මහනුවර සෙංකඩගල අඳ බිහිරි දරුවන් අධ්‍යාපනය ලබන පාසැලේ භෞතික සංවර්ෂන කටයුතු සඳහා නෙදර්ලන්ත වෙසෙන දානපති කතක්විසින් එම පාසලට ලබාදී ඇති ලක්ෂ 600 ක මුදලින් අඩක්ම අයථා ලෙස ගසාකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස එම පාසැලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මව්පිය සංසදය මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයාට සහ කොළඹ වංචා විමර්ශණ හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිළි කර ඇත.
මෙම විදුහලේ විදුහල්පතිනියට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ වංචා විමර්ශණ අංශයටද පැමිණිළි කර තිබේ.විදුහලේ ඉදිකිරීම්භාර කොන්ත්‍රාත්කරු හා සම්බන්ධ වීදෙස් ආධාර මුදල ගසා කා ඇතිබව කියන මෙම විදුහලේ විදුහල්පතිනියගේ වැඩ තහනම් කිරීමටද අධ්‍යාපන දෙපාර්තමේන්තුය කටයුතු යොදා ඇතත් ,පරීක්ෂණ යට ගසා ඇති බව දෙමව්පියන් පවසති.
පලාත් ආණ්ඩුකාර වරයාද මෙම මහා වංචා සිද්ධිය නොසළකා හැර ඇතැයි විදුහලේ දෙමව්පියන් චෝදනා කරති. නෙදර්ලන්ත දානපතිනිය මෙම විදුහලේ භෞතික සම්පත් සංවර්ධනය සඳහා ලබාදුන් මුදල් වංචනික ලෙස ගසා කෑ විදුහල්පතිනිය සම්බන්ධයෙන් දැඩි පියවරක් ගන්නැයි දෙමව්පිය සංසදය වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති .මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම විදුහලේ පාලක මණ්ඩලයේ සභාපති ධූරයද හොබවයි.ඔහු හෝ මෙම විදුහලට අවධානය යොමු කල යුතුය.මෙහි ළමුන් 100 ක,පමණ අධ්‍යාපනය ලබයි.