රනිල් උඩ දාන්න ආණ්ඩුව ලක්ෂ 70 ක් වියදම් කරයි

රටේ හැට දෙලක්ෂක ජනතාව ලක් ඉතිහාසයේ පලමු වතාවට සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් දී මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කලේ හොරුන්ට දඩුවම් දීමට මිස හොරුන්ට ප්‍රසිද්ධියක් ලබා දී උඩ දැමීමට නොවන නව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුක ආණ්ඩුව හොදින් සිහියේ තබා ගත යුතුය.

හිටපු අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බිරිදගේ උපාධි උත්සවයකට රජයේ මුදල් අවභාවිතා කල බවට චෝදනා කරමින් පසුගිය දිනක අත්ඩංගුවට ගෙන සතියක කාළයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර ඇප මත මුදා හරියේය.

එම අත්ඩංගුවට ගැනීම පිළිබදව ආණ්ඩුවට හිත්වත් පාර්ශ්ව අමන්දානන්දයට පත් වුවත් රනිල් වෙනුවෙන් පක්ෂ භේදයකින් තොරව ආන්ඩුව හැර අනි සියළුම පක්ෂ එක මිටට ආණ්ඩුවට එරෙහිව පෙනී සිටියේය. හිටපු ජනාධිපතිවරයෙකු ලංකාවේ ප්‍රථම වතාවට ජනාධිපතිවරණයකදී කුල්ල කුජීත වී තුන්වෙනි තැනට වැටී සිටි රනිල් වික්‍රමසිංහට මෙම අත්ඩංගුවට ගෑනීම දේශපාලනික වශයෙන් යම් උත්‍තේජනයක් ලබා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ කලාය කියන රජයේ මුදල් අවභාවිතය පිළිබදව පරීක්ෂණ සම්පූර්ණ නොකොට ඔහුව අත්ඩංගුවට ගැනීමට උපදෙස් ලබා දුන් මොංගල් පුද්ගලයා කවුද යන්න හෙළිදරව් කිරීමට ආණ්ඩුව බයද නැත්නම් ලැජ්ජාද යන්න දන්නේ ඔවුන් පමණි. මෙම අත්ඩංගුවට ගැනීම සිදුකරන ලෙසට නීතිපති පාලින්ද රණසිංහ හෝ නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් උපදෙස් ලබා දුන්නේ නම් ඔවුන් දෙදෙනාගෙන් අදාල උපදෙස් ලබාදුන් අය සිදුකර ඇත්තේ හිතාමතාම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කටයුතු කිරීමකි. එසේ උපදෙස් නොලැබ එය කරානම් එය මහජන ආරක්ෂක අමාත්‍යාංශයම අරක් ගෙන සිටින හිටපු සීඅයිඩී කාරයන්ගේ ජන්ම ගතිය නිසා කල පට්ට ගොන් වැඩකි.

රටක නායකයකු හෝ රට නියෝජනය කරමින් ඕනෑම දේශපාලඥයකු ලෝකේ ඕනෑම රටකට යන විට එම ගමන අදාල රටෙහි කටයුතු සංවිධානය කරනු ලබන්නේ එම රටෙහි සිටින අදාල රටෙහි තානාපති කාර්යාලය මගින් හෝ මහ කොමසාරිස් කාර්යාලය මගිනි. යන රටෙහි අදාල රටට අයත් තානාපති කාර්යාලයක් හෝ මහ කොමසාරිස් කාර්යාලයක් නොපවතින්නේ නම් එම රටෙහි විදෙස් අමාත්‍යාංශය යටතේ ඇති සංධාන කාර්යාලයේ නිළධාරින් විසින් අදාල නායකයා හෝ දේශපාලඥයා නියෝජනය කරන රටේ විදෙස් අමාත්‍යාංශය මහින් කරණු ලබන ඉල්ලීමක් අනුව කටයුතු සම්පාදනය කරන්නේය. එය විදෙස් සේවයේ පොදු නිර්නායකයකි.

දැන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රශ්නගත සංචාරය යන්නේ එංගලන්තයට. ඒ මොහොතේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන ය. රනිල් වික්‍රමසිංහ අත්ඩංගුවට ගැනීමට පෙර අදාල පරීක්ෂණය කර තුබුනේ නම් අදාල සංචාරය සම්බන්දයෙන් සරෝජා සිරිසේනගේ භූමිකාව ගැන විස්තර ලබා ගත යුතුය. එසේ නොකිරීම හිතාමතාම කරන ලද වැරැද්දකි. සරෝජා සිරිසේනගෙන් ඒ පිළිබදව විස්තර ලබා ගැනීම අපහසු කාර්යක් නොවේ. 

දියුණු තාක්ෂණය ඇති ලෝකයේ එය ඉතාමත් පහසු කාර්යකි. දැනටත් ලංකාවේ අධිකරණය තුලදී විභාග වෙන නඩු සදහාද විත්තිකරුවන් උසාවියට නොකැදවා ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුවේ කටයුතු කරගෙන යාම සාක්ෂි විමසීම සිදුකරනු ලබයි. එය පූර්වාදර්ශයක් ලෙස ගෙන මහ කොමසාරිස් සරෝජා සිරිසේනගේ ප්‍රකාශයක් ලබා ගැනීම හෝ ඇය විසින් සූම් තාක්ෂණය  ඔස්සේ කරනු ලබන ප්‍රකාශය සටහන් කරගෙන එය කියවා බලා අත්සන් කර නැවත එවන ලෙසට සතියට දෙවතාවක් විදෙස් අමාත්‍යාංශය එයාර් ලංකා ගුවන් යානා මගින් එංගලන්තයට යවන ලියුම් මල්ලේ යැවීමට හැකියාව ඇත. එසේ පහසුකම් තිබියදී අදාල පරීක්ෂණ සම්පූර්ණ නොකොට රනිල් වික්‍රමසිංහ ව අත්ඩංගුවට ගෙන හුදී පාක්ෂිකයන් පිනවීමට කටයුතු කිරීම  ආණ්ඩුව කියන ලෙසට රනිල් වික්‍රමසිංහ අවභාවිතා කලා යැයි කියන ලක්ෂ 166 ගැන සොයන්න ආණ්ඩුව ලක්ෂ 100 කට ආසන්න මුදලක් වියදම් කරමින් සිටීයි.

රනිල් වික්‍රමසිංහගේ එංගලන්තය සංචාරය පිළිබදව එරට මහ කොමසාරිස් සරෝජා සිරිසේනගේ ප්‍රකාශයක් සටහන් කිරීමට නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න ,සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල  ,ප්‍රධාන පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් පරීක්ෂක මාලක ඇතුළු නිලධාරීන් 5 දෙනෙක් පසුගිය දිනක එංගලන්තය බලා ගොස් ඇත. ඔවුන් පස් දෙනාගේ ගුවන් ගමන් ගාස්තුව ආසන්න වශයෙන් ලක්ෂ 45 කි ( එක් අයෙකුට ලක්ෂ 9 කි) එම රටේගත කරනවාට දිනකට සුළු වියදම් ඩොලර් 25 බැගින් ද ආහාර සදහා දිනකට ස්ටර්ලිං පවුම් 150 බැගින්ද ගෙවිය යුතුය. ඊට අමතරව ඔවුන් ලැගුම් ගන්නා හෝටල් ගාස්තුවද ගෙවිය යුතුය. එම සියළු පිරිවැය දැරිය යුත්තේ ආණ්ඩුවය. ඒ කියන්නේ රටේ බදු ගෙවන ජනතාවය. එම එක නිලධාරියකු සදහා සතියක කාලයකට  900000+ (25x7x309)+(150x405x7) =1379325 කි මේ හෝටල් බිල් නැතිවය. ඒ අනුව නිලධාරීන් 5 දෙනෙකු සදහා ආණ්ඩුව දරණ වියදම 1379325×5= 6896625 (  හැට අටලක්ෂ අනූහය දහස් හයසිය විසි පහකි) මෙම ගමන සදහා නීතිපති වරයා කිසිම උපදේශයක් නොදුන් බව ප්‍රසිද්ධියේ මාධ්‍යට පවසා ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කියන්නේ පරීක්ෂණයක් පැවැත්වෙන නිසා ඒ ගමන ගැන නීතිපතිගෙන් උපදෙස් අනවශ්‍ය බවයි. නමුත් ප්‍රශ්නය එය නොවේ .එම උපාධි උත්සවයට සහභාගී වන ලෙසට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙසට රනිල් වික්‍රමසිංහ සහ එංගලන්තයේ මහ කොමසාරිස් ලෙසට තමන්ට ආදාල විශ්වවිද්‍යාලයෙන් නිළ ආරාධනයක් ලැබුන බවට සරෝජා සිරිසේන සාක්ෂි සහිතව ප්‍රකාශ කලහොත් ඇතිවන තත්වයයි. එසේ වී රනිල් වික්‍රමසිංහව නිදහස් වුව හොත් නිසි පරීක්ෂණක් නොකොට රනිල් වික්‍රමසිංහව අත්ඩංගුවට ගැනීම සිදුකල සීඅයිඩී අධ්‍යක්ෂක රීලෝඩ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ආණ්ඩුවට සිදුකල පාඩුව ගෙවන්නේද නැත්නම් එම මුදල ඔහුගෙන් අයකර ගන්නේද යන්න විෂය භාර අමාත්‍යවරයා රටේ ජනතාවට පැහැදිලි කලයුතුය. මෙම නඩුවෙන් රනිල් වික්‍රමසිංහ නිදහස් වුව හොත් ඔහු නැවත වීරයෙක් වන්නේය. එදාට නඩු ගොනුව සමව බෙදා ශානි අබේසේකරගේ සහ දිලීප පීරිස් දෙදෙනාගේ පස්ස පැත්තේ ගසා ගැනීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *