පසුගියදා මහනුවරට ඇතිවූ මහා වර්ෂාවත් සමග සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග මහවැළි ඟංඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇතිවූ මහා ජල ගැල්මෙන් මහයැළි ඟඟ පිටාර ගලා යාමත් සමග වසර ගනනාවක් මහවැළි ගං ඉවුරේ අනවසරයෙන් ඉදිකර තිබූ වෙළඳ සැල් ,අවන් හල් සහ හෝටල් රැසක් විනාශ වී මහවැළි ඟඟට සේදී ගොස් තිබේ.
පසුගිය රජයන්හී විවිධ දේශපාළනඥයන්ගේ ආශීර්වාදයෙන් මෙලෙස මහවැළි ගංගා ඉවුරුවල ඉදිකල කිසිදු ගොඩනැගිල්ලකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ හෝ මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතියක් ලැබී නැති බව ඉතා විශ්වාෂ
කටයුතු ආරංචි මාර්ග වලින් හෙළිවිය.
ඇතැම් ව්‍යාපාරිකයන් මහවැළි ගං ඉවුරේ නීතී විරෝධීව ඉදිකලබ ගොඩනැගිලි සහ හෝටල් ,නිවාස රැසකට දේශපාළනඥයන්ගේ උදව් උපකාර ලැබී තිබිණි. දෙවන රාජසිංහ මාවතේ මහවැළි ගංඟේ ඉවුරු බලහත් කාරයෙන් අත්පත් කරගෙන ඉදිකර සියලු ගොඩනැගිලි ඒවායේ සියලු භාණ්ඩ සමග මහවැළි ඟඟට දියබත් වී ගිය අතර එම මහා ජල ගැල්මෙන් හානියක් නොවූ එකම ගොඩනැගිල්ල වූයේ උපසම්පදා කර්ම පිංකම සිදුකල හල්ඔළුවේ මහවැළි ඟඟ මැද පිහිටි ” සීමා මාළක ” ගොඩනැගිල්ල පමණි.
ගන්නෝරුව පාරේ සහ ගැටඹේ ඉදිකර තිබූ ජලයේ ගසාගෙන ගිය මෙම අනවසර ගොඩනැගිලි අතර මහනුවර ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට අයත් ගොඩනැගිලිද ,හිටපු බස්නායක නිළමේවරයෙකු ගං ඉවුරේ ඉදිකර කුලියට දී තිබූ අවන්හලක්ද තිබූ බව පරිසර සංවිධාන පැවසූහ.මෙලෙස ගංවතුරට ගසාගෙන ගොස් ඇති අනවසර ගොඩනැගිලි සංඛ්‍යාව 200 කට ,වඩා වැඩි බව ,ආපදා කළමණාකරණ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය යන ආයතන තහවුරු කර තිබේ.=මේසේ ජලයට ගසා ගෙන ගිය ඇතැම් අනවසර ගොඩනැගිලි වලට විදුලි බල බණ්ඩලය විසින් විදුලියද ලබා දී තිබේ

