ෂාෆි අමතක වී කිත්සිරිට ආවඩන බිමල්

පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පසුගිදා පාර්ලිමේන්තුවේදී දොස්තර ෂාෆි ෂහබිඩින් ගේ වඳ සැත්කම් සිද්ධිය ගැන නැවත සිහිපත් කෙරු⁣වේය.ඔහු එහිදී පැවසුවේ මේ සිද්ධියට මුල් වූ පොලිස් නිළධාරීන් දෙදෙනාට ⁣එරෙහිව ජාතික ජනබලවේග ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැති බවය.පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් කළ ඒ කතාවට ඩෝං ගියේ සභා නායක බිමල් රත්නායකටය.ඔහු එහිදී ෂාෆි ෂහබිඩින්ට එරෙහිව වඳ සැත්කම් චෝදනාව කළ පොලිස් නිළධාරීන් ආරක්ෂා කරමින් කතා කෙරුවේ කිසිම හිරිකිතයක් නැති ගානටය.බිමල් රත්නායකගේ කතාවෙන් තහවුරු වූයේ ජාතිවාද⁣යෙන් රට ගිනි තැබූ ඒ මදාවි පොලිස් කාරයන් මාර වීරයන් බවය.
දොස්තර ෂාෆි ෂහබිඩින් ට එරෙහිව වඳ සැත්කම් ⁣චෝදනාව කෙරු⁣වේ දැනට ⁣දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන කිත්සිරි ජයලත් හා මෑතකදී නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස උසස් වීම් ලදමහින්ද දිසානායකය.මෙම නිළධාරීන් දෙදෙනා දොස්තර ෂාපිට අසත්‍ය චෝ‍දනා නැගීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට අධිකරණයට වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අ⁣බේසේකරය.ෂානි අබේසේකර තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයාය.
දොස්තර ෂාෆි ෂහබිඩින්ට එරෙහිව සමාජගත කරන ලද අසත්‍ය චෝදනාවන් තක්කඩි දේශපාලන අරමුණක් ⁣වෙනුවෙන් ක්‍රියාත්මක වූ කාලකන්නි සැලසුමකි.රට පුරා ජාතිවාදය අවුස්සමින් ක්‍රියාත්මක වූ මේ සැළසුමේ පීතෘවරයා වර්තමානයේ දකුණු පලාතේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් බව අමුතුවෙන් ලියා අනාවරණය කළ යුතු සඳහනක් නොවේ.එසේම කිත්සිරි ජයලත් පොලිස් කොස්තාපල් වරයකු ලෙස සේවයට බැඳී ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු දක්වා පැමිණි වෘත්තිමය ගමන් ම⁣ගේ ඔහුගේ කැත හා අශීලාචාර රාජකාරි කිරීම් ගැන ⁣පොලිස් ඡ්‍යෙෂ්ඨයන් හොඳ හැටි දනීයි.
මේ රටේ පුරවැසියන්ගේ අවාසනාව වී ඇත්තේ මෙවැනි ජාවාරම්කාර තක්කඩි පොලිස් කාරයන් කවර ආණ්ඩුවක් බලයට පත් වූවද බල⁣යේ සිටින්නන්ගේ හුරතලුන් බවට පත් වීමය.සභා නායක බිමල් රත්නායක නියෝජනය කරන ජාජබ ආණ්ඩුව බලයට ආවේ වංචාවට හා දූෂණයට එරෙහිව නීතියේ ආධිපත්‍යය මෙරට ස්ථාපිත කරන බවට පුරවැසියන්‍ට පොරොන්දු වෙමිනි.එහෙත් බලයට පත් වීමෙන් පසුව බිමල් රත්‍නායකට අන්ද කයිප්පු කැවී ඇති බව පැහැදිලිය.ඒ බව වඩාත් තහවුරු වන්නේ මේ උන්දෑ කොන්දේසි විරහිතව පාදඩ ජාවාරම්කාර ⁣කිත්සිරි ජයලත් ආරක්ෂා කරන බව ඇස් පනා පිට පෙනෙන්නට ඇති නිසාය.
මේ කිත්සිරි ජයලත් ගේ පාදඩ ⁣පොලිස් රාජකාරිය දොස්තර ෂාපි ගෙන් කෙළවර කර වූයේ නැති බවට මෑතකදී තවත් හොඳ සාක්ෂියක් අසන්නට ලැබුනි.ඒ විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි එකනායකට එරෙහිව මනුෂ්‍ය ඝාතනයක් හා නිදන් හෑරූ බවට අසත්‍ය චෝදනා කරමින් ඔහු බන්ධනාගාර ගත කරන ලද සිඳුවීමයි.මේ සිද්ධිය දොස්තර ෂාපිගේ පිටපතේ දෙවන සිංහල පිටපත ලෙස හැඳින් විය හැකිය.දොස්‍තර ෂාපි මුසල්මානුවකු නිසා ඔහුට එරෙහිව කළ අසත්‍ය චෝදනා මෙරට සිංහල බෞද්ධ සමාජය කම්පනයට පත් කෙරුවේය.එහිදී දොස්තර ෂාෆි ෂහබිඩින් අධිකරණයෙන් නිදහස් කරන තුරුම සිංහල ⁣බෞද්ධ සමාජයේ වැඩි දෙනෙකුගේ සිතීම වූ⁣යේ ඒ චෝදනාවන් සත්‍ය බවය.කෙසේ වෙතත් කිත්සිරි ජයලත් මේ වතාවේ දඬු කදේ ගැසුවේ මෙරට සමාජයේ ඉහළින්ම වැජඹෙන රණ විරුවෙකි.එ⁣හෙත් මේ වතා⁣වේදීද කිත්සිරි ජයලත් ගේ පාදඩ රාජකාරිය අනාවරණය කරමින් විශ්‍රාමික මේජර් ජනරාල්වරයා අධිකරණයෙන් නිදහස් කෙරුවේය.
එහෙත් ⁣මේ සිද්ධිය අභිමානවත් පුරවැසියෙකු ගේ විශ්‍රාමික ජීවිතය අමු අමු⁣වේ කෙලසා දැමීමකි.විශ්‍රාමික මේජර් ජනරාල්වරයාට නිකරුණේ ඉන් විඳින්නට සිඳුවූ අපකීර්තිය මුදලින් තක්සේරු කරන්නට බැරි තරමේය. මේ පිළිබඳව සම්පූර්ණයෙන්ම වග කිව යුතු වන්නේ ඡ්‍යෙෂ්‍ඨ නියෝජ්‍ය ⁣පොලිස්පති කිත්සිරි ජයලත් බව බොහෝ මාධ්‍යයන් වාර්තා කරන ලදී.එහෙත් ඒ ගැන ආණ්ඩුව එතරම් බරපතල ලෙස සිතන බවක් පෙනෙන්නට නැත.පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට දහ අතේ දිවුරා පොරොන්දු වෙමින් බලය⁣ අත් පත් කර ගත් ජාජබ ආණ්ඩුව විශ්‍රාමික මේජර් ජනරාල් කිත්සිරි ඒකනායකට සිදු වූ අසාධාරණය තඹ ⁣දොයිතුවකට ගණන් ගත්තේ නැත.දැන් ආණ්ඩුව පෙනී සිටින්නේ පොලිස් රාජකාරිය අව භාවිතා කරමින් පාදඩ හා සාහසික ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් වරයාට එරෙහිව අසත්‍ය චෝදනා කරමින් අධිකරණයේ නඩු පැවරූ ඡේ‍යෂ්ඨ නියොජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වෙනුවෙනි.ආණ්ඩු⁣වේ මේ පෙනී සිටීම නම් ඉතා හිරිකිතය.ලැජ්ජා සහගතය.
බිමල් රත්නායක සිය හෘද සාක්ෂයටවත් වග කියන්නේ නැති දේශපාලඥයෙක්ද යන්න මෙහිදී අපට සැක මතුවේ.එසේත් නැති නම් ⁣මේ ආණ්ඩුව පොලීසියේ පට්ට දූෂිතයන් හුරතල් කරමින් සිටී.පුරවැසියන් මේ ආණ්ඩුව බලයට පත් කරවන ලද්දේ මෙවැනි අශීලාචාර අසික්කිත මැදිහත් වීම් බලාපොරොත්තුවෙන් නම් නොවෙි.
බිමල් රත්‍නායක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකි.ඔහු මාලිමාවේ ඇමතිවරයකු ලෙසත් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙසත් රූපාන්තරණය වුවද ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ වගකීම් අත් නොහරින ලද බවද අපට විශ්වාසය.
ජනතා විමුක්ති පෙරමුණ මාලිමාව බවට පත් වීමට පෙර සමාජ⁣යේ පෙනී සිටියේ අයුක්තියට හා අසාධාරණයට එරෙහිවය.
එහෙත් මෙතරම් ඉක්මන⁣ට බිමල් රත්නායක ජවිපෙ දේශපාලනය අමතක කර ⁣මෙලේච්ඡ හා ජාවාරම්කාර පොලිස් කාරයකු වෙනුවෙන් පෙනී සිටීම ගැන අපට දැනෙන්නේ වචනයෙන් ලියා තබන්නට බැරි තරමේ හා ඔක්කාරයට එන අපුලකි.එලෙසම දැන් අපට සිතෙන්නේ මේ උන්නැහේගේ ලැජ්ජා නහර කපා දමා තිබෙන බවකි.
එසේ නැතිනම් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් වැනි පාදඩ පොලිස්කාරයකු වෙනුවෙන් පෙනී සිටින්නේද නැත.බිමල් රත්නායක හා ජාජබ ආණ්ඩුවේ මේ කෙරුවාව ගැන අපට ලියන්නට ඇත්තේ තුක් නොදකින් කියාය.එහෙම බලා ගෙන යන විට බණ්ඩාරවෙල ⁣වඩේ චාමර මේ ආණ්ඩුවේ වෙස් මුහුණු කාරයන්ට වඩා නම්බුකාර බවද සිතේ.
( විද්‍යුත් තෑපෑලට ලැබුණු ලිපියකි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *