ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර සෙනසුරාදා කෙත්තාරාම ආර්. ප්‍රේමදාස පිටියේ පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීම සඳහා නිළියන් රැසක් එහි පැමිණ තිබිණ.
ඔවුන් සඳහා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා විසින් විශේෂ අනුග්‍රහයක් දක්වා තිබුණු අතර ඔවුන් තරගය නැරඹුවේ ධර්මදාස මහතාගේ උප සභාපති නැරඹුම් කුටියේ සිටයි.
මෙහිදී ඔවුන්ට බුෆේ කෑම පවා පිලියෙළ කොට තිබුණි.
වරක් ඕස්ට්‍රේලියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය නැරඹීමටද ධර්මදාස මහතා නිළියන් දෙදෙනෙකුට අනුග්‍රහය දක්වා තිබිණ.

