අස්වැසුම වැඩ සටහන ආරම්භ කලේ ඉකුත් ආණ්ඩුවෙන්ය.එය කිසිදු වෙනසක් නොකරම මේ ආණ්ඩුවද පවත්වාගෙන යනු ලබයි .ආරම්භයේ සිටම මෙය කැඳ හැලියක් බවට පත්විය .ක්ෂේත්‍රයේ සිටින ග්‍රාම නිලධාරීන් ,සමෘද්ධි නිලධාරීන් , සංවර්ධන නිලධාරීන් මේ වැඩ වර්ජනය කල බැවින් එවකට සිටි බලධාරීන් අස්වැසුම් ලාභීන් තෝරා ගත්තේ ස්වෙච්චා කණ්ඩායමක් යොදවා ගෙනය.
එහි ප්‍රතිඵලය වූයේ අස්වැසුම ලැබීමට සුදුසු අය ගමේ සිටියදී නුසුදුසු අයට ඒවා හිමිවීමය. එහි දෙවන වටයේ දී ග්‍රාමීය නිලධාරීන් කොටසක් වැඩසටහනට එක්වු නමුත් බහුතරයක් එය වර්ජනය කිරීම නිසා එයද සාර්ථක නොවීය .විශේෂයෙන් ගම තුළ පරිපාලනයේ බලධාරීයා වූ ග්‍රාම නිලධාරීන් බහුතරයක් වැඩසටහන තුළ නොසිටිම ඊට හේතුව විය.මේ වැඩසටහන මෙහෙය වන සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති තනතුර කලින් දැරූ පුද්ගලයන් දෙදෙනාත් වර්තමාන සභාපති නිමල් කොටවෙලගෙදරත් පහල නිලධාරීන්ගේ කිසිදු අදහසකට හෝ ඉල්ලීමකට ඉඩක් නොදෙමින් මං පොර න්‍යායෙන් කටයුතු කිරීම මේ වැඩසටහන අසාර්ථක වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.
එසේ තිබියදී ගම තුළ වැඩිහිටි ආධාර,විවිධ රෝගාධාර තැපැල් කන්තෝරුව මගින් ලබා ගත් පුද්ගලයන්ද අස්වැසුම යටතට ගනිමින් සිටීයි.එසේ යොමු කරුන පිරිස් අනිවාර්යයෙන් බැංකු ගිණුමක් ආරම්භ කල යුතුය .එසේ ගිණුම් ආරම්භ කිරීමට හැදුනුම්පත් අනිවාර්ය නමුත් සැලකිය යුතු වැඩිහිටියන්ට හැදුනුම්පත් නොමැත .ඒ උප්පැන්න සහතිකයක් නොමැති වීමය .මෙය නොසලකා අහිංසක වැඩිහිටියන් බැංකු ගානේ රස්තියාදු කරවීම බරපතළ අසාධාරණයක් බව ඔවුහු ප්‍රකාශ කරති.
මෙසේ තිබියදී සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වත්මන් සභාපති නිමල් කොටවෙලගෙදර රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ ග්‍රාමීය නිලධාරීන් කෙසේ හෝ මෙම වැඩසටහනට යොමු කරන ලෙසය.එසේ අවනත නොවන නිළධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද ඔහු එම ලිපිය මගින් ඉල්ලා තිබේ.
පහල නිළධාරීන්ගේ සාධරණ යෝජනා හා අදහස් නොසලකා හැර අස්වැසුම ක්‍රියාත්මකමක කිරීමට ගොස් හොස්ස ඇණගෙන සිටින අස්වැසුම බලධාරීන් දැන් ග්‍රාමිය නිළධාරීන්ගෙන් බලෙන් වැඩ ගන්නට යාම බරපතළ තත්වයකි.ඊට ග්‍රාමිය නිළධාරීන්ගේ දැඩි විරෝධතා එල්ල වෙමින් තිබේ.ප්‍රශ්නය ඇත්තේ මේ පිළිබඳව ආණ්ඩුවද ඔහේ බලාගෙන සිටීමය .මීට මැදිහත් විය යුතු කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්නේදැයි රටම නොදැමීම කණගාටුවකි.
(ග්‍රාම නිළධාරිවරයෙක් විද්‍යුත් තෑපෑලට එවු ලිපියකි)

