පාකිස්තාන සංචාරය අතරතුර බලෙන් උණ හදවා ඉන්ජෙක්ෂන් එකක් දී ලංකාවට එවූ ශ්‍රී ලංකා එක් දින හා විස්සයි විස්ස නායක චරිත් අසලංක ක්‍රිකට් බලධාරීන් වෙත කණ කිස් කන පිළිතුරු ලිපියක් එවා ඇතැයි වාර්තා වෙනවා.
චරිත් අසලංකට මෙවැනි අලකලංචියක් වුණේ ඉස්ලමාබාද්හි පුපුරා ගිය බෝම්බය නිසා තවත් ක්‍රීඩකයන් හය දෙනකු සමග සංචාරය අතරමග අත් හිටුවා ආපසු ලංකාවට ඒමට ගත් හිතුවක්කාරී තීරණය නිසයි.
චරිත් අසලංක කොහොමත් හිතුවක්කාරී චරිතයක් වන අතර තම පාසලේ සගයන්ට තේරීම් වලදී යම් සහායක් තිබූවකු ලෙසද ප්‍රසිද්ධ වූ අයෙකි.
මේ අතර ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමගද කණ්ඩායම තේරීමේදී වාද කළ බවත් වාර්තා වෙනවා.
මේ නිසා සනත් හා චරිත් අතර නෝක්කාඩුවක් ගොඩ නැගෙමින් තිබුණු බව කණ්ඩායම් ආරංචි මාර්ග පවසනවා.
තමන්ට දුන් දඬුවම ගැන ලංකාවට එන තෙක්ම අසතුටින් පසු වූ චරිත් ක්‍රිකට් බලධාරීන්ට යවන ලද ලිපියේ මුදලට ක්‍රීඩකයන් කණ්ඩායමේ ස්ථාන පිරිනැමෙන බවක් කියා ඇතැයි වාර්තා වෙනවා.
ක්‍රිකට් බලධාරීන් යම් හෙයකින් මෙම ලිපිය මාධ්‍ය වෙත යොමු කළහොත් කිහිප දෙනකුගේ රෙදි ගැලවී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2025-11-28

