ක්‍රීඩා ඇමතිට ජංගි අන්දන සනත්

ක්‍රිකට් ක්‍රිඩාවෙ කොඩිවිනය ලෙස හදුන්වන සනත් ජයසූරිය මෑතකදී සිට වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ගොනාට අන්දවා තම පුද්ගලික වාසි සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩාව මෙහෙයවමින් සිටිය බව වාර්ථාවෙි.තම හිතුමනාපය මත කණ්ඩායම සදහා ක්‍රීඩකයින් ඇතුලු කිරීම ඉවත් කිරීම නිසි ක්‍රමවෙදයකින් තොරව කරගෙන යාම ක්‍රිඩකයන්ට මෙන්ම පුහුණු කරුවන්ටද හිසරදයක් වී ඇත.
මේ දිනවල පකිස්තානයේ පැවැත්වෙන තරගාවලියේ අන්ත පරාජයකට ලක්ව සිටින කණ්ඩායම මෙහෙයවන සනත් “මට බැරිනම් උබලටත් බෑ”න්‍යාය අනුගමනය කරමින් කටාරයේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායමෙ ජයග්‍රහණය පෙනි පෙනී සිටියදී අවසන් පූර්ව තරගයට පෙර කණ්ඩායමේ සිටි දක්ශතම පන්දු යවන්නා මෙන්ම බංගලිදේශ කණ්ඩායමට අභියෝගයක් වූ වියත්කාන්ත් හදිසියේ පකිස්තානයට කැදවූයේය.
මෙමගින් සනත් සිය සුපුරුදු කපටි න්‍යාය යොදාගෙන මෝඩ ක්‍රිඩා ඇමති ඇන්දවීමට සුලු ජාතිකයන්ට ජාතික කණ්ඩායමේ අවස්ථාව දෙන බව පෙන්වීමට මේ අවස්ථාවෙදී ආණ්ඩුවට වාසි සහගත බව පෙන්වා කිසිදු ආබාධිත තත්ත්වයක් නොමැති වනිදු ආබාධිතයෙකු කර වියත්කාන්ත් පකිස්තානයට ගෙන්වා ගත්තේය.මෙයින් සනත් බලාපොරොත්තු වූයේ ශ්‍රී ලංකා A කණ්ඩායමෙ ජයග්‍රහණය වැලැක්වීම බව ක්‍රිකට් ගැන දන්නා සියල්ලන්ම මේ වන විට වටහාගෙන ඇත.
පැවති සියලුම රජයන්වල ක්‍රීඩා ඇමතිවරුන් ඇන්දූ සනත් මාලිමා ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයාටද රේන්ද ඇල්ලූ යට ඇදුමක් අන්දවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *