වූයේ එවකට ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි සුනිල් හදුන්නෙත්ති ය. රනිල් වික්‍රමසිංහගේ මූලිකත්වයෙන් 2015/02/27 සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබදව කෝප් කමිටුව හරහා ජනගත වූයේ එහි සභාපතිව සිටි සුනිල් හදුන්නෙත්ති නිසා බව අතිශෝක්තියක් නොවේ. ඊට පෙර කෝප් කමිටු සභාපති වූ ඩිව් ගුණසේකර බැඳුම්කර වංචාව ගැන පරීක්ෂණ ආරම්භ කලද එය සමාජගත වූයේ නැත.
එතරම් කාර්යභාරයක් සිදුකලද සුනිල් හදුන්නෙත්තිට 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට නොහැකි විය. 2021 දී ඇරඹි අරගලයේ ප්රතිපලයක්ලෙස 3% ක ප්රතිශතයක සිටි ජාතික ජන බලවේගය නොහොත් මාලිමාව ඉතාවිශාල ලෙස ජනතාව අතරට යන්නට විය. එහිදී විශේෂ චරිතයක් වූයේ සුනිල් හදුන්නෙත්ති ය. වත්මන් හදුන්නෙත්ති සහ ඒ හදුන්නෙත්ති අතර පරතරය අහසට පොලොව මෙනි.
දයාසාන්ත අයියාගේ උදව් ලැබූ රංජිත් අයියා කොන්ඩය කැපූ හදුන්නෙත්ති වෙනම චරිතයකි. කර්මාන්ත කටයුතු ඇමති හදුන්නෙත්ති යනු තනිකරම මොංගල් පොරකි. එසේ කියන්නේ සාක්ෂි සහිතවය. ජවිපෙ නැගෙනහිර පලාතේ නියමු චරිතය හදුන්නෙත්ති ය. මැතිවරණයට පෙර හදුන්නෙත්ති කීවේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් පමනක් ඉපයිය හැකි ධනයෙන් ලංකාවේ ණය ගෙවා විදෙස් රටවලටත් ණය දිය හැකි බවයි. ඔහු එසේ කීවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඇති තඹ නිදිය ගැනය. හැබැයි එම තඹ නිදිය පිළිබදව රට දැනුවත් කල මුල්ම පුද්ගලයාව මෙම ආණ්ඩුව බලයට පත්වූ විගස කපා දැමුවේ මේ හදුන්නෙත්තිමය. පසුගිය දිනක දෙරණ නාලිකාවේ අංශක 360 වැඩ වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා විසින් අමාත්‍ය හදුන්නෙත්ති ගෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක ගැනකියූ කතාව විමසූ විට හදුන්නෙත්ති කරේ අවඥාසහගත ලෙස හිනාවීමය. එයට හේතුව වූයේ ඒ පිළිබදව කොටසක් දැනගෙන මැතිවරණය ට පෙර ලොරිටෝක් දුන් හදුන්නෙත්ති ඇමති වූවාට පසු පෙර දී කියූ දේ ගැන පැහැදිලි කිරීමට හැකියාවක් දැනුමක් නොමැති වීමයි.
දැනට බල පවත්වන නීතිය අනුව පාර්ලිමේන්තුවේ නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමට සිදුවීම වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකුට භූම රෑන්ගයක් විය. හදුන්නෙත්තිට ඇති වත්කම් ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්නකල විපක්ෂ මන්ත්‍රීවරුන්ට හදුන්නෙත්ති කීවේ ” ඔව් අපිට නිකං දෙනවා අපේ පාක්ෂිකයන් ඔයාලට පාන්ද? කියාය. හදුන්නෙත්තිගේ එම ප්‍රකාශය් ඔහුට ඇති දේපළ ගැන නොදැන ඔහු වෙනුවෙන් බොහෝ දේ පරිත්‍යාග කල එදාවේල අමාරුවෙන් සරිකර ගන්නා දයාසාන්ත අයියා වැනි අයට කල අපහාසයකි.නොමිලේ කොන්ඩය කැපූ රංජිත් අයියාටකල අපහසයකි.
ආර්ථිකය පිළිබදව ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වූ හදුන්නෙත්ති නොදන්න ඉංග්‍රීසි කතා කිරීමට ගොස් හත්පොලේ ගා ගත්තාට අමතරව ව්‍යක්ත සිංහල භාෂාවට ” බිග් කුච්චන්” වචනයද අලුතින් එක් කලාය. රටේ ආර්ථිකය ගැන කතා කිරීමට ආර්ථිකය පිළිබදව ඇමතිවරු සිටිය දී හදුන්නෙත්ති එයට සහභාගී කරවීම ගැන ජනාධිපතිවරයා රටේ පුරවැසියන්ව දැනුවත් කල යුතුය.
රටේ වත්මන් ආරක්ෂ තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන අවස්ථාවකදී හදුන්නෙත්ති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ. ” පොලීසිය වෙඩි තියන සියළුදෙනා අත් අඩංගුවට ගතහොත් පොලීසියට වැඩ නොමැති වන බවයි”. ඇත්තටම අපිට අහන්න ඇත්තේ හදුන්නෙත්ති තුන් වේලටම කන්නේ පුන්නක්කු ද කියාය. වෙඩි තියන අය ඇල්ලීම පොලීසියේ එක් රාජකාරියක් පමණි. ඊට අමතරව පොලීසියට සමාජයේ නීතිය සහ සාමය පවත්වා ගෙන යාමට කොතරම් රාජකාරී ප්‍රමාණයක් ඇත්දැයි හදුන්නෙත්ති ගේ පොලිස් මිතුරන්ගෙන් අසා දැනගැනීම වටී.
දිට්වා සුළිකුණාටුව නිසා අනතුරට පත්වූ පාර්ශ්වයන් බේරා ගැනීමසදහා රජයේ නිවේදනය අනුව යොදවා ඇත්තේ හෙලිකොප්ටර් 4 කි. ඉන් එක් හෙලිකොප්ටරයකින් මඩකලපුවට ගිය හදුන්නෙත්ති ඉතාමත් හොදින් මුළු ලෝකෙටම ඇසෙන සේ උම්බෑ කීවාය.
ඔහුගේ වචන අනුව එච්චර ලොකු හානියක් වී නැති බවත් මඩකලපුව ප්‍රදේශයේ ජලය වැඩි වීමට හේතුව මල්වතු ඔයේ ජලය එම ප්‍රදේශයට ගලා ඒම බවයි. අනුරාධපුරය හරහා ගලායන මල්වතු ඔය මුහුදට වැටෙන්නේ මන්නාරමෙන් බව පහේ ශිෂ්‍යත්වය ලියන දරුවන් පවා දන්නා කරුණකි. හදුන්නෙත්ති වැනි අයෙකු එය නොදන්නවා යැයි සිතිය නොහැක. බොහෝ විට නොහැකියාව වසා ගැනීමට ජනතාවට තළුමැරීමට යමක් දීමේ රනිල්ගේ තියරිය හදුන්නෙත්ති අනුගමනය කරනවාදැයි විටෙක සැකයට බදුන්වේ. සත්‍ය එයනම් ඊලග මැතිවරණයේ දී හදුන්නෙත්තිට හිමිවන්නේ රනිල් වික්‍රමසිංහට හිමිව ඇති තත්වයට වඩා කණගාටු දායක තත්වයකි.
( මාලිමාවට මෙයවර සහය පළ කළ පාක්ෂිකයෙක් විද්‍යුත් තෑපෑලට යොමු කල ලිපියකි)

