සත්‍ය ඉදිරියේ  අහිංසකය  අපි  හොරුන් දූෂකයන් ඉදිරියේ  වීරයන්ය

අප සැමවිටම පෙනී සිටින්නේ සාධාරණ වෙනුවෙන් පමණි. බිමල් රත්නායක ඇමතිතුමා කියූ ලෙසට ආඩම්බරය සත්‍ය ඉදිරියේ අපි අහිංසකය .ඒත් හොරුන් දූෂකයන් ඉදිරියේ අපිද වීරයන්ය. හොරුන් සහ දූෂකයන් පිළිබදව හෙළිදරව් කිරීමට අපි කිසි විටෙකත් නොපසුබට නොවෙමු.

එසේ අප විසින් දිගින් දිගටම පෙන්වා දුන් අසාර්ථක සහ දූෂිත නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට සහ නියෝජ්‍ය පොලිස්පති වරියකට ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් ලබා දී ඇත. දකුණේ භීෂණය පැතිර වීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුවම දායකත්වය සැපයූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ ,පොලිස් පරීක්ෂක ධූරයේ සිට මෙවර ස්ථානමාරුවක් ලැබෙන තෙක්ම පොලිස් රථවාහන අංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ, මූල්‍ය වංචාසේම තම රාජකාරි වගකීම ඉටුනොකර තරුණ දියණියන්ගේ ජීවිත සමග සෙල්ලම් කල කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර එසේ ස්ථානමාරුවීම් ලද අයයි.

දිගින් දිගටම අපි පෙන්වා දුන් අදාල නිළධාරින්ගේ වැරදි සැලකිල්ලට ගනිමින් අදාල ස්ථාන මාරුවීම් ලබා දුන් පොලිස් කොමිෂන් සභාවේ සියළුම සාමාජිකයන් වෙත අපගේ කෘතඥතාව පිරිනමමු.

කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඔෂාන් හේවාවිතාරණ ස්ථාන මාරු කළේ තංගල්ලේදී  අත්ඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බොට්ටුවේ අයිති කරු අත්ඩංගුවට ගත් නිසා බවට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙන ගියේය.එහෙත් මෙම ස්ථාන මාරුවිම් කිරිමේ පටිපාටියට අවම වශයෙන් සති දෙකකට වැඩි කාලයක් ගතවන බව දන්නේ දනිති. ඒ සදහා එක රැයෙන් පොලිස් කොමිෂමෙන් අනුමැති නොලැබෙි.එහෙත් එම මතය හදනු ලබන්නේද පාතාලයට සම්බන්ධ අය මුදල් ගෙවා ප්‍රචාරය කරන මාධ්‍යවේදින් ලවාමය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සිටි නියෝජ්‍ය පොලිස්පති ශේෂාන් හේවාවිතාරණ යනු දෙහි බාලේගේ ඥාති සොහොයුරා සහ අතිජාත මිත්‍රයාය. දෙවුන්දර දේවාලය අසල සිංහාසන පාරේදී තරුණයන් දෙදෙනකු වෙඩි තබා මරා දැමීම සැලසුම් කර සිදුකරේ දෙහි බාලේය. දෙවුන්දර දේවාලයේ පෙරහැර බලන්නේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙහිබාලේගේ නිවසේ සිට බව දන්නේ දනිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *