මාළිමාවේ නුඑරඑළිය මහ නගර සභාවේ  නගරාධිපතිවරයා අයවැයෙන් තමන්ට වැඩිපුර බෙදාගෙන

ජනාධිපතිවරයා ඇතුලු මැති ඇමතිවරුන් මෙතෙක් ඔවුනුට තිබු වරප්‍රසාද එකින් එක අඩු කර ගෙන යන විට නුවරඑළිය මහ නගර සභාවේ පුරපතිවරයා නගර සභාවේ 2026 අයවැයෙන් රුපියල් මිලියන  25ක් ,නිල රථයටත් ,රුපියල් මිලියන 110 ක් ,අති සුපිරි නිල නිවසක් සඳහා අනුමත කර ගැනීම සම්බන්ධයෙන්  නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන එජාපයේ හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් විරෝධය පල කරති.

නගරාධිපතිවරයා නුවරඑළියේ පොදු සංවර්ධන කටයුතු රැසකට වෙන්කල යුතු  ජනතා බදු මුදල් සිය පුද්ගලික සුඛ විහරණයට  වෙන්කර ගැනීම ගැන නගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක සුසන්ත ප්‍රියලාල් පළිහවඩන සහ ස්වාධීන ණ්ඩායම

නියෝජනය කරන මාකඳුරේ රතනවංශ හිමි යන මන්ත්‍රීවරු දැඩි අප්‍රසාදය පලකරති.

මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට නුවරඑළිය නගරාධිපති   උපාලි වනිගසේකර මහතාගේ දුරකතනයට ඇමතීම් ලබාගත්තද ,පුරපති වරයා එම ඇමතීම් වලට ප්‍රතිචාර නොදැක්වීය. නුවරඑළිය නගරයේ ජල ගැටළුව ,සතිපොල සංවර්ධනය කිරීම කසළ කළමණාකරණය කිරීම වැනි සංවර්ධන කටයුතු වලට  අයවැයෙන් මුදල් වෙන්කල යුතු වුවද ,පුරපති වරයා තම නිල රියට සහ සුපිරි නිල නිවසකට ජනතා බදු මුදල් වෙන්කර ගැනීම නුවරඑළිය ජනතාවට කරන බලවත් අසාධාරණයක් බව  නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දෙති.නිල නිවාස  එපා  නිලරථ ගන්නේ නැහැ කිවූ නගරාධිපති කෝටි ගනන් ජනතා බදු මුදල්  තමන්ගේ සුඛ විහරණය  සඳහා බෙදා ගැනීම හැන්ද අතේ තියාගෙන තමන්ගේ පිඟානට සියල්ල බෙදා ගෙන ඇතැයි විපක්ෂය චෝදනා කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *