මහනුවර නගරයේ අටපිරිකර පූජා භාණ්ඩ අළෙවිසැල් ආසන්නයේ ශ්‍රී දළදා මාළිගාවේ ඉහළ රන් වියනට සමාන්තරව ඉදිකර ඇති මහල් පහක සුපිරි හෝටලයේ නාන තටාකය නිත්‍යානුකුලව අවසර ලබා නොගෙන ඉදිකර ඇතැයි වාර්ථාවෙි.
ඉහළම මාලයේ ටොප් රූෆ්හී ඉදිකර ඇති මෙම සුපිරි පිහිනුම් තටාකය පවත්වාගෙන යාම සඳහා සිස්ටම් චේන්ජ් කරන්නට බෙරිහන් දී නගරයේ ජනතාව මුළා කර ජන්දය ගත් මාළිමාවේ ප්‍රබලයෙකුට ලක්ෂ 30 ක කප්පමක් අතිශ්‍ය රහසිගත ක්‍රමයක් ඔස්සේ ලැබී ඇති බවට මහනුවර මහ නගර සභාවේ කතිකාවතක් ගොඩ නැගී තිබේ.
මහනුවර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකුට සමීප ඥාතී සබඳතා ඇත්තෙකුට අයත් මෙම හෝටලය නගර සභා නීතීරීතී වලට පටහැණි ලෙස ඉදිකෙරී ඇති බවද නගර සභාවේ සේවකයෝ පවසති.
මෙම සුපිරි හෝටලයේ ඉහළම මහලේ පිහිනුම් තටකය අනවසර වුවත් එයට රහසිගත ලෙස මාළිමාවේ මහනුවර ප්‍රභලයා ලොකු අතයට ගනුදෙනුවක් ලබා ගත්බව මේ දිනවල ප්‍රසිද්ධ රහසක්බවට පත්ව තිබේ.
රෑට රෑට නගරයේ අනවසර ඉදිකිරිම් පරීක්ෂා කරන්නට පිරිමින් නැති ගෙවල්වලට රිගන මාළිමාවේ ” ඩෙනිම් අනංගයෙක් ගැනද මේ දිනවල කතා බහක් ඇතිවී තිබේ.සිස්ටම් චේන්ජ් කර නගර සභාවේ වෙනසක් කරන්නට පත්වූ ඇතැම් දේශපාළනඥයන් නගර සභාවේ සංවර්ධන කටයුතු සඳහා නගර සභා වට බදු ගෙවන ජනතාව ගේ බදු මුදලින් මිළදී ගත් සිමෙන්ති කොට්ට 20 ක් ,අතුරුදහන් වී ඇතිබව නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී වරු චෝදනා කරති.
සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් මාළිමාවේ ප්‍රභලයන් කීප දෙනෙක් චේන්ජ් වී ඇති බව නගරයේ ජනතාව පවසති.
ස්වීමින් ෆූල් ගැහිල්ල රහසක් වුවද ,අතයට ලබා ගත් ලක්ෂ තිහක මුදල ගැන නම් මහනුවර මහ නගර සභාවේ ලොකු කුඩා බොහෝ දෙනෙකුම දන්නා දෙයක් බවට පත්ව ඇත.
නගර සභාවේ හොරු අල්ලන්න ආපූ අයම මේ අන්දමට චේන්ජ් වීම ගැන මේ දිනවල හෙමින් සීරූවේ ” පැලවත්ත මූලස්ථානය වෙතත් වාර්තා වෙලාලූ.. දේව වීදීයේ ලොකු හෝටලයෙන් ඉඳහිට නගර සභාවේ බලධාරින්ට ලැබෙන සුපිරි කෑම පිඟාන නිසා හෝටලයේ හැදුණ අනවසර පිහිනුම් තටාකය හදාගන්නත් නගර සභාවේ අනුමැතිය ඉහළින්ම ලැබිලලු.පොඩි මිනිහගෙ පෙට්ටි කඩය ගලවා උස්සගෙන එන මහනුවර නගර සභාවේ වැටලීම් අංශයට ලැබෙන සන්තෝෂම් නිසා අහස උසට මොන මන්දීර හැදුවත් ඒවා ගැලවෙන්නේ නැතැයි නගර සභාවේ සේවකයන්ම පවසයි.

