දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ වංචා දූෂණ පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂමට කළ පැමිණිළි එහි සේවය කරන වර්ථමාන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් ඔහුගේ පළමු බිරිද හරහා යටපත් කර ඇති බව වාර්ථාවෙි.
ලයින් කාමරයක ඉපිද අදවන විට බිලියනපතියෙකුවී තරුපහේ හෝටල් , නිවාස පහක් , ලීබඩු සාප්පු හතරක් ආදි දේපල අයථා ලෙස උපයා ගත් ආකාරය සමිබන්ධයෙන් මෙම පැමිණිලි අල්ලස් කොම්ෂමට ඉදිරිපත් කර තිබෙි.
අනුරාධපුර බන්ධනාගාරය පිටුපස ස්තුප විස්ටා නැමැති තරු පහේ හෝටලය, අද වන විට දිනකට තිස් පන්දහකමුදලකට දෛනික කාමරයක් අලෙවි කරයි. එය සඳහා කෝටි විස්සක පමණ මුදලක් වැය කර ඇති බව සඳහන් වේ. මෙම හෝටලයේ සෑදීමසඳහා අනුරාධපුර හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු වන මහානාම මහතා විසින් වැඩි දායකත්වයක් සපයා දී ඇත.
ලංකා ටයිල් ආයතනයෙන් සියලුම ටයිල් වර්ග මොහු විසින් අනුරාධපුර ඒවක හිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් මහතාගේ අදාල හෝටලයට රැගෙන ගොස් ඇත.
තවද එම හෝටලේ සියලු පරිපාලන කටයුතු සිදු කර ඇත්තේ ද අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසිනි. අදාළ හෝටලයේ පිරිසිදු කිරීමේ සිට කෑම බීම සකස් කිරීම දක්වා අදාල පරිපාලන කටයුතු හිටපු අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් සිදු කර තිබෙි.
කුලියාපිටියේ හෙට්ටිපොළ පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගොස් දකුණු පස ඇති තට්ටු තුනක ලීබඩු සංකීර්ණය මෙන්ම මාවනැල්ල ,ගාල්ල, මාතර යන සියලුම නගරවල මොහුට අයත් ලීබඩු සාප්පුු ඇත. මෙම ලීබඩු සාප්පු සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වංචනික දැව ජාවාරම්කරුවා විසින් අද වන විටත් දැව භාණ්ඩ සපයයි.
නිවාස පහකට ආසන්න ප්‍රමාණයක් ඇත.
කුරුණෑගල නිවාස දෙකක් සහ කිරිබත්ගොඩ නිවාස සංකීර්ණයේ නිවාසයක් සහ කුලියාපිටියේ නිවාසයක් සහ අනුරාධපුර ප්‍රදේශයේ නිවාස ඇති බව අනාවරණය වී ඇත. මෙම සියලු නිවාස සෑදීම සඳහා පොලිසියේ තනතුර භාවිතා කර ඇත.
වඳුරාගල පන්සල ආසන්නයේ ඇති නිවස වසර කිහිපයක සිට බුද්ධි අංශය සඳහා බදු දී ඇති බවත් මෙයද පොලිස් දෙපාර්තමේන්තුවේ වංචනික ටෙන්ඩර් පටිපාටියකට සිදුව ඇත.
වෛද්‍ය සාපි තිරනාටකය ලියූ මෙම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහින්ද රාජපක්ෂ පාලනය මත යැපුණු බවත් ඉන් අනතුරුව පොලිස්පති වූ දේශපන්දු මහතාගේ හිතවතෙකු ලෙස පෙනී සිට රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ සියලු වංචනික කටයුතු සඳහා සහභාගී වූ අයෙකු ලෙසද ඉන් අනතුරුව ඔහු විශ්ව විද්‍යාලය කැලණියේ සමකාලින වු නිසා අද වන විට බලය පවතින දේශපාලන රාමුවේ යම් ප්‍රබලයන් කිහිප දෙනෙකු ඔහුගේ බහට අවනත කරගෙන සෑම රාත්‍රියකම ඔවුන් අමතා දුරකථනයෙන් සම්බන්ධ වී මේ ආණ්ඩුවට පක්ෂපාති බව පවසමින් ඔහුගේ පසුගිය දූෂිත ක්‍රියා කලාපයන් යටපත් කරගෙන මෙම ආණ්ඩුවේ කාලය ඔහුගේ තනතුරට හානියක් නොවන ආකාරයට වග බලා ගැනීමට ඔහු දක්ෂයෙක් වී ඇත.
පොලිස් ඇමතිවරයාට පවා ඔහු දැනට දක්‍ෂ ලෙස තම තනතුර හසුරවනබව නිරතුරුව පැවසීමට පිරිසක් ඔහු බිහි කරගෙන ඇත.
දැනට අල්ලස් දෙපාර්තමේන්තුවේ නීති අධ්‍යක්ෂකාවක වන ගංගානි
මේ වනවිට පොලිස්පති ධූරය දරන ප්‍රියන්ත වීරසිය මහත්තයාගේ පළමු බිරිඳ වන බවත් ඇය විසින් ප්‍රියන්තොට වීරසූරිය එම තනතුරට ගෙන ඒමට මෙම පක්ෂයට විශාල බලපෑමක් කළ තැනැත්තියකු ලෙසද හඳුනාගෙන ඇති අතර ඇය විසින් අල්ලස් දෙපාර්තමේන්තුවට එන පැමිණිලි පොලිස්පතිවරයා සමග සුහදව සාකච්ඡා කර ඔහුට අවශ්‍ය පැමිණිලි පමණක් ඉහලට යවන බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
දකුණු පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් මහතාගේ දැනට ලැබී ඇති පැමිණිලි ඉවත්කර ඇති බවත් එයට විශේෂ හේතුව වන්නේ රාළහාමි තනතුර දෙදෙනාම එකට පොලිසියට ඇතුළත් වූ විශේෂ සන්ධිස්ථානයක් වන අතර පොලිස් අධිකාරි තනතුරද එකම දුම්රියේ ගොස් කලුතරට පුහුණුව ලද අවස්ථාව දක්වා සිදු කරන ලද අති විශේෂ හිතවතකු ලෙසිනි.
තවද කැලණි විශ්වවිද්‍යාලයේ දිල්රුක් නමැති ලොරි රථ සියය ගණනක් ඇති ධනවත් පුද්ගලයෙකු වන අනුර කුමාර ජනාධිපතිවරයාගේ සමකාලීනයකු සහ වාරියපොළ සුජීව මන්ත්‍රීවරයාගේ සමකාලිනියක වන බැවින් ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් විසින් විශේෂ මෙහෙයුමක්ද අරඹා ඇත.
මෙම පුද්ගලයන් විසින් නිරතුරුවම මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ආරක්‍ෂා කිරීමසඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර වර්තමාන පොලිස්පතිවරයා වැඩ බැලීම සඳහා පත්වන දිනයේ එම ධූරය ගැනීම සඳහා පිටත් පිටත් වන්නේද මෙම යහළුවන් දෙදෙනා එකටය.
අද වන විටත් දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් මහතාගේ දුෂණ හා වංචා සමිබන්ධයෙන් අල්ලස් දූෂණ කොමිෂමට ලැබෙන පැමිණිළි ඉවත දැමිමට පොලිස්පතිවරයා කටයුතු කරන අතර මෙම ආණ්ඩුවේ කාලය ඉවර වන තෙක් රැකවල් රැගෙන සිටීමට මොහු දක්ෂයෙක් වී ඇත.
වෛද්‍ය සාපි තිර නාටකයේ සිට මහින්ද රාජපක්ෂ කල්ලිය සමග එකතුවී විශාල වංචා දූෂණ ප්‍රමාණයකට සහභාගි වී ඇති මෙම දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කිසිරි ජයලත් මහතා පිළිබඳ කිසිම විමර්ශනයක් සිදු නොවීම විමතියකට පත්වන කරුණක් බවත් මෙම ආණ්ඩුව පත්කිරීමට ඡන්දය ලබා දුන් ජනතාව මෙවන් දූෂිතයන් රැකීම සඳහා මෙම ආණ්ඩුව පත්කර නොමැතිි බවත් ඔබ සදහන් වෙි.
මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් නොකළහොත් ඉදිරියට පැමිණ මෙම වංචා දෝෂණ හෙළි කිරීම සඳහා ඉදිරිපත් වන බවද ආණ්ඩුව අපහසුතාවයකට පත් නොකර මෙම පුද්ගලයා ගැන පරීක්ෂණ කටයුතු කළ යුතුය.
වර්ථමාන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා වැඩ භාරගත් දිනයේ සදහන් කල පොලිසිය ක්ළින් කිරිම ආරම්භ කරන බව සදහන් කළ අතර හැකි නම් එය සිය මිතුරා වන කිත්සිරිගෙන් පටන් ගෙන නීතීය කාටත් එක ආදාර්ශය පෙන්වන් විය හැකිය.
( විද්‍යුත් තෑපෑලට ලැබුණු ලිපියකින් සකස් කර ඇත)

