මහනුවර නගරයට ආසන්න ජනප්‍රිය වේගන යන ප්‍රධාන විදුහලක චණ්ඩි විදුහල්පතිවරයෙකු එම විදුහලේ සේවයේ නියුතු උපාධිධාරී සංවර්ධන ගුරුවරියකට පහරදීමේ සිද්ධියේ පරීක්ෂණ මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නිසි පරිදි ,සිදු නොකර එම පරීක්ෂණ යට ගැසීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ගුරු සංගම් දැඩි අවධානයකින් පසුවෙන බව එම ගුරු සංගමය පවසයි.
මෙම විදුහල්පතිවරයා පසුගිය කාලයේ පොදු ජන එක්සත් පෙරමුණේ මධ්‍යම පලාත්හිටපු ප්‍රධාන දේශපාලනඥයාගේ හොදම ගෝලයෙකු ලෙස කටයුතු කළ අතර ඔහුට කේවට්ට කම් කල අයෙකු බව මාළිමාවේ ගුරු සංඟමය චෝදනා කරති.
කෙසේ වෙතත් එම විදුහලේ දරුවන්ට ඉගැන්වීම්කල මෙම උපාධිධාරී සංවර්ධන ගුරුවරියට එම චණ්ඩි විදුහල්පති කරන ලද පහරදීම පොලීසියට පැමිණිල්ලක් නොයවා ෂේප් කරගත් වන්නි පලාතෙන් ආවාකියන මෙම විදුහල්පතිවරයා ගෑණූන්ට චණ්ඩිපාට් දැමිම සම්බන්ධයෙන් උපාධිධාරී ගුරු සංවර්ධන නිලධාරින්ගේ සංඟමයද දැඩි අවධානයෙන් බලා සිටින බව එම සංඟමයේ නිලධාරියෙක් පැවසීය.
මෙම බොරු චණ්ඩි විදුහල්පති කල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය සිදුකරන පරීක්ෂණ අසාධාරණ ලෙස සිදු කලහොත් එයට එරෙහිව මාළිමා ගුරුසංගමය සහ උපාධිධාරී සංවර්ධන නිලධාරි සංඟමය ඉදිරියේ දැඩි ක්‍රියා මාර්ගයක් ගන්නා බව එම සංගමයේ ප්‍රකාශකයෙක් කීය.
කෙසේ වෙතත් මහනුවර එම විදුහලේ විදුහල්පති එහි සේවය කල උපාධිධාරී සංවර්ධන ගුරුවරියට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් පරීක්ෂණයක් පැවැත්වූ මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය එම විදුහල්පති වරයා විදුහලේ විදුහල්පති ධූරයෙන් ඉවත් කර ඇති බව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

